පුතකු නොලැබුණාට බිරියට ඇසිඩ්


පිරිමි දරුවෙකු නොදුන් වරදට තම බිරිඳට ඇසිඞ් ගැසූ ස්වාමි පුරුෂයකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වේ. ඇය රෙෂ්මා (35) නැමැති පස් දරු මවකි.

ඇයට සිටියේ දියණියන් පස් දෙනෙකි. එම නිසා ඇය ස්වාමිපුරුෂයාගෙන් ගුටි කෑ වාර අනන්තය. නමුත් ඇය සයවන වරටත් දරුවෙක් බිහි කිරීමට ආසන්නව සිටියාය. ඇයත් ගැහැණු දරුවෙකු බව දැනගත් ස්වාමිපුරුෂයා ඇයට දරුවා ගබ්සා කර ගන්නා ලෙස බල කළාය.

මෙයට රෙෂ්මා තදින්ම අකමැති වූ නිසා ඇගේ යටි බඩ ප‍්‍රදේශයට ඇසිඞ් ගැසුවාය. ඇය බොහෝ දුර්වල තත්ත්වයක පසු වන නමුත් බිළිඳියට කිසිදු හානියක් සිදු වී නැත.

පුතකු බිහි නොකිරීම ගැන ඔහු සෑම විටම ඇයට මෙසේ හිරිහැර කළ බවත් මේ ගැන පොලිසියට ගොස් පැමිණිලි නොකිරීමට හේතුව තම සැමියාට ඇති අනිසි බිය බවත් ඇය කීවාය. ඇගේ සැමියාව පොලිසිය අත්අඩංගුවට පත්වී ඇත. ඇය තම දෙමව්පියන් සමග කල් ගෙවන්නීය.