IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


සංස්ථා - මණ්ඩල රැසක මුල්පුටු ඉවතට

අජන්ත කුමාර අගලකඩ   

රජයේ සංස්ථා මණ්ඩල රැසක ප්‍රධානීන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉවත්වන ලෙස දැනුම් දී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


එම තනතුරුවලට ඉදිරියේ දී අලුතින් පිරිසක් පත් කිරීම සඳහා ඔවුන්ට මෙලෙස ඉවත්වන ලෙස දැනුම් දී ඇති බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.  

රජයේ ආයතන ගණනාවක මුල් පුටු දැනටමත් වෙනස් කර ඇති අතර, ලබන සතියේ දී තවත් වෙනස්වීම් රැසක් සිදුවීමට නියමිතව ඇති බව දැන ගන්නට ඇත.   


මේ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයට එහි හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන නාලක කලුවැව මහතා නැවත පත් කිරීමට නියමිතය.   


එම ධුරයේ දැනට කටයුතු කරන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී මොහාන් සමරනායක මහතා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ උපදේශකවරයකු වශයෙන් පත් කෙරෙනු ඇති බව ද දැන ගන්නට ඇත.   
රජයේ රූපවාහිනී ආයතන දෙක සඳහා ද අලුතින් සභාපතිවරුන් පත්කර ඇති අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙස හිටපු අමාත්‍යංශ ලේකම්වරයකු වන ඩබ්ලිව්. බී. ගනේගල මහතා ද ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපතිවරයා ලෙස නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා ද පත් කරනු ලැබ ඇත.   
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංගම ඇතුළු ආයතන කිහිපයක ද ඉහළ පුටු රැසක වෙනස්වීම් සිදුවීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ.   


මේ ආකාරයට අනෙකුත් රාජ්‍ය ආයතනවලට ද ඉදිරි කාලයේ දී අලුතින් ප්‍රධානීන් පත් කිරීමට නියමිත බව දැන ගන්නට ඇත. 

 



අදහස් (0)

සංස්ථා - මණ්ඩල රැසක මුල්පුටු ඉවතට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site