IMG-LOGO

2025 මැයි මස 03 වන සෙනසුරාදා


අපේ පොළොවේ නාය යන තැන්

 

අධික වර්ෂාවත් සමග සුළං හැමීම නිසා විශාල ගස් කඩා වැටීම, පස් කඳු නාය යාම සාමාන්‍යයෙන් සිදුවන සුලබ දසුන්ය. එහෙත් කඳුකර ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් බියට පත් වන්නේ ඒ අන් කිසිවක් නිසා නොව තම ගෙවල් දොරවල් සමග ගම් බිම් කුමන මොහොතක හෝ නාය යයි දැයි නොදන්නා බැවිනි. ඇත්තෙන් ම සෑම කඳුකර ප්‍රදේශයක්ම නාය යනවාද, එසේ නම් ඊට බලපාන හේතු සහ නාය යන දිස්ත්‍රික්ක මොනවාද යන්න ගැන දැන ගැනීම කාලීන අවශ්‍යතාවකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඒ සම්බන්ධයෙන් දක්වන අදහස් මෙහි පළවේ.  


සාමාන්‍යයෙන් නාය යම යනුවෙන් හඳුන්වන්නේ පස් තට්ටුවක් එක තැනක සිට තවත් තැනකට සෝදා ගෙන යාම වන අතර ඊට බලපාන ප්‍රධාන හේතු හතරක් තිබේ. එනම් බෑවුමක් පිහිටා තිබීම, නාය යාමට තරම් ඝනකම් පස් තට්ටුවක් පිහිටා තිබීම, පස් ලිස්සා යාමට අවශ්‍ය ලිහිසුම් කාරකයක් නැතිනම් ජලය තිබීම, පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් පාෂාණය රළු නොවීම ආදියයි.  

 

පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත. නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.  

 


කෙ​සේ වෙතත්, පොළොවේ පස මතුපිට සිට යටට යන විට එහි අවසානයට සෑම තැනකදීම ගල හමු වෙනවා ඇත. එය සමහර තැන්වල දී බොහෝ ගැඹුරෙන් ද තවත් සමහර තැන්වල දී උඩින් නැතිනම් පොළොව මතුපිට ට ආසන්නයෙන් අඩි කිහිපයක් ගැඹුරින් ද පිහිටා තිබිය හැකිය. ගල පොළොවේ මතු වී තිබෙන තැන් ද නැතුවාම නොවේ. ඒ ආකාරයෙන් පිහිටා තිබෙන පස් තට්ටුවේ බර වර්ෂාව සමග වැඩි වෙන විට එක්තරා අවස්ථාවක දී ලිස්සා යයි. ඊට හේතු වන්නේ පාෂාණය (ගල) මතුපිට පස් තට්ටුව අල්ලා ගැනීමට තරම් ප්‍රතිරෝධී ඝර්ෂණයක් නොතිබීමය. නැතිනම් පාෂාණය බැඳුණු පසක් නොතිබීමයි. ඒ ආකාරයේ පාෂාණය හා බැඳුණු පස් තට්ටුවක් පිහිටා තිබේ නම් පහළට රූටා යන්නේ නැත. ඒ තත්ත්වයන් නැති පස් තට්ටු රූටා යාම, නාය යාම වශයෙන් හැඳින්වේ.  

 


මේ ආකාරයෙන් නාය යන්නේ, බෑවුම් සහිත තෙත් කලාප හා කඳුකර ප්‍රදේශ පමණකි. වියළි කලාපයේ පිහිටා ඇති එවන් කඳුකර ප්‍රදේශ නාය යන්නේ නැත. ඊට හේතුව වන්නේ නාය යාමට තරම් අවශ්‍ය වර්ෂාපතනයක් එම ප්‍රදේශවලට නොලැබීමය.  


ඒ අනුව තෙත් කලාප කඳුකර ප්‍රදේශයේ පිහිටි නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්කවල ප්‍රධාන වශයෙන් නාය යාම සිදු වේ.  


