ජෝර්ජ් කුමරුටත් මංගල යෝජනාවක්


රාජකීය විලියම් කේට් යුවල සමග ඕස්ට්‍රේලියාවට ගිය අට මාසයක් වයසැති ඔවුනගේ පුත් ජෝර්ජ් කුමරුට එරට පොඩි  දරුවකුගෙන් මංගල යෝජනාවක් ලැබුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

රාජකීය පිරිසගේ පැමිණීම බැලීමට ආ පුද්ගලයකුගේ කුඩා දියණියකගේ උඩු ඇඳමෙහි ‘මා විවාහකරගන්න‘ යැයි සඳහක් කර තිබීම මේ මංගල යෝජනාව යැයි ද එම මාධ්‍ය කීවේය.

කුඩා ජොර්ජ් කුමරු බ්‍රිතාන්‍ය ඔටුන්නේ තුන් වැනි උරුමකරුය.