IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


මැතිවරණ වියදම් සීමාව ඉක්මවා කටයුතු කළ අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර

 


ඉන්දික හේවාවිතාරණ



ජනාධිපතිවරණයේ දී මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ප්‍රකාශයට පත්කර ඇති මුදලට වඩා වියදම් කර ඇති අපේක්ෂකයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන් කිහිප දෙනෙකු සැලකීමේ දී මැතිවරණ කටයුතු සඳහා රුපියල් කෝටි දෙසීයකට ආසන්න මුදලක් වැය කළ අපේක්ෂකයන් සිටින බවට නිරීක්ෂණය වන්නේ යැයි පැෆ්රල් සංවිධානය ඇතුළු මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතට අනුව මෙවර එක් අපේක්ෂකයෙකුට වියදම් කළ හැකිව තිබෙන්නේ එකසිය අසූ හයකෝටි  අසූ දෙලක්ෂ අනූඅටදහස්  පන්සිය අසූහයක (1.868.298.586.00) මුදලක් බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේය. 

එනම් එක් අපේක්ෂකයෙකුට ඡන්ද දායකයෙකු වෙනුවෙන් වියදම් කළ හැකිවන්නේ රුපියල් 109කි. නිරීක්ෂණ සංවිධාන හතරක් විසින් නිරීක්ෂකයන් 300ක පමණ පිරිසක් යොදාගෙන වියදම් කළ මුදල් පිළිබඳව සොයා බැලීම සිදු කර ඇත.

මේ අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින්, සමාජ මාධ්‍ය, මුද්‍රිත මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය හා වෙනත් ආකාරයේ ප්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබඳව වාර්තා සකස් කරමින් තිබෙන බවද මංජුල ගජනායක සඳහන් කළේය.

මැතිවරණ ප්‍රචාරක  වියදම් ඇතුළත් වාර්තාව ප්‍රතිඑල නිකුත් කර දින 21 ක කාලයක දී මැතිවරණ කොමිසමට භාර දීමට අපේක්ෂකයන් කටයුතු කළ යුතු බව ද පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

අදාළ වාර්තා ලබාදුන් පසු ඒවා ලබාගෙන නිරීක්ෂණ සංවිධාන විසින් එක් රැස් කර ගන්නා තොරතුරු සමග සංසන්දය කිරීමක් සිදුකරන බවද එම ආයතනයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටි ආරච්චි මහතා සඳහන් කළේය. නීතිමය පියවර ගැනීමට යන්නේ ඉන් පසුව බව ඔහු පැවසීය.

2015 හා 2019 වසරවල පැවති ජනාධිපතිවරණ සමග සංසන්දනය කිරීමෙහි දී මෙවර මැතිවරණයේ ප්‍රචාරක කටයුතු සිදු කළ කාලය සමකාමීව පැවැති බව ද හෙතෙම සඳහන් කළේය.

යම් යම් සිද්ධින් වාර්තා වුවත් මැතිවරණ කටයුතුවලට බාධාවන ආකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවු බව ද, එය හොඳ තත්වයක් බව ද ඒ මහතා පැවසීය.

 



අදහස් (0)

මැතිවරණ වියදම් සීමාව ඉක්මවා කටයුතු කළ අපේක්ෂකයන්ට එරෙහිව නීතිමය පියවර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 468 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 465 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site