2013 වර්ෂය වෙනුවෙන් වූ නොබෙල් සාම ත්‍යාගය දිනා ගැනීමට රසායනික අවි තහනම් කිරිම සම්බන්ධයෙන් වූ සංවිධානය සමත් විය.
ඔස්ලෝහි පිහිටි නොබෙල් කාර්යාලයයේ මාධ්‍ය හමුවක් කැඳවමින් නෝර්වේජියා නොබෙල් කමිටුවේ සභාපති තෝර්බ්ජන් ජග්ලන්ඩ් මහතා විසින් ඒ බව දැනුම් දෙනු ලැබීය.
මෙවර නොඛෙල් සාම තයාගය වෙනුවෙන් බාලිකා අධ්‍යාපනය වෙනුවෙන් හඩ නගන පාකිස්තානයේ මලාලා යූසොෆ්සායි දැරිය ද ඇතුළුව 259 දෙනකුගේ නම් ඉදිරිපත් වී තිබිණි.
නොඛෙල් සාම ත්‍යාගය වෙනුවෙන් වැඩියෙන්ම නම් ඉදිරිපත් වූයේ මෙම වසරේ වීම සුවිශේෂි සිදුවීමක් යැයි නොඛෙල් කමිටුව කියයි.
(ස්ටොක්හෝල්ම්හිදීය (රොයිටර්))

