ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ඉකුත් සිකුරාදා (1) සිදුවුණු වෙඩි තැබීමේ සිද්ධිය ගැන පුළුල් පරීක්ෂණ දිගටම පැවැත් වෙන බව එෆ්.බී.අයි. පරීක්ෂකයෝ කියති.
ගිනි අවියක් අතැතිව ගුවන්තොටුපොළට හදිසියේ කඩා වැදුණු පොල් සෙන්සියා නමැති 23 හැවිරිදි තරුණයා සිදු කළ එම වෙඩි තැබීමෙන් මියගියේ
|
පොල් සෙන්සියා |
ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරියෙකි.
පොල් සෙන්සියා කඩා වැදුණේ, අංක 3 මගී පර්යන්තයටය. තුවක්කුකරු වෙඩි තැබීමට පටන් ගැනීමත් සමඟ ඔහු දුටු ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් මගීන්ට පහත් වෙන්නැයි කෑ ගසමින්, තුවක්කුකරු වට කළ ඇති අතර, එම අවස්ථාවේදී තුවක්කුකරු ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තබා ඇත. ආරක්ෂක අංශ පෙරළා සිදු කළ වෙඩි තැබීම්වලින් පොල් සෙන්සියා ජීවිතක්ෂයට පත්වූයේය.
පොල් සෙන්සියා දකුණුදිග නිව්ජර්සි ප‍්‍රාන්තයේ පදිංචිකරුවෙකි. ඔහු වාහන අමතර කොටස් වෙළෙඳසැල් සේවකයෙකි.
වෙඩි තැබීම සිදුවීමට පැය කීපයකට පෙර, ඔහුගේ පියා නිව් ජර්සි පොලිසියට පැමිණිලි කර ඇත්තේ, තම පුතු දිවි නසා ගන්නා බව පවසා, ලිපියක් ලියා ගෙදරින් අතුරුදන්ව ඇති බවය. මෙතෙක් සිදුකර ඇති පරීක්ෂණ අනුව, එෆ්.බී.අයි. පරීක්ෂකයන් පවසා ඇත්තේ පොල් සෙන්සියා කිසිම ත‍්‍රස්ත සංවිධානයකට අයත් තැනැත්තකු නොවන බවය.

