IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


කියන තරම් ණය කැපෙයිද?

  • 30% ඉක්මවූ ණය කප්පාදුවක් අපේක්ෂා කළ නොහැකියි
  • ආසියාවට මෙතෙක් ලැබී ඇති උපරිම කප්පාදුවත් 32% යි 

- මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ

උපුල් වික්‍රමසිංහ
1978 සිට 2010 දක්වා ආසියානු කලාපයේ රටවල් සඳහා සිදු කරන ලද ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණවලදී ලබා දී ඇති ණය කප්පාදුවල (Haircuts) සාමාන්‍ය අගය 32% ක් නොඉක්මවූ බව ආර්ථික පර්‌යේෂණ ජාතික කාර්යාංශය මගින් විවිධ රටවල ණය ප්‍රතිව්‍යුහගතකරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති වාර්තාවකින් හෙළි වන බවත්, එබැවින් ශ්‍රී ලංකාවේ බැඳුම්කර ණය (ISB) ප්‍රතිව්‍යුහගතකරණයේදී 30% ඉක්මවූ ණය කප්පාදුවක් අපේක්ෂා කළ නොහැකි බවත්, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා ‘ඉරිදා ලංකාදීප’යට පැවසීය. 

අදාළ වාර්තාවට අනුව, සලකා බලන ලද කාලයේදී ලතින් ඇමෙරිකානු කලාපය සඳහා සියයට 31 කත්, අප්‍රිකානු කලාපයේ රටවල් සඳහා සියයට 47 කත් ණය කප්පාදු ලබා දී තිබෙන බව ද අප්‍රිකානු කලාපයේ රටවලට ඉහළ ණය කප්පාදු ලබා දී ඇත්තේ එම රටවල් බොහොමයක් දුප්පත් නිසා යැයි ද ඒ මහතා සඳහන් කළේය. 
එම වාර්තාවේ දැක්වෙන පරිදි 1999 දී පාකිස්තානයේ බැඳුම්කර ණයවලට කළ ප්‍රතිව්‍යුහගතකරණයේදී සියයට 15 ක කප්පාදුවක් ද, පිලිපීනය 1990 දී හා 1992 දී කළ ණය ප්‍රතිව්‍යුහගතකරණවලදී පිළිවෙළින් සියයට 42 ක හා සියයට25 ක කප්පාදුවක් ද වියට්නාමය 1997 දී කළ ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී සියයට 52 ක කප්පාදුවක් ද ලැබී ඇත. 
මේ අතර ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය හිමියන්ගේ කමිටුව බැඳුම්කර ණයවලට අදාළව ඇති කරගෙන තිබෙන මූලික එකඟතාව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කර ඇති නිවේදනයට අනුව, මෙරට ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථන අනුව යමින් සියයට 28 ක ණය කප්පාදුවකට බැඳුම්කර ණය හිමි කමිටුව එකඟ වී ඇති බව කී මහාචාර්යවරයා යම් හෙයකින් අපේක්ෂිත මට්ටමට වඩා වැඩි වේගයකින් ආර්ථිකය වර්ධනය වුවහොත් දැනට එකඟ වී ඇති සියයට 28 ණය කප්පාදුව සියයට 20 ක් 15 දක්වා තවත් අඩු විය හැකි බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය හිමි කමිටුව ඇති කරගත් මූලික ගිවිසුම මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට හා ද්වීපාර්ශ්වික ණය හිමියන්ගේ කමිටුවට යොමු කර ඇතැයි ද සමානව සැලකීමේ මූලධර්මය මත ඔවුන් එම ගිවිසුමට අනුමතය දුන් පසු බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ අවසන් ගිවිසුමට රජය හා බැඳුම්කර ණය හිමි කමිටුව අස්සන් කරනු ඇතැයි ද දුනුසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනවලට වඩා ආර්ථික වර්ධනය දුර්වල වුවහොත් ණය කප්පාදුව සියයට 35 ත් 40 ත් දක්වා වැඩි විය හැකි බවත්, ණය පැහැර හැරීම ආරම්භ කළ දා සිට බැඳුම්කර ණයවලට නොගෙවූ පොලියට සියයට 11 ක කප්පාදුවක් ලබා දීමට ණය හිමි කමිටුව එකඟ වී ඇති බවත් මහාචාර්යවරයා පැවසීය.



අදහස් (0)

කියන තරම් ණය කැපෙයිද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 612 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1095 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site