ඉන්දික හේවාවිතාරණ
වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පසුගිය වසරේ වෙසක් සමයේ දී 7000කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී තිබූ බවත් පසුගිය වසරට සාපේක්ෂව මෙවර දන්සල් ලියාපදිංචි කිරීමේ අඩුවක් පෙන්නුම් කරන බවත් එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේය.
සියලුම දන්සල් පරීක්ෂා කිරීමට ලක්කරන නිසා පැවැත්වෙන දන්සල් පිළිබඳ විස්තරය ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අදාළ සංවිධායකවරුන් විසින් ලබා දිය යුතු බවද හෙතෙම පවසා සිටියේය. සංවිධායකවරුන් විසින් සකස් කර ගත් ලිපියක් මගින් හෝ අදාළ කාර්යාලවල තිබෙන අයදුම්පතක් සම්පූර්ණ කිරීමෙන් අදාළ තොරතුරු ලබා දිය හැකි බවද ඔහු පැවසීය.
දන්සල් පරීක්ෂා කිරීමේ කටයුතු හා වෙසක් කලාප හා උත්සව පැවැත්වෙන ප්‍රදේශවල ආහාර පාන අලෙවි සැල් පරීක්ෂා කිරීමේ කටයුතු සඳහා මහජන පරීක්ෂකවරුන් 2000කට ආසන්න ප්‍රමාණයක් යෙදවීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
දන්සලක් ලබා දීමට ලියාපදිංචි වූ විට අදාළ දන්සල සෞඛ්‍ය ආරක්ෂිතව පවත්වන ආකාරය පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තාක්ෂණික උපදෙස් ලබාදීම සිදුකරන බවද ඔහු පැවසීය. මේ නිසා දන්සලක් ලබා දෙන දිනට දින දෙක තුනකටවත් පෙර ලියාපදිංචිය ලබා ගැනීම වැදගත් බවත් දැනට ලියාපදිංචි වී තිබෙන දන්සල්වලින් දෙසීයක් කොළඹ මහනගරසභා බල ප්‍රදේශයට අයත් බවත් සඳහන් කළේය.
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව
විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්
මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
වෙසක් දන්සල් 2000ක් ලියාපදිංචි කරලා - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය