IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


ඉන්දීය කෝටි දෙසීයේ සිද්ධියට ජැකලීන්ගේ නම ගෑ වුණේ කොහොමද?

කෝටි දෙසීයක සල්ලි පලහිලව්වට  මැදිවුණු බොලිවුඩ් සුරූපිනිය

 

බොලිවුඩ් සිනමාවේ සුරූපී සරාගිනියක වූ, ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ට නම් ගෙවී ගිය සතිය එතරම් යහපත් එකක් නොවිණි. කොවිඩ් වසංගත තත්ත්වය නිසා කඩා වැටුණු බොලිවුඩ් සිනමාව තරමක් හිස ඔසවමින් තිබයදීත්, ජැකලීන් ගීතමය රූප රචනාවල වැඩිපුර පනී සිටීමෙන් ලබා ගත් අසාමාන්‍ය ජනප්‍රියත්වය කඩා වැටීමට හේතුවූයේ ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක ඇය සාක්ෂිකාරියක් වීම නිසාය.

   
ඉන්දීය රුපියල් කෝටි 200 ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධව ඉකුත් 31 වැනිදා ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් නව දිල්ලියේදී ඇයගෙන් පුරා පැය පහක් එක දිගට සාක්ෂි සටහන් කරගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.   


‘‘ඇය චූදිතයෙක් නොවෙයි. නමුත් ඇයගෙන් සාක්ෂි ලබාගත්තා වංචාකරුවෙක් වන සුකේෂ් චන්ද්‍රසේඛර් ට එරෙහිව විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන්”‍ ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන නිලධාරීන් පැවසීය. ඇය ගෙන් පැය 5ක පමණ කාලයක් සාක්ෂි සටහන් කරගත් බව ඉන්දීය පරීක්ෂණ නිලධාරීන් පැවසූවද මේ සිද්ධිය සිනමා ලෝලීන් තුළ ප්‍රශ්න රැසක් ඉතිරි කර හමාරය.   


ඉන් පළමු වැන්න මෙම සිද්ධියට පෙර ඉකුත් ජූනි මාසයේදී ජැක්ලීන් ගැන අලු‍ත්ම කටකතාවක් ඉන්දීය මාධ්‍ය වාර්තාවල සඳහන් විය. ශ්‍රී ලාංකීය නිළියක් ලෙස සැලකෙන ජැකලීන් ෆර්ඩිනැන්ඩස් දැන් බොලිවුඩයේ ඉතාමත් ජනප්‍රිය නිළියක් කියන එක රහසක් ද නොවේ. ඇගේ රංගන ජීවිතය ගැන වගේම පෞද්ගලික ජීවිතය ගැනත් තොරතුරු නිතරම මාධ්‍යවල පළවන අතරතුර පසුගිය දිනවලත් ඇය සම්බන්ධව පැතිරුණු ආරංචියක් වූයේ ජැක්ලීන් දකුණු ඉන්දියානු ව්‍යාපාරිකයකු සමග ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන ඇති බවයි. තවමත් ඔහුගේ නම ගම විස්තර ආදිය නම් අනාවරණය නොවූ අතර තවත් අලු‍ත් ආරංචියකින් වාර්තා වූයේ ඇය මුම්බාය හි අලු‍ත් නිවෙසක පදිංචියට පැමිණෙන්නට සූදානමින් සිටින බවයි. 

 

 


