IMG-LOGO

2025 ජුනි මස 24 වන අඟහරුවාදා


RTI කොමිෂන් සභාව ශක්තිමත් කරන්න - මාධ්‍ය සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිසම  අඛණ්ඩව පවත්වාගෙන යෑමේදී ඇතිවී තිබෙන ගැටලු විසඳීම සඳහා වහාම පියවර ගන්නා මෙන් ජනමාධ්‍ය සංවිධාන ගණනාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත හදිසි ලිපියක් යවා ඇත. 

RTI කොමිෂන් සභාව....
ශ්‍රී ලංකා  පුවත්පත් ආයතනය, එහි සංවිධාන වන ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා පුවත්පත් ප්‍රකාශකයන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිතිය සන්ධානය සහ එයට අනුබද්ධ ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය, දෙමළ මාධ්‍ය සන්ධානය සහ දකුණු ආසියානු මාධ්‍ය සන්ධානය විසින් මේ ඉල්ලීම කර තිබේ. 

2025 ජුනි 18 දිනැති මෙම ලිපියෙන් අවධාරණය කරන්නේ, 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත ශ්‍රී ලංකාවේ විනිවිදභාවය සහ වගවීම සාක්ෂාත් කර ගැනීම, පුරවැසියන් බලගැන්වීම සහ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් පෝෂණය කිරීම සඳහා ඉතාමත් තීරණාත්මක යාන්ත්‍රණයක් ලෙස පවතින අතර මහ ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා ශක්තිමත් තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවක් අත්‍යවශ්‍ය වන බවය. තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ශක්තිමත් කොමිෂන් සභාවක් නොමැති නම් ජනතාවට හිමි මෙම අයිතිය ආරක්ෂා කළ නොහැකි බවද එය දූෂණය හෙළිදරව් කිරීම හා අසාධාරණයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලාංකිකයන් විසින් සාර්ථකව ගෙන ගිය වැඩ පිළිවෙළක් අඩාළ වීමක් බවද එම සංවිධාන අවධාරණය කරයි. 

මේ ඉල්ලීම ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමේ ප්‍රධාන හේතුව වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ කොමිෂන් සභාවේ  ධුරය හිස් වීමය. 2025 මාර්තු 4 දින හිටපු සභාපතිවරයා ඉල්ලා අස්වීමත් එම තනතුර තවමත් පුරවා නැත. මෙම නායකත්ව හිඟය නිසා කොමිෂන් සභාවට තම මෙහෙයුම් සාමාන්‍ය ලෙස සිදු කිරීමටත්, කාලෝචිත තීරණ ගැනීමටත් දැඩිව බාධා වන අතර, එය සභාවේ කාර්යක්ෂමතාවට බාධාවක් වී ඇතැයි ජනමාධ්‍ය සංවිධාන අවධාරණය කරයි. 

මෙයට අමතරව, සභාව විසින් දැඩි අභියෝගයන්ට මුහුණ දී ඇති තවත් තත්ත්වයක් වන්නේ නීතිමය කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා රජය විසින් අවශ්‍ය අනුමැතිය ප්‍රමාද කිරීම බවද මාධ්‍ය සංවිධාන පවසයි. මේ වන විට, විශාල පරිමාණයේ අභියාචනා භාරගනිමින් සිටින කොමිෂන් සභාව, එක් නීති නිලධාරියෙකු මත පමණක් යැපෙමින් පවතී. එම නිසා එහි කටයුතුවල දැඩි ප්‍රමාදයක් ද සිදු වී ඇත. මෙම ප්‍රමාදය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස කොමිෂන් සභාව 2024 මුල සිට ජනාධිපති ලේකම් කාර්යාලයටත්, අනෙකුත් අදාළ රාජ්‍ය ආයතන වෙතත් දන්වා යවා ඇත.ජනමාධ්‍ය සංවිධාන මෙසේද පවසයි.

“මෙම තත්ත්වය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතේ ස්වෛරී ආයතනික හැකියාව සහතික කරන ප්‍රධාන විධිවිධාන නොසලකා හැරීමක් ලෙස සැලකිය හැක. විශේෂයෙන්ම, මුදල් අමාත්‍යවරයා සමඟ සෘජුව සාකච්ඡා කරමින් තමන්ගේම කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට සභාවට බලය ලබාදෙන 13 වැනි වගන්තිය අනුව, වෙනත් කිසිදු අමාත්‍යාංශයකට මැදිහත්විය නොහැක. එමෙන්ම, 16 වැනි වගන්තිය මගින් සභාව නිදහස් අරමුදලක් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටින අතර එයට අවශ්‍ය අය වැය මුදල් නිකුත් කළ යුතුය. කෙසේ වෙතත්, ජාතික අයවැයෙන් නිදහස් මූල්‍ය කොටසක් නොමැති වීම නිසා එයද බාධා වී ඇත. එබැවින්, අවශ්‍ය මානව සම්පත් ව්‍යුහය ගොඩනඟා ගැනීමට කොමිෂන් සභාවට ඇති හැකියාව දැඩි ලෙස සීමා වී ඇත.එහි ප්‍රතිඵලයක් ලෙස කොමිෂන් සභාව ස්ථාපිත කර වසර 9 කට පසුව එය දැඩි ආයතනික අක්‍රියතාවකට ඇද දමා ඇත.

එබැවින් මාධ්‍ය සංවිධාන අවධාරණය කරන්නේ මෙම දුර්වලතා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත් කෙටුම්පතේ මුලික අරමුණ බිඳ හෙළා ඇති බවය. ඒ මගින් ජනතාවට කාලෝචිත සහ නිවැරදි තොරතුරු ලබාගැනීමේ හැකියාවද අපහසු කර ඇත. කොමිසම තුළ ඇති මෙම තීරණාත්මක පුරප්පාඩුව පිරවීම සඳහා සභාපතිවරයෙකු පත් කිරීම කඩිනම් කළ යුතුය. ඒ සමඟම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනතේ 13 සහ 16 වගන්ති සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට වහාම පියවර ගත යුතුය. එමඟින් අවශ්‍ය කාර්ය මණ්ඩලය කඩිනමින් බඳවා ගැනීමට සහ මෙම වැදගත් පාලන අධීක්ෂණ ආයතනයක, ආයතනික ධාරිතාව බල ගැන්වීමට අවශ්‍ය පියවර ගත යුතුය.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව ශක්තිමත් කිරීම යනු හුදෙක් පරිපාලන අවශ්‍යතාවක් නොව, එය ශ්‍රී ලංකාවේ යහපාලනය, විනිවිදභාවය ප්‍රවර්ධනය කිරීමසහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ගැඹුරු කිරීම පිළිබඳ ඔබගේ කැපවීම යථාර්ථයක් කිරීම සඳහා මූලික පියවරකි.”

 

 

 



අදහස් (0)

RTI කොමිෂන් සභාව ශක්තිමත් කරන්න - මාධ්‍ය සංවිධාන ජනාධිපතිගෙන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 60 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2188 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 679 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site