
විදුලියෙන් බල ගැන්වෙන මෝටර් වාහන එසේත් නැතිනම් ඉලෙක්ට්‍රික් වාහන (Electric Vehicles) සඳහා ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ලොව බොහෝ රටවල පෙර නොවූ විරූ ඉල්ලුමක් ඇතිව තිබේ. වර්තමානයේ දී ලොව විදුලියෙන් බල ගැන්වෙන මෝටර් වාහන ක්ෂේත්‍රයේ විශාලතම සැපයුම්කරුවා බවට පත්ව ඇත්තේ චීනයයි.
මෝටර් රථ වෙළෙඳපොළ තුළ දී චීනය මේ වන විට හොඳින් ස්ථාපිත ජපන් සහ යුරෝපා මෝටර් රථ දැවැන්තයන් පවා අබිබවා ගොස් ඇති අතර, චීනයේ මෙම ක්ෂණික නැඟීම පිළිබඳව බොහෝ දෙනෙකු විස්මයට පත්ව ඇත.
එහෙත් චීන මෝටර් රථ නිෂ්පාදකයින්ගේ නැගීම අහම්බයක් නොවේ. එය චීන රජයේ දැක්ම, අතිමහත් ප්‍රාග්ධනය සහ මූලික වශයෙන් නව තාක්ෂණයක් කෙරෙහි අවධානය යොමු කිරීම යන පරිපූර්ණ කරුණු ගණනාවක එකතුවෙන් ගොඩනැගුණු සාර්ථක කතාවකට දිය හැකි හොඳම උදාහරණයකි.
හොඳින් ස්ථාපිත වූ ජපන් සහ යුරෝපීය මෝටර් රථ දැවැන්තයින් සමග කරට කර තරගයක් දීමට සහ බොහෝ ක්ෂේත්‍රවල දී ඔවුන් අබිබවා යාමට චීන නිෂ්පාදකයින්ට හැකියාව ලැබීම පිටුපස සාර්ථක උපාය මාර්ග ගණනාවක් ඇත.
ඒ අතුරින් ප්‍රධාන වන්නේ චීනය සාම්ප්‍රදායික නොවන ක්‍රම හරහා ඉදිරියට ගොස් විදුලියෙන් බල ගැන්වෙන මෝටර් වාහන නිෂ්පාදනය කිරීමේ උපාය මාර්ගය තෝරා ගැනීමයි.
අභ්‍යන්තර දහන එන්ජිම (ICE) සම්බන්ධයෙන් ජපානය සහ යුරෝපය වසර 100 ක කාලයක් තිස්සේ ලබාගත් ප්‍රවීණත්වය තමන්ට පහසුවෙන් ලබාගත නොහැකි බව චීනය වටහා ගැනීම වඩාත්ම තීරණාත්මක සාධකය විය. ඒ වෙනුවට ඔවුන් ආක්‍රමණශීලී අවධානයක් යොමු කළේ සමස්ත ගෝලීය කර්මාන්තයම මේ වන විට මුල සිටම ආරම්භ කරමින් සිටින නව බලශක්ති වාහන (NEV) එනම් - බැටරි බලයෙන් ක්රියාත්මක වන විදුලි වාහන (BE) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විදුලි වාහන (PHEV) වෙතය.
ඔවුන්ට ගෝලීය දැවැන්තයන්“අබිබවා යාමට”හැකියාව ලැබුණේ මෙම තාක්ෂණික පිම්ම නිසාය. ජපන් සහ යුරෝපීය සමාගම් එන්ජින් සහ සම්ප්‍රේෂණ පරිපූර්ණ කිරීම සඳහා දශක ගණනාවක් ගත කළ අතර, චීන සමාගම් කළේ බැටරි සහ විදුලි මෝටර සඳහා මුදල් වැය කිරීමයි.