මුම්බායි හී “ජුහූ” නැමැති ප්‍රදේශයේ මෙම සුවිසල් නිවස පිහිටා ඇත්තේ වෙරළ ආසන්නයේ මුහුදට මුහුණලා බවත් සඳහන් ය. ජුහූ ප්‍රදේශය වඩාත්ම ප්‍රසිද්ධියක් උසුලන්නේ එහි ඇති සුන්දර වෙරළ තීරය නිසාය. ජැක්ලීන් පදිංචිවීමට සිටින නිවෙස එසේ මෙසේ එකක් නොවන බවත් එම වාර්තාවල සඳහන් විය. එය ඉන්දියානූ කෝටි 175ක් පමණ වටින නිවසක් වන අතර මෙය ලංකාවේ රුපියල්වලින් කිව්වොත් කෝටි 450ක මුදලකි. ජැක්ලීන්ට දැන් ව්‍යාපාරික පෙම්වතෙක් සිටින නිසා මෙය ඇයට එතරම් ලොකු මුදලක් නොවනවා ඇති. ප්‍රේම සබඳතා කිහිපයක්ම තිබූ ජැක්ලීන් මින් පෙර කාලයක් මුලු‍ල්ලේම සබඳතා පැවැත්වූයේ බහරේන රජුගේ පුතු සමගයි.   
ඉතින් ජැක්ලීන් කියන්නේ එදා පටන්ම ආර්ථිකමය වශයෙන් වගේම තමන්ගේ වෘත්තීයමය ක්ෂේත්‍රයෙත් ස්ථාවරව සිටින තරුවක් ලෙස හඳුන්වන්න පුලු‍වන්. ජැක්ලීන්ට ඇයගේ අලු‍ත් නිවෙසට පැමිණිය හැක්කේ තමන්ගේ නව ව්‍යාපාරික පෙම්වතා සමග විය හැකි බවත් කටකතා ඉන්දීය මාධ්‍ය තුළ පළ විය. ඔවුන් දෙදෙනා මෙම අලු‍ත් නිවස සම්බන්ධයෙන් වීඩියෝ ඇමතුම් ඔස්සේද සාකච්ඡා කරනවා දකින්නට ලැබුණු බව ඉන්දියා ටුඩේ වෙබ් අඩවියේ තවදුරටත් වාර්තා කර තිබිණි.   


ඔවුන් ජුහූ නිවසට පැමිණි පසු ඇයගේ මෙම ව්‍යාපාරික පෙම්වතා තම ව්‍යාපාර කටයුතු මුම්බායි නගරයට ගෙන ඒමට නියමිත බවට ඉකුත් ජූනි මාසයේ මාධ්‍ය තුළ සඳහන් කර තිබුණි. නිවෙසේ අභ්‍යන්තර අලංකරණ කටයුතු සදහා ප්‍රංශ ජාතික නිර්මාණ ශිල්පියෙකු තෝරාගෙන ඇති බවත් සඳහන් විය.   


එවැනි කට කතාවක් මීට මාස දෙකකට පෙර පැතිර ගොස් තිබියදී 31 වැනිදා ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය, එම සිද්ධිය සම්බන්ධයෙන් ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.   
ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය බරපතළ මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සැලකෙන සුකේෂ් චන්ද්‍රශේකර් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ විමර්ශනයක් සිදුකරයි. සුකේෂ් චන්ද්‍රශේකර් සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් අතර සමීප හිතවත්කමක් ද පැවැති බවට ඉන්දීය පොලිස් නිලධාරීන් තහවුරු කරගෙන තිබෙන අතර ඒ අනුව එම නිලධාරීන් ජැකලීන් ෆර්ඩිනැන්ඩස්ගෙන් ප්‍රශ්න කර ඇත.   


සුකේෂ් චන්ද්‍රශේකර්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් චන්ද්‍රශේකර් හඳුනාගත් බවත්, සුකේෂ් චන්ද්‍රශේකර් තමන්ට ද මුදල් වංචාවක් කළ බවත් ප්‍රශ්න කිරීම්වල දී ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් හෙළි කර තිබේ.   
චන්ද්‍රසේකර්ට එරෙහි ව සිදුවන මුදල් විශුද්ධිකරණ පරීක්ෂණයන්ට අදාළ ව චෙන්නායිහි මුහුදට මුහුණ ලා තිබූ සුඛෝපභෝගී බංගලාවක්, ඉන්දීය රුපියල් ලක්ෂ 82.5ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දුසිමකට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ඉන්දීය මූල්‍ය අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.   
සුකේෂ් චන්ද්‍රසේකර්, ‘සමස්ත ඉන්දීය ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්ෂයේ’ ලාංඡනය සම්බන්ධයෙන් ඇති වූ අර්බූදයක් සමනය කිරීමට එම පක්ෂයෙන් කැඩී ගිය ටී.ටී.වී. දිනකරන්ගෙන් ඉන්දීය රුපියල් කෝටි 50ක් ලබා ගත් බවට ද චෝදනා එල්ල වී තිබේ. ඔහු එම මුදල ඉන්දීය මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට අල්ලස් වශයෙන් දීමට ලබා ගත් බවට ද චෝදනා එල්ල වී ඇත.   


