විවේක සුවයෙන් රාති‍්‍රය ගත කරමින් සිටි දකුණු අපි‍්‍රකා පවුලක ධ්‍යානය බිද හෙළමින් ඇත් පැටවෙකු විසිත්ත කාමරයට ඇතුල් වූවාය.
පවුලේ මූලිකයා වූ ෆ‍්‍රැන්කොයිස් මාල්ඩි ඇන්තනී මුලින් බියපත් වුවද ඇත් පැටවා මිත‍්‍රශීලී බව දුටු හෙයින් සන්සුන් වූවාය.
ඇත් පැටවා ෆ‍්‍රැන්කොයිස්ගේ දියණිය හා සුරතල් වන්නට පටන් ගත්තාය.පැටවා දිගු දුරක් පැමිණ ඇති බව පෙනෙන්ට තිබුණු හෙයින් ෆ‍්‍රැන්කොයිස් ඇයට ජලය පානය කිරීමට දුන්නාය.
ඇත් පැටවා තම නිවසේ විසිත්ත නිවහන කරගෙන සිටියදී තම මිතුරන් හා ප‍්‍රදේශය පිරික්සූ ෆ‍්‍රැන්කොයිස්ට ඇත් පැටවාගේ මව යැයි සිතිය හැකි ඇතින්නක හමුවූවාය.
ෆ‍්‍රැන්කොයිස් ඇත් පැටවා මව් ඇතින්න වෙත ගෙන ගියාය.තම දරුවා දුටු විට මව් ඇතින්න සතුටට පත්ව කුංච නාද කළාය.
පැටවාත් සමග මව් ඇතින්න යළිත් වනයට පිවිසියාය.