නව පරම්පරාවේ තරගකාරී සටන් බිම වන්නේ “ස්මාර්ට් කැබින්” සහ වාහන මෘදුකාංගයි. තාක්ෂණික දැවැන්තයින් (Huawei , Xiaomi වැනි සමාගම් මෝටර් රථ ක්ෂේත්‍රයට පිවිසීම) සමග සමීප සබඳතා ඇති චීන නිෂ්පාදකයින් කළේ නවීන, විශේෂාංගවලින් පොහොසත් සහ වේගයෙන් පුනරාවර්තනය වන මෘදුකාංග පද්ධති සංවර්ධනය කිරීමයි. ඒ අනුව ඔවුන් වාහනයක් රෝද මත තබා ඇති ස්මාර්ට් ජංගම දුරකථනයක් බවට පත්කළහ.
අනෙක් අතට චීන රජය දැවැන්ත ව්‍යාපාරික ධනවාදියෙකුගේ සහ වෙළෙඳපොළ නිර්මාණකරුවෙකු ගේ භූමිකාව එකවර ඉටු කළ අතර, රටතුළ දේශීය වෙළෙඳ නාම සඳහා ආරක්ෂිත, නමුත් ඉතා තරගකාරී පරිසරයක් නිර්මාණය කළේය.
අනෙක් කාරණය වන්නේ චීන රජයේ සහනාධාර සහ බදු දිරිගැන්වීම්ය. චීන රජය දශකයකට වැඩි කාලයක් තිස්සේ වාහන නිෂ්පාදකයින්ට (කර්මාන්තශාලා ගොඩනැගීමට) සහ පාරිභෝගිකයින්ට (නව බලශක්ති වාහන මිලදී ගැනීමට) බිලියන ගණනක සහනාධාර සහ බදු සහන ලබා දුන්නේය. ඒ හරහා කෘත්‍රිමව ඉල්ලුමක් ඇති කළ අතර, BYD වැනි සමාගම්වලට ඔවුන් ගේ නිෂ්පාදනය ඉක්මනින් පරිමාණය කිරීමට ඉඩ සැලසීය.
එසේම චීනය ආරෝපණ යටිතල පහසුකම් මහා පරිමාණයෙන් ගොඩනැගීම සඳහා විශාල වශයෙන් ආයෝජනය කළ අතර බැටරි සැපයුම්දාමයේ ආධිපත්‍යය දරමින්, එහි දේශීය නායකත්වය තහවුරු කළේය.
“මේඩ් ඉන් චයිනා 2025” නමින් හැඳින්වෙන දිගුකාලීන කාර්මික ප්‍රතිපත්තිය හරහා පැහැදිලිවම නව බලශක්ති වාහනවලට ප්‍රමුඛත්වය දුන් අතර, මෙම අංශයේ ගෝලීය ආධිපත්‍යය අත්කර ගැනීම සඳහා ජාතික සම්පත් කැපවී ඇති බව සහතික කළේය.
විශේෂයෙන් BYD වැනි චීන නිෂ්පාදකයින් මෝටර් රථ සැපයුම් දාමය නැවත අර්ථ දැක්වූ අතර, චීන වාහනවල දැවැන්ත මිල වෙනසට බලපෑ ප්‍රධානම හේතුව එයයි.
සාම්ප්‍රදායික මෝටර් රථ නිෂ්පාදකයින් බැටරිවල සිට බල ඉලෙක්ට්‍රොනික උපකරණ දක්වා සෑම දෙයක් සඳහාම බාහිර සැපයුම්කරුවන් (බොෂ්, ඩෙන්සෝ, ආදිය) මත විශ්වාසය තැබුවත්, BYD වැනි චීන සමාගම් තමන්ගේ නිෂ්පාදනවලට අවශ්‍ය කරන මූලික උපාංග (බැටරි, පරිපථ, ඉලෙක්ට්‍රොනික - මෝටර් සහ වායු සමීකරණ පද්ධති පවා) තමන්ම නිෂ්පාදනය කරයි. මෙය හැඳින්වෙන්නේ Do It Yourself ආකෘතිය ලෙසිනි.
මෙම ඒකාබද්ධ කිරීම නිසා බාහිර සැපයුම්කරුවන්ගේ ලාභ ආන්තිකය ඉවත් කරන අතර, ඔවුන්ට ගුණාත්මක භාවය පිළිබඳ සම්පූර්ණ පාලනය ලබා දීම මෙන්ම අසමසම පිරිවැය අඩු කිරීමට හැකියාව ද ලබා දෙයි.