ජැක්ලීන් සමග ඔහු දුරකථන පණිවුඩ හුවමාරු කරගෙන ඇති බවත් ඉන්දීය රුපියල් කෝටි 200කට අධික මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයට යම් හෝඩුවාවක් හමු විණි. ඊට අදාළව ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස්ගෙන් ප්‍රශ්න කිරීම අරඹන අතර මේ වෙනකොට සිදුවී ඇති දේ නිල නොලත් අයුරින් ඉන්දීය මාධ්‍ය වාර්තාවල පළ වේ.   
චෙන්නායි හි රෝහිණි බන්ධනාගාරයේ සිට සුකේෂ් චන්ද්‍රශේකර් විසින් මෙහෙයවනු ලැබූ කෝටි 200 ක මුදල් වංචා කිරීමේ ජාවාරමක් නිසා ජැක්ලීන්ට මේ ගැටලු‍ පැන නැගී ඇත. කෙසේ නමුත් මේ කෝටිපතියා ඇගේ රුවට වශී වූ අයෙක් බැව්ද පැවසේ. කෙසේ හෝ ඔහුගේ උගුලකට ඇය හසුවූ අතර, මේ හේතුවෙන් ජාවාරමේ ගොදුරක් බවට පත්වන ජැක්ලීන් ඔහුගෙන් යම් යම් උදව් ලබා ගෙන ඇතැයි කියැවේ. නමුත් සුකේෂ් නැමැත්තාගේ හැසිරීම් පිළිබඳව ජැක්ලීන්ට පසුව තේරී තිබෙන නමුත් ඇයට එයින් ගැලවීමට නොහැකි වී ඇත.   


සුකේෂ් චන්ද්‍රශේකර් සිරගතව සිටියදී පවා ජැක්ලීන් වෙත චොක්ලට් සහ මල් යැවීමට පුරුදුව සිටි නමුත් ඔහු ඔහුගේ සැබෑ අනන්‍යතාව වසන් කරමින් දුරකථන පණිවිඩ සහ කෙටි පණිවිඩ යවා තිබෙන බව දැන් හෙළි වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කියා සිටී. ව්‍යාජ තාක්‍ෂණය සන්නිවේදනය භාවිතා කළ ඔහුගේ IP ලිපිනය හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහුගේ ඇමතුම සොයා බැලීමෙන් පසු ඉන්දීය මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය ඔහුගේ සබඳතාව බිඳ දැමූ අතර චන්ද්‍රසේකර් බන්ධනාගාරයේ සිට භාවිත කරන අංක දෙක ඔහුගේ නමට ලියාපදිංචිවී නොමැති අංක බව ඔවුන් හඳුනාගෙන ඇත.   


