දුම්රියෙන් පරෙස්සම් වන හැටි පෙන්නයි


දුම්රියක් ළග එමින් තිබියදී දුම්රිය මාර්ගය අයිනේ සිට තම මුහුණේ ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ බ්‍රිතාන්‍යය ජාතික තරුණයෙකුට පාඩමක් ඉගැන්වීමට දුම්රියේ ගිය දුම්රිය ඉංජිනේරුවෙකු කටයුතු කළේය.

තරුණයා ඡායාරූපය ගැනීමේ සිහියෙන් පිටුපසින් යන දුම්රිය ගැන නොසළකා කැමරාව ඒ මේ අත හරවමින් සිටියදී ඉංජිනේරුවා දුම්රිය එන්ජිමේ සිටියදීම තරුණයාගේ හිසට තම පය පැළදි බූට් සපත්තුවෙන් හොද පහරක් එල්ල කළේය.

බූට් පහර කන තරුණයාගේ මූණ ‘දෙක‘ වී යනුත් ඔහු දුම්රිය මාර්ගයෙන් එපිටට පෙරැළී වැටෙනුත් කැමරාවේ සදහන්වූයේ ඔහුගේ මුහුණේ ‘අලංකාර‘ ඡායාරූපය වෙනුවටය.

ඔහු එ සියල්ල අන්තර්ජාලය වෙත එක් කළේය.

පසුව අනාවරණය වූයේ මෙය සැබෑවටම සිදුවූවක් නොව රූපවාහිනී නාළිකාවක සැළසුම් සහගත කටයුත්තක් බවයි.

ඒ කෙසේවූවත් ඡායාරූප ගැනීමේදී අසිහියෙන් කටයුතු කරන්නවුන්ට හොද පණීවුඩයක් මෙයින් ලබාදුන් බව මෙය දුටු බොහෝදෙනාගේ මතය වී වී තිබුණි.