තවත් සාධකයක වන්නේ “වේගය සහ වටිනාකම”ඉලක්ක කරගත් වෙළෙඳපොළ උපායමාර්ගයි. චීන වෙළෙඳ නාම ඔවුන්ගේ ස්ථාපිත තරගකරුවන්ට වඩා වෙළෙඳපොළට නව නිෂ්පාදන ගෙන ඒමේ දී බොහෝ වේගවත් වේ. එසේම ඔවුන් වෙළෙඳපොළට නව මාදිලි සංවර්ධනය කරන අතර, පවතින ඒවා වේගයෙන් (බොහෝ විට ජපන් හෝ යුරෝපීය සමාගම් ගත කරන කාලයෙන් අඩක්) යාවත්කාලීන කරයි.
චීන නිෂ්පාදකයන් මෝටර් රථ අළෙවි කරන්නේ පාරිභෝගිකයින්ට හැකි උපරිම විශේෂාංග සහ තාක්ෂණය අඩුම මිලට ලබා දීමේ උපාය මාර්ගය අනුගමනය කරමිනි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමානයේ දී මූලික එසේත් නැතිනම් “බේසික්” චීන මාදිලියක් බොහෝ විට යුරෝපීය හෝ ජපන් තරගකරුවන් ගෙන් ඉහළම පිරිවිතර සහ මිල අධික මාදිලි සඳහා වෙන් කර ඇති විශේෂාංගවලින් (ADAS, විශාල ස්පර්ශ තිර, විශිෂ්ට අභ්‍යන්තර නිමාව) සමන්විත වේ.
චීනයේ තවත් උපාය මාර්ගයක් වන්නේ ආක්‍රමණශීලී ගෝලීය ව්‍යාප්තියයි. මේ හරහා එකවර එක වෙළෙඳපොළකට සෙමින් ඇතුළු වීම වෙනුවට, Cherry (Jaecoo, Jetour, Omoda) වැනි වෙළෙඳ නාම, ශ්‍රී ලංකාව ඇතුළු නැගී එන වෙළෙඳපොළ කිහිපයක් එකවර ජය ගැනීම සඳහා ආක්‍රමණශීලී බහු-වෙළෙඳ නාම උපාය මාර්ග භාවිත කරයි.
ජපන්, යුරෝපීය මෝටර් රථ නිෂ්පාදකයන් දශක ගණනාවක් තිස්සේ වෙළෙඳපොළ තුළ රැඳී සිටිමින් උපයාගත් වාසිය මග හැර මෝටර් රථ අංශයේ අනාගතයේ නව ගෝලීය නායකයා ලෙස ඉස්මතු වීමට චීනයට ඉඩ සැලසුවේ මෙම උපායමාර්ගික මාරුවයි.
වර්තමානයේ දී චීන මෝටර් රථ නිෂ්පාදකයින් ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳපොළ නැවත හැඩ ගන්වමින් සිටින බව අතිශයෝක්තියක් නොවේ.
චීන මෝටර් රථ සන්නාම ශ්‍රී ලංකා මෝටර් රථ වෙළෙඳපොළ තුළ පෙර නොවූ විරූ ලෙසින් වර්ධනය වීම අඩු මිල මෝටර් රථ පිළිබඳ කතාවක් පමණක් නොවේ. එය ගෝලීය කර්මාන්ත දැවැන්තයෙකු විසින් ස්ථාපිත පිළිවෙළට මූලික වශයෙන් අභියෝග කිරීම සඳහා අතිනවීන තාක්ෂණය, දැවැන්ත නිෂ්පාදන පරිමාණය සහ ආක්‍රමණශීලී දේශීය හවුල්කාරිත්වයන් උපයෝගී කර ගැනීමේ කතාවක් ද වෙයි.
වර්තමානය වන විට චීන මෝටර් රථ නිෂ්පාදන සමාගම් බොහෝමයක් සිය නිෂ්පාදන ශ්‍රී ලංකා වෙළෙඳපොළට ඉදිරිපත් කරයි. ඒවායින් ජනප්‍රිය කිහිපයක් පහත දැක්වේ.

BYD (Build Your Dreams)
1995 වසරේදී බැටරි නිෂ්පාදන සමාගමක් ලෙස ස්ථාපිත කළ BYD සමාගම වාහන නිෂ්පාදනය කිරීමට පෙලඹුණේ 2003 වසරේදීය.