මීට වසර පහළොවකට පමණ පෙර එනම් 2006 වසරේදී ජැක්ලීන් ශ්‍රී ලංකාවේ රූ රැජින බවට පත් වූවාය. වෘත්තියෙන් නිරූපිකාවක වූ ඇය බොහෝ දෙනෙක් හඳුනා ගත්තේ ඇගේ බොලිවුඩ් ආගමනය නිසාය‍.   
ශ්‍රී ලාංකික පියෙකුට හා මැලේසියානු ජාතික මවකට දාව 1985 අගෝස්තු 11 කොළඹ දී උපත ලැබූ ජැක්ලීන් ෆර්ඩිනැන්ඩස් හැදී වැඩෙන්නේ බහරේනයේදීය. 2009 දී ඉන්දියානු චිත්‍රපටයක් වූ ඇලඩින් හා 2010 තිරගත වූ ජානේ කහාන් සේ ආයා හේ චිත්‍රපටවල ඇය රංගනයේ යෙදුනාය. එම චිත්‍රපට දෙකම සාමාන්‍ය ජනප්‍රියත්වයකට පමණක් ලක් විය. නමුත් 2011 දී මර්ඩර් 2 චිත්‍රපටයේ ඇය ඉදිරිපත් කළ විශිෂ්ඨ රංගනය නිසා, බොලිවුඩය තුළ ඇය විශේෂ කතා බහකට ලක් වූවාය. ඉන්පසුව 2012 දී තිරගත වූ හවුස් ෆුල් 2 චිත්‍රපටයේ සහ 2013 දී තිරගත වූ රේස් 2 චිත්‍රපටයේද ප්‍රධාන නිළිය ලෙස රඟපාමින් ඇය බොලිවුඩ් සිනමාවේ අනෙකුත් සමකාලීන නිළියන් සමග කරට කර සිටිය හැකි ඉඩ ප්‍රස්ථාවක් තනා ගත්තාය. මීට අමතරව සමාජ ක්‍රියාකාරිනියක ලෙසත් සන්නාම තානාපතිනියක් ලෙසත් ඇය ක්‍රියා කරන්නීය.   

 



අදහස් (2)

ඉන්දීය කෝටි දෙසීයේ සිද්ධියට ජැකලීන්ගේ නම ගෑ වුණේ කොහොමද?

duminda Monday, 06 September 2021 04:53 PM

නියමයි මොනවද මේ වෙන්නෙ

:       1       0

පැරකුම් Tuesday, 07 September 2021 02:53 PM

අපේ රටේ නම කැතනොකර කැමති දෙයක් කරගන්න කියන්න.

:       3       2

ඔබේ අදහස් එවන්න

 

 
 

පුවත්

කොළඹ ලක්ෂ 10ක් ඡන්දෙ දාන්න ගමට ගිහින් නෑ
2025 මැයි මස 11 34 0

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත


වෙසක් දන්සල් 2000ක් ලියාපදිංචි කරලා - ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය
2025 මැයි මස 11 18 0

වෙසක් උත්සවය වෙනුවෙන් ලබාදෙන දන්සල් 2000ක් පෙරේදා (09දා) දිනය වන විට ලියාපදිංචි වී තිබුණ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.


ඉෂාරා සෙච්චන්දි අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ අඛණ්ඩව ඉදිරියට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
2025 මැයි මස 11 20 0

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ බව කියන මේ වන විට සැඟව සිටින ඉෂාරා සෙව්වන්දි අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පොලිස් සී.සී.ටී.වී. අංශය දිගින් දිගටම ව


නවකවදය වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා
2025 මැයි මස 11 20 0

විශ්වවිද්‍යාලවල සිදුවන නවකවදය නවතා දැමීම සඳහා සමානාත්මතාව හා සහෝදරත්වය අගයන ශිෂ්‍යයෙකු බිහිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බව අන්තර් විශ


ව්‍යවස්ථා සභාවේ ලේකම් ඉල්ලා අස්වෙයි! අස්වීමේ ලිපියට අනුමැතිය
2025 මැයි මස 11 22 0

පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට දැනුම්


ගුවන් හමුදා හෙලිකොප්ටරයක් මාදුරුඔයට කඩා වැටෙයි
2025 මැයි මස 10 37 0

මාදුරු ඔය යුද හමුදා කඳවුරේ විසිර යාමේ උත්සවයකට සහභාගි වී සිටිය දී ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් පෙරේදා (9දා) හදිසියේ මාදුරු ඔය ජලාශයට කඩා වැටීම


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1297 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1543 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site