සාහිත්‍ය යනු සභ්‍යත්වයෙහි වැඩීම බව හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතා වරක් ප්‍රකාශ කළේය. ශිෂ්ටාචාරවත් විචාරශීලී නිර්මාණාත්මක පරපුරක් රටක සමාජයක බිහිවීම යනු එරටේ සැබෑ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමකි.එම අරමුණු ඉටු කරගැනීමේදී සාහිත්‍යයෙන් සිදුවන්නේ අමිල මෙහෙවරකි. සාහිත්‍යයට වසන්තය කැන්දන සැප්තැබරය නිමාවී තිබුණත් එම වසන්තය තවමත් පවතී. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සුසංවිධානයෙන් සැප්තැම්බර් මස 27 වැනිදා ආරම්භ වූ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය තවමත් පැවැත්වේ. දිනපතා ඊට සහභාගී වන ලක්ෂ සංඛ්‍යාත ජනතාව දෙස බැලීමෙන් පෙනෙන්නේ පොත පතට පෙම් බදින කෙතරම් පිරිසක් අපේ රටේ සිටින්නේ ද යන කාරණයයි. එය සත්‍ය වශයෙන්ම අප වඩාත් සතුටට පත් විය යුතු කාරණයකි.
මෙවර පැවැත්වෙන පොත් ප්‍රදර්ශනය නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එය සංවිධානය කිරීමට ගෙන ඇති මනා සංවිධානාත්මක බව හා කැපවීමයි. පොත් ප්‍රදර්ශනය මෙවර පැවැත්වෙන්නේ 26 වැනි වතාවටය. අද වන විට සමස්ත රටටම සෙවණ සලසන සෙත සදන මහා වෘක්ෂයක් බවට වැඩී වරධනය වී ඇති ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය කොළඹ පොත් ප්‍රදර්ශනය ආරම්භ කළේ මීට දශක කිහිපයකට පෙරාතුවය. එබැවින් එහි සාඩම්බර ඉතිහාසය සැකැවින් හෝ විමසා බැලීම වටී.
මීට වසර 25කට පෙර අලෙවි කුටි 34කින් සමන්විතව කොළඹ පොත් ප්‍රදර්ශනය ඇරැඹුණේ කොළඹ ජාතික කලා භවනේ දීය. අද වන විට දේශීය විදේශීය ප්‍රදර්ශන කුටි 450කට වඩා වැඩි ගණනක් සහිතව ජාත්‍යන්තර මට්ටමට වැඩී වර්ධනය වී තිබෙන්නේ එසේ ආරම්භ වූ ප්‍රදර්ශනයය. පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ආරම්භ වී දැනට දශක හතරකට වඩා වැඩි කාලයක් ගත වී ඇත. ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ආරම්භක සභාපති වරයා වූයේ ප්‍රවීන ලේඛක කේ. ජයතිලක මහතාය. මහින්ද රළපනාව මහතා එහි ආරම්භක ලේකම්වරයා විය. ආරම්භක භාණ්ඩාගාරික වරයා ආරියදාස වීරමන් මහතා වූ අතර හෙන්රි සමරනායක මහතා සංගමයේ ආරම්භක ලේකම් වරයා විය. එතැන් සිට මේ දක්වා පත්වූ විවිධ සභාපතිවරු ලේකම්වරු හා භාණ්ඩාගාරිකවරු පොත් ප්‍රකාශක සංගමයට පමණක් නොව සමස්ත සාහිත්‍යටම කීර්තිමත් සේවයක් ඉටු කොට ඇත්තාහ.
