පුතුගේ පෙම්වතිය හා නොදැන හාද වීමට ගිය පියෙකු ගැන ඉතාලියෙන් වාර්තා වේ.ඔහු 70 හැවිරිදි එක් දරු පියෙකි.බිරිද නැති අඩුව මකා ගැනීමට කාන්තාවක හා හාදකම් පැවැත්වීමට සිතීය.පිහිටට ආවේ අන්තර්ජාලයයි.
වෙබ් අඩවියකින් තරුණියක් හදුනාගැනීමට ඔහුට හැකි විය.කතා බස් කොට අවසානයේ දෙදෙන තිීරණය කළේ හමුවීමටය.
ඇය ඔහුගේ නිවසට පැමිණියාය.නිවසේ දොර හැර බැලූ ඔහුගේ දෙලොව රත්විය.ඔහු ආල වදන් දොඩා ඇත්තේ තම පුත‍්‍රයාගේ පෙම්වතිය සමගය.
ඇයටත් තමන් හා දොඩා ඇත්තේ තම අනාගත මාමණ්ඩිය යැයි තේරුම් ගොස් ඇත්තේ එවිටය.දෙදෙනම ලැජ්ජාවෙන් එකිනෙකාට සමුදුන්හ.
මේ බව පුතාට කියන්නේදැයි ඔහුගේ සිත පෙළීය.අවසානයේ වෙනත් පිරිමින් හා සබදතා පැවැත්වීමට පෙළෙඹෙන තරුණියක් තම පුතාට කොහෙත්ම නොගැලපෙන බව සිතූ ඔහු සියල්ල ඔහු හමුවේ එළි කළේය.
පුතා සියල්ල තේරුම් ගනු ඇතැයි ඔහු සිතුවත් සිදුවූයේ අනෙකකි.තමාට අපහාස වන පරිදි තම පියා හැසිරී ඇතැයි කියා දැන් පුතා අධිකරණය හමුවේ නඩුවක් පවරා ඇත.
දෙපක්ෂය සාමදාන කරවීමට විනිසුරු උත්සාහ කළත් එයින් ඵලක් වී නොමැත.දෙදෙනාට එකිනෙකා තේරුම් ගැනීමට තවත් අවස්ථාවක් දීමේ අරමුණින් ඔහු නඩුව කල් දමා ඇත.

