චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවෝ පස්දෙනෙක් අත්අඩංගුවට


චීනයේ ටියනාන්මන් චතුරස‍්‍රයේ මීට දින කිහිපයකට පෙර පුපුරා ගිය කාර් බෝම්බය ත‍්‍රස්ත ප‍්‍රහාරයක් බවත්, ඊට සම්බන්ධ යැයි සැක කෙරෙන පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇති බවත් චීන බලධාරීහු පවසති.

චීනයේ ෂින්හුවා පුවත් සේවය වාර්තා කළේ, ප‍්‍රහාරය ගැන පරීක්ෂණ දිගටම සිදු වෙන බවත්, එය චීනයේ වෙසෙන හස් සහ උයිගුරු මුස්ලිම්වරුන් අතර ගැටුමක ප‍්‍රතිඵලයක් බවත්ය.

ප‍්‍රහාරයේ සැකකරුවන් යැයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ද උයිගුරු මුස්ලිම්වරුන් පස් දෙනෙකු බව ද ෂින්හුවා පුවත් සේවය වාර්තා කර තිබේ.