BYD සමාගමට ඇත්තේ කෙටි වුවත් අද්විතීය ඉතිහාසයකි. මෝටර් රථ වෙළෙඳපොළට පිවිසීමට පෙර නැවත ආරෝපණය කළ හැකි බැටරි සමාගමක් ලෙස කටයුතු කළ ඔවුන් අද ලබාගෙන ඇති සාර්ථකත්වයේ පදනම වන්නේ බලශක්ති ගබඩාකිරීමේ දී දක්වන සුවිශේෂී විශේෂඥතාවයි. කෙසේ වෙතත් ඔවුන් ගෝලීය දැවැන්තයෙකු බවට පත්වූයේ ඇමෙරිකානු ව්‍යාපාරික වොරන් බෆට්ගේ බර්ක්ෂයර් හැන්වේ හි කළ මුල් ආයෝජන හේතුවෙනි.
ආරක්ෂාව සහ කාර්යක්ෂමතාවය සඳහා ප්‍රසිද්ධ බ්ලේඩ් බැටරිය (එහි මෙන්ම, ඉතා කාර්යක්ෂම DM-i ද්විත්ව මාදිලියේ ප්ලග්-ඉන් දෙමුහුන් තාක්ෂණය සංවර්ධනය කිරීමද ඔවුන්ගේ නවෝත්පාදනයකි. BYD යනු වර්තමානයේ දී ශ්‍රී ලංකාවේ වඩාත්ම බලගතු චීන විදුලි වාහනය සන්නාමය යැයි හැඳින්වුවහොත් අතිශයෝක්තියක් නොවන අතර, ඔවුන්ගේ මාදිලි (Atto 3, Dolphin, Seal) සැලකෙන්නේ අධි තාක්ෂණික විදුලි වාහන සඳහා මිනුම් සලකුණක් ලෙසය.

Chery/Jaecoo/Jetour
මෙම සමූහය අයත් වන්නේ දශක දෙකකට වැඩි කාලයක් චීනයේ අංක එකේ මගී මෝටර් රථ අපනයනකරු වන චෙරි හෝල්ඩින් සමූහයටයි. ඔවුන් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා භාවිත කරන්නේ බහු-වෙළෙඳ නාම උපාය මාර්ගයකි.
Chery සමාගම 1997 දී රජය සතු ව්‍යවසායක් ලෙස ආරම්භ කරන ලද අතර, අපනයන කෙරෙහි දැඩි ලෙස අවධානය යොමු කළ පළමු චීන වෙළෙඳ නාම වලින් එකකි. දේශීයව ඒකක මිලියනයකට වඩා අළෙවි කළ පළමු චීන මෝටර් රථ වෙළෙඳ නාමය වන්නේ ද Chery ය.
2023 දී Chery සමාගම විසින් Jaecoo Omoda සමගින් අපනයනය කිරීම සඳහා පමණක් වාහන සන්නාමයක් ලෙස Jaecoo ආරම්භ කරනු ලැබුණි. එහි නම J ger දඩයම්කරු) යන ජර්මානු වචනය සහ, Cool, යන වචන වලින් සකස් කර ඇත.
Chery Holding ට සමාගම විසින් 2018 වසරේ දී Jetour හඳුන්වා දෙනු ලැබුවේ “Travel+” වෙළෙඳපොළ කොටසක් ලෙසිනි.

Haval (Great Wall Motor - GWM)
GWM සමාගම 1984 දී ආරම්භ කරන ලද අතර, Haval සන්නාමය හඳුන්වා දෙනු ලැබුවේ 2013 වසරේදීය. Haval යනු GWM සමාගමේ ප්‍රධානම SUV සන්නාමය වන අතර, එය චීනයේ වැඩියෙන්ම අලෙවි වනSUV සන්නාම වලින් එකක් ලෙසින් ද හඳුන්වා දිය හැකිය. GWM යනු ශක්තිමත් SUV සහ පිකප් ට්‍රක් රථ (ටැංකි සහ වින්ගල් සන්නාම) නිෂ්පාදනය කිරීම සඳහා ප්‍රසිද්ධ නිෂ්පාදනාගාරයකි.

