නිරිත දිග ලන්ඩනයේදී කෙසෙල් ඇවැරියක සිට ලොව විසම මකුළු වර්ගය සොයා ගෙන ඇත.
29 හැවැරිදි කොන්සි ටෙලර් නැමැති කාන්තාව පවුමකට මිලට ගත් කොලොම්බියා වර්ගයේ කෙසෙල් ඇවරියක මේ මකුළු වර්ගය සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම කාන්තාව කෙසෙල් ගෙඩියක් කෑමට යාමෙදී මකුළුවන්ගේ දැලක් එහි පහළ කෙලවර දැක ඇත. ඇය එම මකුළුවන්ගේ පින්තූරයක් ගෙන කෘමින් පිළිබද විශේෂඥයකුට පෙන්වූ විට ඔහු කියා ඇත්තේ ඇත්තේ ‘‘බ්‍රසීලයේ පුදුම සහගත මකුලුවන්‘ නමින් හදුන්වන ලොව විසසහිත මකුළුවා මේය බවයි.
එම මකුළුවාගේ විද්‍යාත්මක නාමය වන්නේ ‘‘පොනුට්‍රියා නිග්‍රිවෙන්ටර්‘ ය. විසකුරු සර්පයෙකුට වඩා 30 ගුණයකට වැඩි විසක් මේ මකුලුවාට ඇතැයි කියති.
මකුලුවා සපා කෑ විට හෘද ස්පන්දනය වෙනස් වීම, අධික රුධිර පීඩනය, වමනය සහ පැය 2ක් ඇතුලත මිය යාමද සිදුවිය හැකි බව කියති.

