IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දයාසිරිගෙන් ශ්‍රීලනිපට සැර ලිපියක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීම පක්ෂ ව්‍යවස්ථාව නැවත උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානය වන විට මැතිවරණ කොමිසම පිළිගන්නා පක්ෂයක් නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව පසුගිය 14 වැනිදා පැවැත්වීම පිළිබඳව පාක්ෂිකයන් වෙත ලිපියක් නිකුත් කරමින් දයාසිරි ජයසේකර මහතා එසේ පවසයි.

ඩාර්ලි පාරේ පක්ෂ මූලස්ථානයේ විධායක සභාව කැඳවුව ද, සමස්ත ලංකා කාරක සභාව කැඳවා තනතුරු හුවමාරු කර ගත්ත ද, පක්ෂය නීත්‍යානුකුල ලෙස මැතිවරණ කොමිසම පිළිගන්නේ නඩු කටයුතු අවසන් කර සියලු දෙනා එකරාශී කර කටයුතු කරන තත්වයක් තුළ පමණක් බවත් එබැවින් තවදුරටත් පක්ෂයත් පාක්ෂිකයාත් නොමග යවන පැලැස්තර විසඳුම්වලින් තොරව පක්ෂය ගොඩනැගිය හැකි නව වැඩපිළිවෙළක් තුළ ක්‍රියා කරන මෙන් තාවකාලික තනතුරු බෙදාගත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කියයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 2022 වසරේ මැයි මාසයේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්වීමට මධ්‍යම කාරක සභාව ඒකමතිකව සම්මත කිරීමෙන් පසු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 14 න් 9 ක් පක්ෂයේ තීන්දුව පාවා දෙමින් ආණ්ඩුවේ ඇමති ධූර භාරගැනීමෙන් පක්ෂය අර්බුදයකට ඇද වැටුණු බව කියන දයාසිරි ජයසේකර මහතා ඉන්පසුව රනිල් වික්‍රමසිංහහ ආණ්ඩුවට එම මන්ත්‍රීවරුන් නවදෙනා සහයෝගය දැක්වීම හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වර්තමානයේ ඇද වැටී ඇති තත්ත්වයට පත්වූ බව ද සඳහන් කරයි.

එම පක්ෂයේ ලේකම් ධූරයෙන් අනීතක ලෙස තමන් ඉවත් කිරීමට කටයුතු කළ සහ අනීතික ලෙස පත්වී තිබෙන සභාපතිවරයා සහ ලේකම්වරයාගේ පත්වීම්වලට එරෙහිව කොළඹ දිසා අධිකරණය නඩු පවරා ඇති බවත් වසර දෙකක කාලයක් විභාග වෙමින් පවතින එම නඩුවේ තීන්දුව ලබන 18 වැනි දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බවත් දෑසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

අධිකරණ තීන්දුවෙන් ලබන 18 වැනිදා තමන් නැවත ලේකම් ධූරයට පත් කළහොත් පක්ෂයේ සභාපති ධුරය අහෝසි වී නිමල් සිරිපාද සිල්වා මහතාගේ සභාපති ධුරය තවදුරටත් වලංගු නොවන බවත් එවිට පක්ෂයේ සභාපති ධුරය හිස්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් පවසයි.

 



අදහස් (1)

දයාසිරිගෙන් ශ්‍රීලනිපට සැර ලිපියක්

Bandara Tuesday, 16 December 2025 07:15 PM

ශ්‍රී ල නි ප නැති කලේ මෛත්‍රී සහ දයාසිරි යන දේපල විසින්. තාම කෑදරකම තියෙනවා. දයාසිරි ස ජ බ ට රිංගන්න හැදුවා අනාගත්තා. දැන් ඔහු පක්ෂ ලේකම් කමක් නැතිව කනස්සල්ලෙන් ඉන්නේ. අනේ මෙයාට පිවිතුරු හෙළ උරුමයෙන් වත් ලේකම් කමක් දෙන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site