GB MG (Morris Garages)
1920 ගණන්වල දී එක්සත් රාජධානියේ ස්ථාපිත කරන ලද MG සමාගමේ අයිතිය 2007 වසරේ දී චීනයේ SAIC Motor සමාගම සතු විය.
MG යනු පුනර්ජීවනය වූ උරුම සන්නාමයක සිත්ඇදගන්නාසුලු අවස්ථාවකි. බ්‍රිතාන්‍ය ක්‍රීඩා මෝටර් රථ නිෂ්පාදකයෙකු ලෙස අසාර්ථක වීමෙන් පසු, එය චීන රජය සතු SAIC Motor විසින් අත්පත් කර ගනු ලැබුණි. පසුව SAIC සාර්ථක ලෙසින් MG සමාගම ප්‍රධාන ධාරාවේ SUV රථ සහ නවීන විදුලි වාහන කෙරෙහි අවධානය යොමු කළේය. ඒ හරහා ඉහළ පරිමාවකින් යුත් ගෝලීය නිෂ්පාදකයෙකු බවට පරිවර්තනය කළ අතර, අලෙවිකරණය සඳහා එහි බ්‍රිතාන්‍ය උරුමය උපයෝගී කර ගත්තේය.

Deepal (Changan Automobile)
ඩීපෝල් සන්නාමය 2023 දී දියත් කරන ලද අතර, මව් සමාගම වන Changan Automobile සමාගමට වසර 40 කට වැඩි නිෂ්පාදන ඉතිහාසයක් ඇත.
Deepal යනු නව බලශක්ති වාහන (NEV) කෙරෙහි අවධානය යොමු කරන ක්‍යබට්බ සමාගමේ උපායමාර්ගික සන්නාමයක් වන අතර, BYD සඳහා ඍජු ප්‍රතිචාරයකි. Changan යනු චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය දරන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් සිවු දෙනාගෙන් එකක් වන අතර, දැවැන්ත ගෝලීය පිය සටහනක් සහ පර්‌යේෂණ සහ සංවර්ධන හැකියාවක් ඇත. එසේම ඔවුන් ප්‍රධාන ගෝලීය වෙළඳ නාම (ෆෝඩ් සහ මැස්ඩා වැනි) සමග හවුල්කාරීත්වයක්ද ගොඩනගා ගෙන ඇත.

BAW (Beijing Automobile Works)
1953 වසරේදී ස්ථාපිත කරන ලද BAW සමාගම චීනයේ පැරණිතම මෝටර් රථ සමාගම් වලින් එකකි.
BAW ඉතිහාසය මුල් බැස ඇත්තේ මිලිටරි සහ “ඕෆ්-රෝඩ්” වාහන තුළය. Cherry හෝ BYD වැනි මගී මෝටර් රථ දැවැන්තයෙකු නොවූවත්, ඔවුන් මෑතක දී පාරිභෝගිකSUV සහ කුඩා මෝටර් රථ වෙළෙඳපොළට පිවිස ඇති අතර, බොහෝ විට රළු, උපයෝගිතා විලාසිතාවේ වාහන කෙරෙහි අවධානය යොමු කරයි.

Dongfeng Motor Corporation (DFM)
DFM සමාගම 1969 වසරේදී ස්ථාපිත කරනු ලැබුවේ චීනයේ දෙවැනි මෝටර් රථ නිෂ්පාදන කම්හල ලෙසය.
Dongfeng සමාගම චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය දරන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් සිවු දෙනා ගෙන් (FAW, Changan සහ SAIC සමග) එකක් වන අතර, එහි ඉතිහාසය බර ට්‍රක් රථ, වාණිජ වාහන සහ හමුදා වාහන දක්වා විහිදී ඇත. එහි නම වන “Dongfeng”(නැගෙනහිර සුළඟ) සංකේතවත් කරන්නේ අඛණ්ඩ ප්‍රගතියයි. එහි ආරම්භක සාර්ථකත්වය ගොඩනැගුණේ රළු, විශ්වාසදායක මධ්‍යම සහ බර ට්‍රක් රථ (EQ 240 සහ EQ 140 වැනි) මත වන අතර, ඒවා සැලකෙන්නේ චීනයේ මුල් කාර්මික සංවර්ධනයේ පදනම ලෙසිනි.

