(ඩයනා උදයංගනී)
ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතාට වරමක් ලබාදුන්නේ පාස්කු ප‍්‍රහාරයට, මහ බැංකු වංචාවට වගකිවයුත්තන් සොයා දඬුවම්දීමට මිස රන්ජන් රාමනායකගේ කුණුහරප අසන්නට දී ජනතාව බඩගින්නේ තැබීමට නොවේ යැයි එක්සත් ජාතික පක්‍ෂ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
දිනපතා හඬපට අසන්නට දෙමින් ජනතාවගේ ප‍්‍රශ්න යටපත් කිරීම වෙනුවට රන්ජන් රාමනායක මහතාම ඉල්ලා සිටි පරිදි කොමිසමක් පත්කර එම හඬපට ගැන පරීක්‍ෂණයක් කරන්නැයි තමන්ද රජයෙන් ඉල්ලා සිටින බව හේෂා විතානගේ මහතා සඳහන් කළේය.
වත්මන් රජය ණයක්වත් ලබාගත නොහැකි තරම් අවදානම් තත්ත්වයකට පත්ව ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීවේය.
මන්ත‍්‍රී හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ කොළඹ, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.