වසර දෙකක් කොළඹ කලා භවනේ පැව්ති ප්‍රදර්ශනය අලෙවි කුටි ඉල්ලුම වැඩිවීමත් සමග වෙනත් ස්ථානයකට ගෙන යාමේ අවශ්‍යතාව මතුවිය. 2001 වසරේ දී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව තෝරා ගැනෙන්නේ ඒ අනුවය. එතැන් සිට මේ දක්වාම මෙම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී වාර්ශිකව පැවැත්වේ. අදවන විට ඉතාමත් දියුණු ජාත්‍යන්තර මට්ටමට පත්ව ඇති ප්‍රදර්ශනය ඉදිරියේදී තවත් සැලසුම් සහගතව උසස් තත්වයට පත් කිරීම ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අරමුණ වී තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ වත්මන් සභාපති දිනේෂ් කුලතුංග මහතා ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
“මෙවර ප්‍රදර්ශනය මේ දිනවල තවමත් උදේ 9.00ට ආරම්භ වී රාත්‍රී 9.00 දක්වා ඉතාම සාර්තකව පැවැත්වෙනවා. සෑම දිනකම මමත් අපේ සංගමයේ අනෙක් නිලධාරීනුත් සෑම කුටියකටම ගිහින් ඔවුන් සමග කතා කරමින් ප්‍රදර්ශනයේ තත්වය පරීක්ෂා කරනවා. පැමිණෙන ජනතාවගේ අදහස් විමසනවා. මෙවර ප්‍රදර්ශනයේ හොද අලෙවියක් පොත්වලට තිබෙන බව පෙනෙනවා. ලක්ෂ සංඛ්‍යාවක පිරිසක් මේ ගතවූ දින කිහිපයේම ප්‍රදර්ශනයට සහභාගී වුණා. අවසන් දින දෙකේ මේ පිරිස තව වැඩි වෙයි කියලයි අපි කල්පනා කරන්නෙ. අනෙක් පැත්තෙන් වෙන අවුරුදුවලට වඩා මේ වසරේ ඉතාම යහපත් කාලගුණයක් පැවතීමත් පොත් ප්‍රදර්ශනයට ආශිර්වාදයක් වී තිබෙනවා. මෑත කාලයේ වෙන වසරවලට වඩා වැඩි ජනතාවක් ප්‍රදර්ශනයට සහභාගී වන තත්වයක් පෙනෙන්නට තිබෙනවා. රාජකාරී කෙරෙන සතියේ දිනවල ජනතාවගේ යම් අඩුවක් වේවියැයි සිතුවත් සතියේ දිනවලත් සති අන්ත දිනවල මෙන්ම විශාල ජනතාවක් මෙවර ප්‍රදර්ශනයට සහභාගී වීම විශේෂත්වයක්. රාත්‍රී 9.00වනවිටත් ප්‍රදර්ශන භූමිය ජනතාවගෙන් පිරීගිය තත්වයක් තියෙනවා. බොහෝ දෙනකුගේ ඉල්ලීමක් තියෙනවා රාත්‍රී 10.00 වනතුරු ප්‍රදර්ශනය විවෘත කර තබන්න කියලා. ඒත් ඒක ප්‍රායෝගිකව දුෂ්කරයි.බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයට අලුතින් එකතුවුණු ශාලා දෙකත් අපි ප්‍රදර්ශය සදහා යොදාගන්නා නිසා වඩා පහසුකම් සහිතව පොත් තෝරාගැනීමට පාඨකයාට අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා.
අලුත් සාමාජික පොත් ප්‍රකාශකයන් රැසක්ද පොත් ප්‍රදර්ශනයට එකතු වෙන්න අපේක්ෂාවෙන් ඉන්නවා. අපි ඒ හැමෝටම හැකි විදියට ඉදිරි වසරවලදී පහසුකම් සැලසීමට අපේක්ෂාවෙන් සිටිනවා. අපි පැහැදිලිව හදුනාගන්න ඕනැ එයින් තේරුම් යන්නේ මේ රටේ පොත් ප්‍රකාශන කර්මාන්තයේ සැලකිය යුතු ප්‍රසාරණයක් තියෙන බවයි. විදේශ රටවල ප්‍රදර්ශන කුටිත් මෙවර 30කට වඩා තියෙනවා. ඒත් ඒ සියල්ලටම හරියන ව්දියට මේ පරිශ්‍රයේ ඉඩකඩ සැලසුම් කරනන්න එක අසීරු වෙලා තියෙනවා.
කොහොම වුණත් අපි හැම වෙලාවකම උත්සාහ ගන්නෙ වඩාත් පහසුකම් සහිත ගුණාත්මක මට්ටමේ ප්‍රදර්ශනයක් පවත්වන්නයි. පරිසර සුරක්ෂිතභාවය ගැන අපි විශේෂයෙන්ම සැලකිලිමත් වෙනව. අඩුගානෙ කඩදාසි කොලයක්වත් බිම දාල තියෙනවා අපි දකින්නෙ නෑ. බොහෝ විදේශිකයන්ගේ ප්‍රසාදය මේ සම්බන්ධයෙන් පළවේ තිබීම සතුටට කාරණයක්. නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය කරන නිලධාරීන් අපේ ප්‍රදර්ශනය බලන්න ආවා.
