වෙස් බැන්ද දොස්තර


 
ලංකා ඉතිහාසයේ මුල් වරට විශේෂඥ වෛද්‍යවරයෙක් නර්තනය ප‍්‍රගුණ කරමින් කලඑළි දැක්විමේ මංගල්‍යක් පසුගිය දින පැවැති අතර එහි තව සුවිශේෂී ඉතිහාස ගත වන කරුණ වන්නේ ඔහුගේ පාසල් යන දරුවන් දෙදෙනාද පියාට කලින් හිස වෙස් බැද සිටි නිසා මේ තිදෙනාම එක්ව ඉතා අලංකාර ලෙස නර්තන ඉදිරිපත් කරමින් එදින පැවැති කලා උළෙල වර්ණවත් කිරීම සිදු කිරීමයි. හෝරා කිහිපයක් පැවැති මෙම උත්සවයට මහාචාර්යවරුන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් මෙන්ම විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් විශාල පිරිසක් එක්ව සිටිම විශේෂත්වයක් විය. 
 
මෙලෙස වෙස් නර්තනය ප‍්‍රගුණ කරමින් හිසවෙස් බැඳ කලාමංගල්‍ය පැවැත්වූ විශේෂඥ වෛද්‍යවරයා වන්නේ පොළොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ ලෙස සේවය කරන 48 හැවිරිදි එස්.අයි. සුසන්ත ඉන්දික මහින්දවංශයි. එම කලඑළි මංගල්‍යයේ සිය පියා සමග එකට නර්තනය ඉදිරිපත් කරන ලද සිය එකම දරුවන් දෙදෙනා වන්නේ පසුගිය අප්‍රේල් මාසයේ හිස වෙස් පාසලේදි බදින ලද මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ඉගෙනුම 11 වසරේ ඉගෙනුම ලබන අංකලක මහින්දවංශ සහ 8 වසරේ ඉගෙනුම ලබන වයස අවුරුදු 14 ක් වන බාල පුතණුවන් වන වාගිස් ලේසර මහින්දවංශ යන පුතණුවන්ය. 
මෙම අවස්ථාවට විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, මහාචාර්යවරුන් මෙන්ම දැනට උඩරට දළදා පෙරහරේ නර්තනයේ යෙදෙන ප‍්‍රසිද්ධ කලාකරුවන් රැසක් සහභාගි විය. මෙහි ඇති තවත් සුවිශේෂි තත්ත්වයක් වන්නේ මෙම වෛද්‍යවරයා නර්තනය ඉගෙන ගෙන ඇත්තේ මෙරට ඉතා ප‍්‍රසිද්ධියක් උසුලන මහනුවර දළදා පෙරහරේ දියවඩන නිලමේ ඉදිරිපිට නර්තනයේ යෙදෙන සුරසේන පරම්පරාවේ ප‍්‍රධාන කලාකරුවා වන පීටර් සූරසේන යටතේ විමද සුවිශේෂත්වයකි.  
 
අද මෙන් පහසුකම් නොවූ කාලයක හෙම්මාතගම දේවි බාලිකා මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරා මහනුවර ශාන්ත සිල්වෙස්ටර් පාසලෙන් උසස් අධ්‍යාපනයෙන් පසුව පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා පශ්චාත් උපාධිය හැදැරීමට කොළඹ වෛද්‍ය විද්‍යාලය තෙ පිවිසි අයෙකි. පසුව වෛද්‍යවරයෙකු ලෙස දිවයින පුරා රෝහල් රැසක සේවය කරන අතරවාරයේදි විශේෂඥ වෛද්‍යවරයෙකු බවට පත්ව මේ වන විට පොළොන්නරුව ජාතික රෝහලේ සහ වකුගඩු විශේෂිත රෝහලේ විකිරණ වෛද්‍ය විශේෂඥ විදිහට කටයුතු කරන ඉතා ගුණ යහපත් වෛද්‍යවරයෙකු මෙන් නොව දෙවියෙකු ලෙස හදුන්වා දිමට හැකි ගුණ යහපත් චරිතයකි.
 
