IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


ජනාධිපති කිව්වොත් අල්ලස් ප්‍රධානියාගෙන් කරුණු අහන්න කොමිසමට පුළුවන් - නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

උපුල් වික්‍රමසිංහ

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්, හිටපු මහාධිකරණ විනිසුරු රංග දිසානායක එම තනතුරට පත්වීමට අදාළ නුසුදුසුකම් වලින් එකක් හෝ කිහිපයකින් යුක්ත නම් හෝ ඔහුගේ හැසිරීම කොමිෂන් සභාවේ බලතල හා කාර්යයන්ට අහිතකර ලෙස බලපාන්නේ නම් කොමිසම සමග සාකච්ඡා කර ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසන ලෙස කොමිසමට දැනුම් දීමට ජනාධිපතිවරයාට බලය ඇති බව මහාචාර්ය නීතිඥ ප්‍රතිභා මහානාම හේවා පවසයි.

ඒ අනුව දූෂණ විරෝධී පනතෙහි 19 (2) වගන්තියෙහි අදාළ නුසුදුසුකම් දක්වා ඇති බව ද ඒ මත පදනම්ව කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන එවැනි මූලික කරුණු විමසීමක දී අධ්‍යක්ෂ ජනරාල්වරයාට පෞද්ගලිකව හෝ නියෝජිතයකු හෝ මාර්ගයෙන් කරුණු කීමේ අවස්ථාව ඇති බව ද හෙතෙම කීවේ ය. 

දූෂණ විරෝධී පනතේ සඳහන් නුසුදුසුකම් හෝ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හැසිරීම සම්බන්ධ කාරණා මත අදාළ ධුරය දරන්නා ඉවත් කිරීමට නම් එම පනතෙහි 21 වගන්තිය ප්‍රකාරව ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතිය අවශ්‍ය බව ද නීතිඥවරයා පැහැදිලි කළේ ය.

අදාළ පත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිවරයා විසින් කරන ලද්දක් බැවින් ඒ සම්බන්ධයෙන් යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මැදිහත්වීමක් කළ නොහැකි බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන ඔහුගේ නුසුදුසුකම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටුවක් මගින් විමර්ශනය කිරීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බවත් මහාචාර්යවරයා ඉරිදා ලංකාදීපයට කීවේ ය.

පනතේ 17 (1) වගන්තියෙහි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පත්වීමට අදාළ විධිවිධාන දැක්වෙන බව ද එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් නිර්දේශිත නාමයෝජනා අතරින් සුදුස්සකු තනතුරට පත්කිරීමේ දී ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ සෙසු කොමසාරිස්වරුන්ගේ අදහස් ද විමසා එම පත් කිරීම සිදු කරන බව ද කී හෙතෙම 17 (2) වගන්තිය ප්‍රකාරව පත්වීම ලබන්නා ඔහුගේ බැඳියාවන් පොදු වශයෙන් හෙළිදරව් කළ යුතු බවත් සෘජු හෝ වක්‍ර කිසිදු බැඳියාවක් අදාළ තැනැත්තාට නොතිබිය යුතු බවත් කීවේ ය.

දකුණු ආසියාවේ හෝ වෙනත් ඕනෑම රටක අල්ලස් කොමිෂන් සභාවලට සම්බන්ධ අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට බලය නොමැති බවත් ඊට හේතුව එම තනතුරුවල ස්වාධීනත්වය තහවුරු කිරීම බවත් නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

දූෂණ විරෝධී පනත යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අධ්‍යක්ෂ ජනරාල්වරයකු පත් කළ පසු 12 (1) වගන්තිය යටතේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බව පවසමින් එම පත්වීම අභියෝගයට ලක් කළ හැකි බව කී මහාචාර්යවරයා මින් පෙර කොමිසමේ අධ්‍යක්ෂවරයකු වශයෙන් පත් කරනු ලැබූ විජයරත්න නමැත්තාගේ එම පත්වීම ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් මගින් අභියෝගයට ලක් කරනු ලැබූ බවත් එය විභාගයට ගැනීමට පෙර විජයරත්න නමැත්තා ධුරයෙන් ඉල්ලා අස් වූ බවත් පැවසීය.

වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක එම ධුරයට පත් කළ පසු එම පත්වීම ද මහජන සුබසාධක නඩුකර යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ ද පසුව පෙත්සම්කාර පාර්ශ්වය විසින් ම එය ඉල්ලා අස්කර ගනු ලැබූ බව ද හෙතෙම වැඩිදුරටත් සිහිපත් කළේ ය.

 



අදහස් (0)

ජනාධිපති කිව්වොත් අල්ලස් ප්‍රධානියාගෙන් කරුණු අහන්න කොමිසමට පුළුවන් - නීතිඥ ප්‍රතිභා මහානාම හේවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 792 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 919 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site