
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
හදිසි ආපදා තත්වයෙන් මාර්ග විදුලිය ජල සම්පාදන ක්ෂේත්රවලට රුපියල් කෝටි 10085 ක පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා ඇති බව ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාවට දැනුම් දුන්නේ ය.
මේ අනුව රට පුරා මාර්ග කැඩීබිඳී යෑමෙන් රුපියල් කෝටි 7500 ක පාඩුවක් සිදුව ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
එමෙන්ම එම විනාශ වූ මාර්ග හා පාලම් සම්පුර්ණයෙන් යථාතත්වයට පත්කිරීමට රුපියල් කෝටි 19000 ක මුදලක් අවශ්‍යවන බවට ඇස්තමේන්තු ගත කර ඇති බවද අමාත්‍යංශ නිලධාරීහු ප්‍රකාශ කළහ.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශීක අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (11) පාර්ලිමේන්තුවේ දී රැස්විය.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
හදිසි ආපදාවේ පාඩු වාර්තාව මැතිසබයට