රසායන විද්‍යාව සම්බන්ධයෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට පිරිනැමීමට, නොබෙල් කමිටුව පෙරේදා (9) තීරණය කළේය.
ඇමෙරිකා ඔස්ටි‍්‍රයානු පුරවැසියකු වන මාර්ටින් කාර්පුස්, ඇමෙරිකා බි‍්‍රතාන්‍ය පුරවැසියකු වන මයිකල් ලෙවිට් සහ ඇමෙරිකා ඊශ‍්‍රායල පුරවැසියකු වන ආරයි වෝෂෙල් එම තිදෙනාය.
මොවුන් තිදෙනාට මෙවර රසායන විද්‍යාව සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය පිරිනැමුණේ සයිබර් අවකාශය යොදා ගනිමින් සිදුකළ නව අත්හදා බැලීම් ඇගැයීමට ලක් කරමිනි.
|
(වමේ සිට) මාර්ටින් කාර්පුස්, මයිකල් ලෙවිට් සහ ආරයි වෝෂෙල් |

