මෙල්බර්න් ගුවන්තොටුපොළට කැන්ගරුවෙක් කඩා වැදිලා


 ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ඊයේ (16) කැන්ගරුවකු කඩා වැදීම නිසා මහා කලබලයක් හටගත් අතර, ගුවන් තොටුපොළෙන් අඩක් පැය කීපයකට වසා දැමීමට ද බලධාරීන්ට සිදුවිය.

 ඕස්ටේ‍්‍රලියාවේ ජාතික සත්වයා කැන්ගරුවාය. ක්ෂීරපායී පැසිපොව්වකු වන කැන්ගරුවා අහිංසක සත්වයෙකි.

කැන්ගරුවා ගුවන් තොටුපොළ මගී පර්යන්තයට කඩා වැදී ඇත්තේ ගුවන්තොටුපොළ අද්දර පිහිටි වනාන්තරයෙනි.

කැන්ගරුවා දුටු මගීන් මවිතයටත් භීතියටත් පත් වූ අතර, මගීන් දැකීමෙන් කැන්ගරුවා ඊට වඩා භීතියටත් කලබලයටත් පත් වී ඇතැයි  ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

පැය කිහිපයක මෙහෙයුමකින් පසු, වන ජීවී නිලධාරීන් වහා මැදිහත් වී, කැන්ගරුවා නිර්වින්ඳනය කර ගුවන් තොටුපොළෙන් රැගෙන ගිය බව  ඕස්ටේ‍්‍රලියානු පුවත් සේවා වැඩිදුරටත් කියා සිටියේය.
 

කැන්ගරුවා නිර්වින්දනය කර අල්ලා ගැනීමෙන් පසු ...