අනවසරයෙන් ඉන්දියාවට ආ ආයුධ නැවේ කාර්ය මණ්ඩලය අධිකරණය හමුවට


පෙර දැනුම් දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව, ආයුධ සහ ඞීසල් බැරල් තොගයක් සමඟ තම මුහුදු සීමාවට ඇතුළු වීමේ වරදට, ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඇමෙරිකන් සමාගමකට අයත් නැවේ කපිතාන් සහ කාර්ය මණ්ඩලය පෙරේදා (19) තමිල්නාඩු අධිකරණයක් හමුවට ඉදිරිපත් කෙරුණි.

‘එම් ඇස් සීමන් ගාඞ් ඔහියෝ’ නමැති එම නෞකාව, අපි‍්‍රකාවට අයත් සියෙරා ලියොන් රාජ්‍යයේ ලියාපදිංචි නැවක් වුවත් එය ඇමෙරිකානු සමාගමකට අයත් එකකි.

නැව සහ එහි කාර්ය මණ්ඩලයේ 35 දෙනා, ඉකුත් 16 වැනිදා පාන්දර ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට ගැණින. ඒ, එය චෙන්නායි සිට කිලෝ මීටර් 600 ක් දකුණු දෙසින් ටුටිකොරින් වෙරළ තීරයට ඔබ්බෙන් මුහුදේදීය.

නැව සෝදිසි කළ අවස්ථායේදී එහි තිබී ස්වංකී‍්‍රය ගිනි අවි 31 ක් සහ ජීව උණ්ඩ පෙට්ටි 5,000 ක් සොයා ගැනීමට හැකි වුණු බව වෙරළාරක්ෂක නිලධාරීහු පැවැසූහ.

 

පොලිස් අත්අඩංගුවේ පසුවන නැවේ කාර්ය මණ්ඩලය අධිකරණයට යොමු කෙරුණු අවස්ථාව