IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


මුං ඇට ආනයනය නිසා ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට

ඉන්දික හේවාවිතාරණ
පසුගිය කාලයේදී විදේශ රටවලින් අධික ලෙස මුං ඇට ගෙන්වීම නිසා මෙවර යල කන්නයේ අස්වනු සඳහා ගොවීන්ට නිසි මිලක් නොලැබෙන බව ගොවි සංවිධාන සඳහන් කරයි. යල කන්නයේදී වැඩි වශයෙන්ම මුං ඇට වගා කර තිබෙන්නේ රාජංගණය කලාපයේ හා තණමල්විල ප්‍රදේශවලය. 

ප්‍රදේශ රැසක කුඹුරුවල ද මුං ඇට වගා කර තිබේ.
 මේ වන විට මුං ඇට කිලෝවක ගැනුම් මිල රු. 275-300 අතර පවතින බවත්, මුං ඇට කිලෝවක් නිෂ්පාදනය කර ගැනීම සඳහා ගොවීන්ට රු. 275-300 අතර මුදලක් වැය වෙන බවත් ගොවි සංවිධාන සඳහන් කරයි.
 යල කන්නයේදී කුඹුරුවල අතිරේක වගාවක් ලෙස මුං ඇට විශාල ලෙස වගා කිරීම සිදුකෙරුණ ද අස්වැන්න නෙළන කාලයේදී මුං ඇට තොග සැලකිය යුතු ප්‍රමාණයක් විදේශ රටවලින් ආනයනය කෙරේ.
 එම මුං ඇට කිලෝවක් රු. 800 ඉක්ම වූ මුදලකට අලෙවි කරමින් තිබෙන නිසා රජය මැදිහත් වී සාධාරණ මිලකට ගොවීන්ගෙන් මුං ඇට මිලදී ගෙන සතොස හරහා ජනතාවට සාධාරණ මිලකට අලෙවි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවද ගොවි සංවිධාන සඳහන් කරයි.
 මෙරට මුං ඇට අවශ්‍යතාවෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් විදේශ රටවලින් ගෙන්වන හෙයින් දේශීය ගොවීන් දිරිමත් කර රටට අවශ්‍ය මුං ඇට මෙරට නිෂ්පාදනය කර ගැනීමේ වැඩපිළිවෙළක් සකස් විය යුතු බවද පෙන්වා දෙයි.

 



අදහස් (0)

මුං ඇට ආනයනය නිසා ගොවීන්ගේ අස්වනු කුණු කොල්ලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 492 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site