(රංජන් කස්තුරි)

දින තුනක් රටපුරා පස්වරුවේ පැයක විදුලි කප්පාදුවක් සිදුකරන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී බුද්ධික සමරසේකර මහතා පැවසීය.

ඒ අනුව අද ( 19) හෙට (20) සහ අනිද්දා (21) යන දිනවල පස්වරු 4.30 සිට රාත්‍රී 9 දක්වා කාලයේදී මුලු රට කලාප හතරකට බෙදා එම විදුලි විසන්ධිය සිදුකරන බවද ඔහු කීය.

නොරොච්චෝල ගල් අගුරු බලාගාරය අක්‍රීයවීම නිසා මෙම විදුලි කප්පාදුව කිරීමට සිදුවන බවද සමරසේකර මහතා සදහන් කළේය.

මුළදී දිනකට පැය දෙකක විදුලි කප්පාදුවක් කිරීමට සැලසුම් කළද පසුව එය පැයක කාලයක් දක්වා අඩුකළ බවද ඔහු සදහන් කළේය.

මේ අතර ශ්‍රීලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිව්දන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සදහන් කළේ වම විදුලි කප්පාදුවට අවසර ලබාදුන් බවය.

ඒ අනුව පළමු කලාපයට අම්බලන්ගොඩ හඹරණ බලන්ගොඩ අතුරුගිරිය නාවලපිටිය නාඋල ගාල්ල කොස්ගම කිරිබත්කුඹුර කුරැණෑගල ඇතුලු ප්‍රදේශ අයත්වේ.

දෙවන කලාපය ලෙස නම්කර ඇත්තේ අම්පාර බියගම සපුගස්කන්ද නුවරඑළිය පන්නිපිටිය බදුල්ල ත්‍රිකුණාමළය කෙරවලපිටිය පන්නිපිටිය හලාවත ඇතුලු ප්‍රදේශ අයත්වේ.

තවද තෙවන කලාපයට අම්පාර බදුල්ල දෙහිවල කැලණිය කටුගොඩ මන්නාරම වව්නියාව සහ රත්මලාන ඇතුලු ප්‍රදේශ ගණනාවක් අයත්වේ

හතරවන කලාපයට අයත් ප්‍රදේශ වන්නේ අම්බලන්ගොඩ බෙලිඅත්ත දෙනියාය ඇඹිලිපිටිය කෑගල්ල රාගල පොළොන්නරැව රත්නපුරය සහ වාලච්චේන ඇතුලු ප්‍රදේශවේ.