
(මනෝප්රිය ගුණසේකර)
සිරදඬුවම් නියම වු ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත්කිරීමට එරෙහිව කොළඹ කොටුව ප්රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් පසුගිය සිකුරාදා කොටුව මහෙස්ත්රාත්වරයා නිකුත් කළ නියෝගයට එරෙහිව හිටපු අමාත්ය උදය ගමන්පිල මහතා රිට් පෙත්සමක් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළේය.
කොළඹ කොටුව ප්රදේශයේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කරමින් කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා නිකුත් කළ ආඥාව ක්රියාත්මක කිරීම වළක්වාලන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් උදය ගමන්පිල මහතා මෙම රිට් පෙත්සම ගොනු කළේය.
හිටපු අමාත්ය උදය ගමන්පිල මහතා ගොනු කළ මෙම රිට් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටුව මහෙස්ත්රාත්වරයා” නීතිපතිවරයා” පොලිස්පතිවරයා සහ කොටුව පොලිසිස්ථානාධිපතිවරයා නම්කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd