ස්නෝව්ඩන් බුද්ධි රහස් හෙළි කිරීම ත‍්‍රස්තවාදීන්ට ‘අවුරුදු තෑගි’ ලැබුණා වගේ


ඇමෙරිකාවේ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට නීති ඒජන්සියක් වන එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය ලවා ඇමෙරිකාවේ ජීවත් වන ඇමෙරිකන් පුරවැසියන් ගැනත්, ලෝකයේ සෙසු රටවල් ගැනත් ඔත්තු බලන බවත් 29 හැවිරිදි ඇමෙරිකන් ජාතික එඞ්වඞ් ස්නෝඩන ලොවට හෙළිකිරීම ලොව පුරා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුකරන ‘ත‍්‍රස්තවාදී’ සංවිධානවලට අවුරුදු තෑගි හිමිවීමක් වැනි යැයි බි‍්‍රතාන්‍ය බුද්ධි අංශය කියා සිටී.

මෙසේ කියා සිටින්නේ බි‍්‍රතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශයයි. මේවනවිට ස්නෝව්ඩන් ඇමෙරිකාවෙන් පලා ගොස් රුසියානු රජයේ රැුකවරණ ලැබ එහි ජීවත් වෙයි.

ඔහුට යළි ඇමෙරිකාවට හෝ වෙනත් රටකට හෝ යෑමට හැකියාවක් නැත. ඔහුගේ ගුවන් ගමන් බලපත‍්‍රය ඇමෙරිකානු රජය විසින් අවලංගු කර තිබීම ඊට හේතුවයි. ස්නෝව්ඩන් යළි ඇමෙරිකාවට ගියහොත් ඔහු අත්අඩංගුවට ගෙන දේශද්‍රෝහී චෝදනා එල්ල කර නඩු පැවැරීමට ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව සූදානමින් සිටී.

ස්නෝව්ඩන් කළ රහස් හෙළිදරව්වෙන් පසු, අල් කයිඩා වැනි ලොව ප‍්‍රබල ත‍්‍රස්තවාදීන් ඔවුන්ගේ ක‍්‍රමෝපායන් වෙනස් කර ඇතැයි එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී. ස්නෝව්ඩන්ගේ කි‍්‍රයා කලාපය නිසා ත‍්‍රස්තවාදයට එරෙහි සටනේදී ත‍්‍රස්තවාදීන්ට වාසි අත්වුණේ යැයි ද එම්.අයි.5 බුද්ධි අංශය වැඩි දුරටත් කියා සිටී.