කෙසේ වෙතත් මෙම දිස්ත්‍රික්කවල පිහිටි සෑම ප්‍රදේශයක්ම වර්ෂාවකට නාය යන්නේ නැත. ඊට හේතුව නම් පාෂාණ මත තිබෙන පස් තට්ටුව අතර තද වෙනසක් දක්නට නොමැති වීමයි. එනම් පාෂාණ තට්ටුව මත පස් තට්ටුව වෙනම පිහිටා නොතිබීමය. මේ දෙක අතර ලොකු බැදීමක් ඇත. එය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පාෂාණ තට්ටුව ක්‍රම ක්‍රමයෙන් දිරා ගොස් පස් බවට පත් වී තිබෙන තැන්වල සම්බන්ධයක් දක්නට තිබේ නම් එවන් තැන් නාය යන්නේ නැත.  
නාය යාම සිදුවන්නේ නොකඩවා ලැබෙන වර්ෂාව නිසා පස් තට්ටුව ජලයෙන් සංතෘප්ත වී පස් තට්ටුව හා ගල අතරින් පහළට ජලය ගලා ගෙන යාමේ දී ගල උඩ ඇති පස් දිය වී මැටි වැනි දියරමය තත්ත්වයකට පත්වීමෙන් පස් තට්ටුව පහළට ලිස්සා යාමෙනි.  


නාය යන භූමි සිතියම් ගත කිරීමේ ව්‍යාපෘතියක් 1984 දී එක්සත් ජාතීන්ගේ ආධාර ඇතිව ආරම්භ කරන ලදි. ඒ අනුව නුවරඑළිය, මහනුවර, කෑගල්ල, බදුල්ල, මාතලේ, රත්නපුර, මාතර යන දිස්ත්‍රික්ක, දිස්ත්‍රික් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සහ ග්‍රාම නිලධාරී ප්‍රදේශ මට්ටමින් නාය අවදානම් කලාප හඳුනා ගෙන සිතියම් ගත කර ඇත.  

 


එම වස​රේ සිට කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් දවසට මිලිමීටර් සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබුණ ප්‍රදේශ නාය ගොස් ඇති බවට සොයා ගන්නා ලදී. ඒ අනුව අවදානම් කලාප වශයෙන් හඳුනාගත් ඉහත ප්‍රදේශවලට මි.මී. සීයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබෙනවා යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කල් ඇතිව දැනුම් දුන්නොත් එම ප්‍රදේශ නාය යාමේ අවදානමක් පවතින බැවින් එහි ජීවත්වන ජනතාව ඉවත් විය යුතු බවට නිවේදනයක් නිකුත් කරනු ලබයි. 

 
ඒ අනුව සෑම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයකම ආපදා කළමනාකරණ කාර්යාල පිහිටා ඇති අතර පොලිසිය සමග සම්බන්ධ වී ශබ්ද විකාශන යන්ත්‍ර මගින් වර්ෂාව පවතින කාලයට නාය යන ප්‍රදේශවල ජනතාව දැනුම්වත් කරනු ලැබේ. ඊට අමතරව ගුවන් විදුලිය, පුවත්පත් හා රූපවාහිනී නාලිකා මගින් ද එය විකාශනය කෙරේ.  


එසේ වුවත් පසුගිය කාලයේ නාය යාම හේතුවෙන් මිනිසුන් මිය ගිය ප්‍රදේශ ගැන අධ්‍යයනය කිරීමේ දී පෙනී යන්නේ, රජය සහ අවශ්‍ය ආයතන, නිලධාරීන් ජනතාව දැනුම්වත් කළ ද ඔවුන් ගේ නොසැළකිලිමත්කම නිසා අනතුරු ළඟා කර ගත් බවය. මේ නිසා විශේෂයෙන්ම ඉහත සඳහන් දිස්ත්‍රික්කයන්හි කඳුකර ප්‍රදේශවල ජනතාව වර්ෂා කාලයට රජයෙන් ලබා දෙන නිවේදන කෙරෙහි සැලකිල්ලෙන් අවධානය යොමු කරන ලෙස අවධානය කෙරේ.  