වෛද්‍යවරු දෙවියෝය. යනුවෙන් පවසන අපේ රටේ බොහෝ ජනතාවට සැබෑ දෙවියෙකු යැයි කිය යුතු මට්ටමේ රෝගීන් වෙනුවෙන් තම රාජකාරියටත් ඒහා ගිය සේවයක් කරන වෛද්‍යවරයෙකි. ඔවුන්ට කතාකිරීමේ සිට එහිදි ලබා දෙන උපදෙස් පවා ඔහුගේ මනස සුවපත් කරවන තරමේ අදහස් ඇති අයෙක් විම විශේෂත්වයකි. 
 
වෛද්‍ය වෘත්තියක් කරමින් සිටින විට විශේෂයෙන් නර්තන කලාව වැනි විෂයක් හදාරන්නට වේලාව වෙන්කරගැනීම පවා ඉතා අසීරු කටයුත්තකි. එමෙන්ම විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කලාවට වඩා අමතර මුදලක් සෙවිමට අවශ්‍ය නම් ලක්ෂ ගණනින් එය සෙවිමටද කාලය තිබියදි සිය මනස සුවපත් කර ගැනීමට මෙන්ම කලාවට තිබෙන සිය අසාව ගැන අපට විශේෂඥ වෛද්‍ය මහින්දවංශ කිවේ මෙවැනි කතාවකි. 
 
මාගේ මහ ගෙවල් හෙම්මාතගම තිබුණත් දැන් මං මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ තමයි පදිංචි වේලා ඉන්නේ. මම නුවර පාසල් අධ්‍යාපනය හදාරන කාලයේදි සෞන්දර්ය විෂයක් ලෙස නැටුම් විෂයක් ලෙස හැදැරුවා. ඒ අතරේදී අපේ නැටුම් කණ්ඩායම් බිහි වුණා අපේ නැටුම් කණ්ඩායම 1994 වසරේදි පීටර් සූරසේන මහතාගේ නායකත්වයෙන් අපි සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරු තෙන්නකෝන්ගේද නායකත්වය යටතේ අපි ගොඩාක් දුර ගමන් කලා. රූපවාහිනිය ගුරුගෙදර අපි නටලා තියෙනවා. මහනුවර පෙරහරේ නටලා තියෙනවා. උඩක්කි නර්තන, ගිනි සිසිල විවිධ ක්ෂේත්‍රයන්හි නැටුම් අපිට ඉගෙන ගන්න හැකි වුණා. 
 
උසස් පෙළ හදාරනකොට මාගේ විෂය ජීව විද්‍යාවට වෙනස් වුණත් මේ කලායාතනය කරන ජනක මාගේ යාළුවා ජනක කියන්නේ ඉසුරුබා ගුරුන්වහන්සේගේ මුනුපුරා ජනක හරහා මේ කලායතනයට සම්බන්ධ වුණාට පස්සේ එදා ඉදන් මොන වැඩේ තිබුණත් මෙහි වැඩ වලටත් මම සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මාගේ පුතාලා දෙන්නත් මේ කලායතනයට සම්බන්ධ කලා. ඒ අනුව මෙතැන්ට එන්න තිබෙන සම්බන්ධතාව වැඩි වුණා ඒ අනුව තමයි මේ දක්වා දුරක් ආවේ. 
 
කරන වෘත්තිය සමග මේ කලාව සිදු කරන්නේ කොහොම ද යන්න ඇසූ ප‍්‍රශ්නයට ඔහු මෙවැනි පිළිතුරක් අපිට ලබා දෙන්නට විය. 
 
මම බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා විශේෂඥ වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරනවා. දේශිය උඩරට නර්තනය කියලා කියන්නේ හෙළ වෙදකමේ එක කොටසක් මෙතන කංකාරි, ශාන්තිකර්ම, බලිශාන්ති කර්ම වාගේ දේවල් රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිත කළ අපේ තිබුණු හෙළ වෛද්‍ය ක‍්‍රමයේ කොටසක් ඒ නිසා මට අාසාවක් තිබුණා මේ දෙකේ සමතුලිත විම කෙසේ ද කියලා සලකාබැලීමට. 
 
