
(ගයාන් සූරියආරච්චි)
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් කොළඹ විහාර මහාදේවී උද්යානයේ සත්යග්රහයක නියැලී සිටියදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයකදී බලංගොඩ කස්සප හිමියන්ට පහර දී ඇති බවට කළ ප්රකාශයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨසය උලපනේ සුමංගල හිමියන්ගෙන් පැය 4 කට ආසන්න ප්රකාශයක් සටහන් කරගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කීපදෙනකු උලපනේ සුමංගල හිමියන් ඉගැන්වීම් කටයුතු කරනු ලබන නාරාහේන්පිට ඩඩ්ලි සේනානායක විද්යාලයට ගොස් එම ප්රකාශය ලබාගෙන ඇති බව පැවැසේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහා සංඝරත්නය ඇතුළු පිරිසක් කොළඹ විහාර මහා දේවී උද්යානයට පැමිණ සත්යග්රහයක නියැලී සිටියදී ඉකුත් (17) දා අවසරයකින් තොරව ශබ්ද විකාශන යන්ත්ර භාවිත කළ බව කියමින් පොලිසිය එම ස්ථානයට පැමිණ ශබ්ද විකාශන යන්ත්ර භාවිත කිරීම වළක්වාලීමට කටයුතු කිරීමේදී දෙපිරිස අතර නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.
එම අවස්ථාවේදී බලංගොඩ කස්සප හිමියන් එම ස්ථානයේ බිම ඇදවැටී සිටියදී එම ස්ථානයේ සිටි පිරිසක් උන් වහන්සේට මූලික ප්රථමාධාර ලබාදී පසුව 1990 ගිලන් රථ සේවයේ නිලධාරීන් එම ස්ථානයට ගෙන්වා ප්රතිකාර සදහා උන්වහන්සේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd