
(සුජිත් හේවාජුලිගේ)
අයහපත් කාලගුණය හේතුවෙන් නායයාමේ අවදානමට ලක්ව ඇති පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදහසකට ආසන්න ප්‍රමාණයක් විශේෂ විද්‍යාත්මක පරීක්ෂාවකට ලක් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය(NBRO) තීරණය කර ඇත.
මෙම ස්ථාන පරීක්ෂා කර තත්ව වාර්තාවක් නිකුත් කිරීමට ඉදිරියේ දී කටයුතු කෙරෙනු ඇත.
පරීක්ෂා කටයුතු සඳහා පේරාදෙණිය මොරටුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලවල ප්‍රවීණයෝ පිරිසක් ද සම්බන්ධ කර ගැනෙති.
මේ අනුව විශේෂඥ කණ්ඩායම් පහළොවක් මේ සඳහා මූලිකත්වය ගැන කටයුතු කරති.
මහනුවර, නුවරඑළිය සහ මාතලේ දී දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම් සහිත පාසල් සහ රජයේ ගොඩනැගිලි පරිශ්‍ර කඩිනමින් පරීක්ෂා කිරීම මෙහි පළමු අදියර යටතේ කෙරෙන බව එම සංවිධාන ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ අතර කාලගුණ ආපදාවෙන් රජයේ ගොඩනැගිලි සීයකට වැඩි ප්‍රමාණයකට දැඩි අලාභ හානි සිදුව ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් ඇතුළු රජයේ ගොඩනැගිලි දෙදාහක් දැඩි සෝදිසියට