
ඉරානයේ සහාය ලබන හූති කැරැලිකරුවන් සෞදි අරාබියේ ගුවන් තොටුපොළකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇත.
යේමනයේ සිටින හූති කැරැලිකරුවන් මෙම ප්‍රහාරය එල්ල කර තිබෙන අතර මෙම ප්‍රහාරයෙන් ගුවන් යානයක් ගිනි ගැනීමට ලක්ව ඇත.
මෙම ගුවන් තොටුපොළ යේමනයට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළේ යැයි ද පැවසේ.
''අබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අපි ප්‍රහාරයක් එල්ල කළා. එම ගුවන් තොටුපොළේ තිබෙන ප්‍රහාරක ගුවන් යානා ඉලක්ක කරගනිමින් අපි මෙම ප්‍රහාරය එල්ල කළා. මේ ගුවන් තොටුපොළ යේමන ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට භාවිත කළා'' යැයි හූති සංවිධානයේ ප්‍රකාශකයෙක් පැවැසීය.
ප්‍රහාරය සාර්ථක යැයි ද ඔහු කීය.
(ඒ.එෆ්.පී.)
055