DFSK (Dongfeng Sokon / Seres Group)
2003 වසරේ දී ආරම්භ වූයේ Dongfeng Sokon Automobile සමාගම ලෙසිනි.
DFSK සමාගම ආරම්භයේ දී ප්‍රධාන චීන ආයතන දෙකක් අතර 50-50 හවුල් ව්‍යාපාරයක් විය. එහි අනෙක් හිමිකරුවා වූයේ චීනයේ රාජ්‍ය හිමිකාරීත්වය දරන විශාලතම මෝටර් රථ නිෂ්පාදකයින් සිවු දෙනා ගෙන් එක් අයෙකු වන කලින් සඳහන් කළDongfeng Motor Corporation (DFM) ය. අනෙක Chongqing Sokon Industry Group (දැන් Seres Group ) සමාගමය. මේ සමාගම ස්ප්‍රිංග්ස් සහ යතුරුපැදි නිෂ්පාදනය සඳහා ආරම්භ වූ පුද්ගලික ව්‍යවසායයකි.
DFSK සමාගම කුඩා වෑන් සහ ක්ෂුද්‍ර ට්‍රක් රථ වැනි සැහැල්ලු වාණිජ වාහන (LCV) සඳහා විශේෂීකරණය වීමෙන් ආරම්භ වූ අතර, මෙම කොටසේ චීනයේ විශාලතම අපනයනකරුවන් ගෙන් එකක් බවට පත්විය. ඔවුන්ට මගී මෝටර් රථ වෙත පිවිසීමට නිෂ්පාදන පදනම ලබා දුන්නේ එම වාහනවල මෙම පදනමයි.

BAIC Group (Beijing Automotive Group Co., Ltd.)
1958 වසරේදී මුලින්ම ආරම්භ වූයේ Beijing Automobile Manufacturing Factory (BAMF) ලෙසය. චීනයේ ප්‍රථම දේශීයව නිර්මාණය කරන ලද මගී මෝටර් රථය වන Jinggangshan sedan (1958) සහ සංකේතාත්මක “ඕෆ් රෝඩ්” වාහනය වන BJ212 (1966) නිපදවනු ලැබුවේ BAIC විසිනි. පසුව ඔවුන් 2009 දී SAAB Automobile (ස්වීඩනය) සමාගම වෙතින් බුද්ධිමය දේපළ අයිතිවාසිකම් අත්පත් කර ගත් අතර, ඉන් අනතුරුව ඔවුන්ගේ මගී මෝටර් රථ බොහොමයක් ඉදිරිපත් කෙරිණි.

Guangzhou Automobile Group Co., Ltd. (GAC Group)
1948 වසරේදී මුලින්ම Tongsheng Machining Plant ලෙසින් ආරම්භ වූ අතර පසුව 1997-1998 කාලයේදී Guangzhou Automobile Group Co., Ltd. (GAC Group) ලෙසින් නිල වශයෙන් හඳුන්වනු ලැබීය’ සමාගම මේ වන විට ජපානයේ ටොයෝටා සහ හොණ්ඩා යන සමාගම් සම`ගද ව්‍යාපාර සහයෝගීතාවන් ගොඩනඟා ගෙන ඇත’
චීන රජය සතු මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන අතර මගී වාහන වාණිජ වාහන යතුරුපැදි සහ වාහන අමතර කොටස් සඳහා පර්‌යේෂණ සහ සංවර්ධන නිෂ්පාදන විකුණුම් සහ අලෙවියෙන් පසු සේවා ඇතුළුව සමස්ත මෝටර් රථ දාමය පුරම GAC විෂය පථය විහිදී ඇත’
සමාගම නිෂ්පාදනය කරන ප‍්‍රධානම මාදිලි අතර සාම්ප‍්‍රදායික ඉන්ධන බලයෙන් ක්රියාත්මක වන GAC Trumpchi මෙන්ම විදුලියෙන් බල ගැන්වෙන GAC Aion මාදිලියද වෙයි’
අනිල් කරුණාරත්න