මොකද සමාජය ගොඩාක් වේලාවට බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වැඩි ඒ වාගේම අපි දේශීය දේවල් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මම මෙහි දැක්ක විශේෂිත භාවය නිසා තමයි. මම මේ නර්තනයට ගොඩාක් යොමු වුණේ. මේකත් හදාරලා මම කොහොම ද රෝගීන් සුවපත් කරන්න පාවිච්චි කරන්නේ කියලා. ඒ නිසා මේ කරන අධ්‍යයනයටත් තිබෙන අසාව නිසා තමයි මෙ විෂය තව දුරයටත් ප‍්‍රගුණ කරන්නේ යැයිද පැවසීය.
 
මෙම කලාමංගල්‍යය පවත්වන ලද්දේ මහනුවර අමුණුගම මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේදිය. 
 
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ලලිත කලා අංශයේ මහාචාර්ය, සුදෙශ් මංතිලක අදහස් දක්වමින් මෙසේ පැවසීය.
 
මෙතුමා වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ඉහළට ම යනවා. නමුත් ඔහුගේ තිබු කලා හැකියාව. කලාවට තිබු අසාව, උඩරට නර්තනයට තිබූ අසාව නිසාම ඔහු තීරණ කරනවා. මාගේ මේ පැත්තත් මම පරිපූර්ණ කර ගන්නවා කියලා. නර්තන කලාවෙත් උච්චම අවස්ථාව මෙතන. ඒ නිසා මහින්දවංශගේ ජීවිතය මේක ඇතුළේ තියෙනවා කියලා මං හිතනවා. ඒ වාගේම තමයි මෙතන ඔහු සහ ඔවුන්ගේ පුතාලා දෙන්නත් නර්තන හැකියාවන් ඉදිරිපත් කළා වාගේම ඔවුන් ද වෙස් බැඳලා. ඒ නිසා මේක ලංකාවේ ඉතිහාස ගත වන කරුණක් බවට පත් වෙයි.
 
මම දන්නවා මුල් කාලයේ මේ වෛද්‍යවරයා මහනුවර පෙරහරේ අසිපතත් අරන් ගියා. නිලමේතුමාට කලින්. ඒවාගේම පෙරහරේ නැටුවා. ඒ නිසාම ලොකු කැක්කුමක් එතුමාට තියෙනවා. මෙතුමාට මෙහි රසයක් තියෙනවා වාගේම උපතින් ලොකු කුසලතාවකුත් තිබෙනවා. ඒ නිසා මේ කාරණය ඉතිහාස ගත වෙන්න ඕනෑ තමන්ගේ පුත්තු දෙන්නත් කලින් වෙස් බැඳලා අද මේ සියලූ දෙනාම එකම වේදිකාවක නටද්දි දරාගන්න බැරි සතුටක් මට දැනුණා. ඕනෑම රැකියාවක් කරන කෙනෙකුට මනසට ලොකු බෙහෙතක්. ලොකු සතුටක් ලබන්න පුළුවන්. 
 
පරම්පරා ගත උඩරට නර්තන කලාව කවුරු හරි මේක රැකගෙන පරම්පරාවක් ඉදිරියට ගෙන යනවා කියලා කියන්නේ ඇත්තටම අපිට සතුටක්. අද දකින්නේ එවැනි අවස්ථාවක් පරම්පරාවක් නොවුණක් අපේ වෛද්‍යරයා පුදුම ආශාවක් තිබුණා මේ නර්තනයට මාගේ තාත්තාගෙන් පළමු අඩිය ඉගෙනගෙන ඉන් අනතුරුව පාසල් මට්ටමේ තරගවලට පවා ඉදිරිපත් වේලා. වසර 37 ක් දළදා පෙරහරේ නටන කලාකරුවෙකු විදිහට ඒ නිසා මේ නැතිවීගෙන යන කලාවට අපේ වෛද්‍යතුමන් මේ දරුවන්ට ජීවිතය දුන්නා කියලායි මට හිතෙන්නේ යැයිද පැවසීය. 
 
