කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය බදාදා (10) පැවැති ‘‘විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන -2018’’ උළෙලේදී මෙරට ප්‍රධාන පෙළේ ජාතික පුවත්පත් ගණනාවක කතුවරුන් සඳහා නිසි ආසන පැනවීමක් සිදුවී නොතිබුණි.
මෙම සම්මාන උළෙලට සහභාගි වූ විජය පුවත්පත් සමාගමේ කතුවරුන් සඳහා ආසන වෙන් කර තිබුණේ සම්මන්ත්‍රණශාලාවේ බැල්කනියේය. එය උත්සවයට සහභාගි වන සාමාන්‍ය පුද්ගලයන් සඳහා ආසන වෙන්කරනු ලබන ස්ථානයයි. ආරාධනා පත්‍රයට අනුව බැල්කනියට යන ලෙස එහි සිටි මග පෙන්වන්නන් ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ පිළිබඳව විමසීමට සංවිධායකවරුන් කිසිවෙක් ද නොසිටියහ. මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ ජනමාධ්‍ය අමාත්‍යංශය මගිනි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මාන උළෙල පැවැත්වුණි.
මෙහිදී කර්තෘවරුන් හඳුනා නොගෙන ආසන වෙන්කර තිබූ බවක් දක්නට ලැබුණි. මෙවැනි උත්සවවලට මාධ්‍ය ප්‍රධානීන්ට ආරාධනා කිරීමේ දී ඉදිරිපෙළ විශේෂ ආසන වෙන් කිරීම සාමාන්‍යයෙන් සිදුවන ක්‍රමවේදයයි.
කර්තෘවරුන්ට බැල්කනියේ ආසන වෙන්කර තිබීම පිළිබඳව එහිදී කරන ලද විමසීමට පැහැදිලි පිළිතුරක් නොවූ නිසා මෙම කර්තෘවරුන් සම්මාන උළෙල වර්ජනය කර ආපසු පැමිණ ඇත. ආරාධනා ලැබ උත්සවයට පැමිණි ජාතික පුවත්පත්වල කර්තෘවරුන් පිරිසකට සුදුසු පරිදි ආසන නොපැනවීම ගැන පරීක්ෂණයක් පැවැත්වීමට ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා තීරණය කර ඇත.
මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම උත්සවයේදී පැවසූවේ කර්තෘවරුන් සඳහා ආසන පැනවීමේදී සිදුවී ඇති අඩුපාඩුව ගැන තම කනගාටුව පළ කරන බවය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
විශිෂ්ට මාධ්‍ය සංස්කෘතියක් උදෙසා අශිෂ්ට සැලකීම