බෑවුම්වල නිවෙස් සෑදී​මේදී ඉංජිනේරු සහ භූ විද්‍යාත්මක දත්ත සළකා බලා විශේෂිත වූ ආකාරයට අත්තිවාරම් දැමිය යුතුය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ භූ විද්‍යාඥයින් ගේ අවසරය ඒ සඳහා අනිවාර්ය වේ. එහෙත් වසර විස්සකට වඩා පැරණි නිවාසවල ප්‍රමිතිය පිළිබඳව ප්‍රශ්නයක් ඇත්නම් හෝ තම, නිවාසයේ පාදම ගැන සැකයක් ඇති වී තිබේ නම්, අදාළ ආයතනවලට දැනුම් දී ඔවුන් ගේ සහාය ලබා ගැනීමට කටයුතු කරන්න. නාය නොයන බෑවුමක නිවෙස් සාදා ජීවත් වන ජනතාවට ද මෙය අදාළ වේ.  


වර්තමානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට නිවැරදිව අනාවැකි කීමට අවශ්‍ය තාක්ෂණය ලබා දී ඇත. ඒ නිසා ඔවුන් වර්ෂා කාලයට නිකුත් කරන නිවේදන ගැන අවධානය යොමු කරන්නේ නම් මිනිස් ජීවිතවලට වන හානිය අවම කර ගත හැකිය.  

 

 

 

සටහන - සිසිර කුමාර බණ්ඩාර



අදහස් (0)

අපේ පොළොවේ නාය යන තැන්

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 180ක හිඟයක්
2025 අප්‍රේල් මස 26 39 0

මෙරට රෝහල් පද්ධතියේ මූලික ඖෂධ, ප්‍රතිජීවක ඖෂධ, හෘද රෝගීන්ට ලබාදෙන ඖෂධ, අධි රුධිර පීඩනය සහිත රෝගීන්ට ලබා දෙන ඖෂධ, ඇදුම රෝගීන් සහ දියවැඩියා රෝගීන්ට ලබාදෙන


අයි.එම්.එෆ්. එකඟතාව අනුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 344ක්
2025 අප්‍රේල් මස 26 34 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ ශ්‍රී ලංකා බලධාරීන් අතරේ, ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක් ඇති ගත් බව


මන්නාරම පෞරාණික ගල් පුවරුවේ අකුරු මැකිලා
2025 අප්‍රේල් මස 26 37 0

මන්නාරම මුරුකන් රෝහල් භූමියේ ඇති ක්‍රිස්තු වර්ෂ 2 සහ 3 සියවස්වලට අයත් යයි සැලකෙන අපර බ්‍රාහ්මීය පුවරු ලිපිය රෝහල් සේවකයන් කාලයක් තිස්සේ අසුන් ගැනීමට භ


දළදා ප්‍රදර්ශනය පැවති මුල් දින අටේදී මහනුවර නගරයේ අපද්‍රව්‍ය ටොන් 300ක්
2025 අප්‍රේල් මස 26 25 0

මහනුවර දළදා වන්දනාව පැවති පළමු දින 08 දී පමණක් ප්ලාස්ටික් ඇතුළු අනෙකුත් අපද්‍රව්‍ය ටොන් 300ක ප්‍රමාණයක් ගොහාගොඩ කසළ අංගණයට බැහැර කළ බව මහනුවර මහ නගර සභාව


දළදා දැක්ම දීර්ඝ නොකෙරේ
2025 අප්‍රේල් මස 26 47 0


කෝප් කමිටුවෙන් දුෂිතයන්ට නඩු, කමිටුවට වෙනම නීති නිලධාරියෙක්
2025 අප්‍රේල් මස 26 46 0

රාජ්‍ය ආයතනවල දූෂිතයන්ට එරෙහිව නඩු පැවරීමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත. එහි පළමු පියවර ලෙස ජාතික ඖෂධ නියාමන


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 556 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 150 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1169 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site