අනේ මුසිල නොදිටි මොක්පුර


තම 24 හැවිරිදි ගණිත ගුරුවරිය මැරීමේ චෝදනාව යටතේ ඇමෙරිකාව් 14හැවිරිදි පාසල් දරුවෙක්  චෝදනා ලබයි.

මෙම ගුරුවරිය ගෙදර නොපැමිණීම හා දුරකථනයට පිළිතුරු නොදීම හේතුවෙන් පවුලේ අය පොලිසියට පැමිණිලි කර තිබේ. පසුව පාසලට ගොස් පරීක්‍ෂා කිරීමේදී පාසලේ වැසිකිලියක ලේ තිබෙනු දැක තිබේ.

ඒ අනුව සොයා බැලීමේදී ඇගේ සිරුර අසල ඇති කැලෑවක තිබී සොයා ගෙන ඇත. චිත‍්‍ර කාමරයෙහි තිබූ පිහියකින් කපා කොටා ඔහු මෙම ඝාතනය කර ඇති බව පැවසේ. ගුරුවරිය මැරීමට හේතුව කුමක්දැයි තවම අනාවරණය වී නැත.

එමෙන්ම එදා රාති‍්‍රය වන තෙක් ගෙදර නොපැමිණි සිසුවාද රාති‍්‍ර 12.30ට පමණ පාසල අසල තනියම ඇවිදමින් සිටියදී සොයා ගෙන ඇත. එදින රාති‍්‍රයෙහි පාසලේ පාපන්දු සගමයේ භොජන සංග‍්‍රහයක් පවත්වා ඇති නමුත් ඔහු ඊට ද සහභාගි වී නොමැත. ඝාතනය කිරීමට පෙරදින රාති‍්‍රයෙහි ඔහු බ්ලූ ජස්මින් නැමැති චිත‍්‍රපටියක්ද නරඹා ඇති බව පොලිසිය කළ පරීක්‍ෂණ වලින් හෙළි වී ඇත.