විනිසුරුවරිය සමාව ගනි


තුන් මාසයක් වයසැති තම බිළිඳාට මව් කිරි දීම නිසා කාන්තාවකට උසාවි සංකීර්ණයෙන් පිටවන ලෙස විනිසුරුකාරිනියක් නියෝග කිරීමේ සිද්ධියක් එංගලන්තයෙන් වාර්තා වේ.

ඩැනියෙල් ග්රෑන්ඞ්සන් (25) උසාවියට පැමිණියේ සාක්කිකාරිනියක් ලෙසය. බොහෝ වේලාවක් එහි රැදී සිටි නිසා කුසගින්නේ සිටි බිළිඳාට උසාවිය ඇතුළට ගොස් ඇය මව්කිරි දීමට සැරැසුණාය. එහිදී විනිසුරුවරිය උස් හඬින් ඇයට කතා කොට උසාවියෙන් පිටවන ලෙස දන්වා තිබේ. එයින් භීතියට පත් ඇය බිළිඳත් රැගෙන පිටව ගොස් ඇත.

ප‍්‍රසිද්ධියේ මව්කිරි දීම තහනම් කර නොමැති තත්ත්වයකදී මෙවැනි ආකාරයෙන් හැසිරීම ගැන කාන්තාවක් හැටියට ඇය ලැජ්ජ විය යුතු බව ඩැනියෙල් විනිසුරුවරියට පැමිණිලි කරමින් පැවසීය. එමෙන්ම තමාට මෙවැනි දෙයක් සිදු වූයේ ප‍්‍රථම වතාවට බවත් ඇය සඳහන් කර ඇත.

පසුව ඇයගේ පැමිණිල්ල ඉදිරියේ තමා වැරදිකාරියක බවත් එයට සමාව අයදින බවත් විනිසුරුවරිය ප‍්‍රසිද්ධියේ පවසා ඇත.