කලා කටයුතුවලට ඇති උනන්දුවත් ඒ සඳහා කරන කැපවීමත් ගැන විශේෂඥ වෛද්‍ය මහින්දවංශ කිවේ මෙවැනි කතාවකි. 
 
මාගේ මහ ගෙවල් හෙම්මාතගම තිබුණත් දැන් මං මහනුවර අම්පිටිය ප‍්‍රදේශයේ තමයි පදිංචි වේලා ඉන්නේ. මම නුවර පාසල් අධ්‍යපනය හදාරන කාලයේදි සෞන්දර්ය විෂයක් ලෙස නැටුම් විෂයක් ලෙස හැදැරුවා. ඒ අතරේදී අපේ නැටුම් කණ්ඩායම් බිහි වුණා අපේ නැටුම් කණ්ඩායම 1994 වසරේදී පිටර් සූරසේනගේ නායකත්වයෙන් අපි සමස්ත ලංකා ප‍්‍රථම ස්ථානය ලබා ගත්තා. ඉන් අනතුරු තෙන්නකෝන්ගේද නායකත්වය යටතේ අපි ගොඩාක් දුර ගමන් කළා. රූපවාහිනිය ගුරුගෙදර අපි නටලා තියෙනවා. මහනුවර පෙරහරේ නටලා තියෙනවා. උඩක්කි නර්තන, ගිනිසිසිල විවිධ ක්ෂෙත්‍රයන්හි නැටුම් අපිට ගන්න හැකි වුණා. 
 
 
උසස් පෙළ හදාරනකොට මාගේ විෂය ජීව විද්‍යාවට වෙනස් වුණත් මේ කලායාතනය කරන ජනක මාගේ යාළුවා ජනක කියන්නේ ඉසුරුබා ගුරුන්වහන්සේගේ මුනුපුරා ජනක හරහා මේ කලායතනයට සම්බන්ධ වුණාට පස්සේ එදා ඉදන් මොන වැඩේ තිබුණත් මෙහි වැඩවලටත් මම සම්බන්ධ වෙනවා. මෑත කාලයේ මාගේ පුතාලා දෙන්නත් මේ කලායතනයට සම්බන්ධ කලා. ඒ අනුව මෙතන්ට එන්න තිබෙන සම්බන්ධතාව වැඩි වුණා ඒ අනුව තමයි මේ දක්වා දුරක් ආවේ. 
 
කරන වෘත්තිය සමග මේ කලාව සිදු කරන්නේ කොහොම ද යන්න ඇසු ප‍්‍රශ්නයට ඔහු මෙවැනි පිළිතුරක් අපිට ලබා දෙන්නට විය. 
 
මම බටහිර වෛද්‍ය විද්‍යාව හදාරලා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරනවා. දේශීය උඩරට නර්තනය කියලා කියන්නේ හෙළ වෙදකමේ එක කොටසක් මෙතැන කංකාරි, ශාන්තිකර්ම, බලිශාන්ති කර්ම වාගේ දේවල් රෝගීන් සුවපත් කිරීම සඳහා භාවිතා කල අපේ තිබුණු හෙළ වෛද්‍ය ක‍්‍රමයේ කොටසක් ඒ නිසා මට අසාවක් තිබුණා මේ දෙකේ සමතුලිත විම කෙසේද කියලා සලකාබැලීමට. 
 
මොකද සමාජය ගොඩාක් වේලාව බටහිර වෛද්‍ය විද්‍යාවට නැඹුරු වැඩි ඒ වාගේම අපි දේශීය දේවල් ප්‍රතික්ෂේප කරනවා. නමුත් මම මෙහි දැක්ක විශේෂිත භාවය නිසා තමයි. මම මේ නර්තනයට ගොඩාක් යොමු වුණේ. මේකත් හදාරලා මම කොහොම ද රෝගීන් සුවපත් කරන්න පාවිචිචි කරන්නේ කියලා. ඒ නිසා මේ කරන අධ්‍යයනයටත් තිබෙන අසාව නිසා තමයි මෙ විෂය තව දුරයත් ප‍්‍රගුණ කරන්නේ යැයිද පැවසීය.
මාවනැල්ල - හෙම්මාතගම 
සමන් විජය බණ්ඩාර