ඒ අය කිව්වෙ මේ ප්‍රදර්ශනය ඔවුන් දුටු පිරිසුදුම සිත්ගන්නාසුලුම ප්‍රදර්ශනයක් බවයි. ඔවුන් ඒ ප්‍රසාදය පළ කරන්න ප්‍රචාරක දැන්වීමක් යොදාගෙන තියෙනවා ‘ ලංකාවේ පොත් කියවන තරුණ මුහුද’ කියලා. ඒක ලෝකය පුරා සැරිසරනවා. මේ ජාත්‍යන්තර මතය නිසාම ලංකාවට ඉදිරියේදී පැමිණෙන පොත් ප්‍රකාශකයන් පිරිස තව දුරටත් වර්ධනය වේවි. ඔවුන් අපෙන් මේ වනවිටත් ඉල්ලීම් කරලා තියෙනවා. ජාත්‍යන්තර පොත් ප්‍රකාශන සංගම් හරහා මේ තත්වය තවත් දියුණු කරන්න අපි උත්සාහ ගන්නවා. ඒත් අපි හිරවෙන එකම තැන මේ ඉඩකඩ පිළිබද ප්‍රශ්නය. ජාත්‍යන්තර ප්‍රකාශයන් ලංකාවට එනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අපට පුළුවන්කම තියෙන්න ඕනැ. මෙම සැලසුම් අප කෙසේ ක්‍රියාවට නැංවිය යුතුදැයි අපි දැනට සාකච්ජා කරමින් ඉන්නවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය වශයෙන් ඒ සදහා අපට පස් අවුරුදු සැලැස්මක් තියෙනවා. ඒ සැලැස්මට මේ සියලු කාරණා අඩංගුයි. ඒ වගේම ඉන්දියාව ,චීනය ජර්මනිය වගේ රටවල පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන සදහා අපි ට සහභාගී වීමට හැකි පරිසරය සකසා ගන්න ඕනෑ.
ඒ වගේම ඩිජිටල් තාක්ෂණය යටතේ පොත් කර්මාන්තය දියුණු කළ යුත්තේ කෙසේද කියන එක අපි තව දුරටත් සාකච්ජා කරමින් සැලසුම් සකස් කරනවා. හැම වෙලාවෙම අනාගතය ගැන සිතමින් අපට කටයුතු කරන්න සිදුවෙනවා. ඒක හේතු වෙනවා පොත් කර්මාන්තයේ දියුණුවට. ඒකට හැකියාව තියෙන අය අපේ පොත් කර්මාන්තය ඇතුළෙන් ඉස්මතු කරලා ගන්න ඕනැ. එසේම රජයෙන් ,විශ්වවිද්‍යාලවලින් සහයෝගය ගන්න ඕනැ. ඒ බර සහ වගකීම අපේ පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරෙනවා.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය යෝජනා කරන පස් අවුරුදු සැලසුම වඩා වැදගත් වන්නේ මෙරට පොත් කර්මාන්තයේ අනාගතය ඒ මත රැදී පවතින බැවිනි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ දීර්ඝ කාලයක් භාණ්ඩාගාරික තනතුරෙහි කටයුතු කළ අතුල ජයකොඩී මහතා මෙම අනාගත සැලසුම් වඩාත් ප්‍රායෝගික වීමට කළ යුතුවන්නේ කුමක් දැයි අප සමග පැහැදිලි කළ අතර එහිදී ඔහු වඩා වැදගත් කාරණයක් පෙන්වා දුන්නේය. එනම් ප්‍රදර්ශනය පැවැත්වීමට වෙනම භූමි භාගයක් ලබා දෙන්නට රජයට යෝජනා කිරීමය.
‘මේ පොත් ප්‍රදර්ශනය අපි පවත්වන ස්ථානය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව වුණාට අපි ප්‍රදර්ශනය පවත්වාගෙන යන්නෙ ලොකු බාධක මැද්දෙ. පළමුදේ තමයි ඉඩ කඩ ගැටලුව. ඒ නිසා රජයට පුළුවන්නම් කොළඹ අවට ඉඩකඩ සහිත ඉඩමක් ලබා දෙන්නට අපිට පුළුවන් රජයේ අධික්ෂණය යටතේ ඒක වැඩිදියුණු කරලා මේ පොත් ප්‍රදර්ශනය තව දුරටත් පහසුකම් සහිතව නිදහස්ව පවත්වන්න. ඒක රජයටත් හොදයි. එහෙම වුණොත් පොත් ප්‍රදර්ශන විතරක් නොවෙයි සිනමා කලා ආශ්‍රිත ක්‍රියාකාරකම් එහි පවත්වන්න පුළුවන්. ඒ නිසා මේ ගැන රජයේ අවධානය යොමුවෙනවා නම් හොදයි. එහෙම වුණොත් දියුණු නවීන ප්‍රදර්ශන භූමියක් හදන්න පුළුවන් වේවි.’
මෙම යෝජනාව වැදගත් එකකි. එබැවින් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වීම අවශ්‍යවේ. එසේම පොත් මිල වැඩිවීමට හේතු වී ඇති බදු ගැටලු, වෙළෙද වට්ටම් පිළිබද ගැටලුද අතුල ජයකොඩී මහතා පෙන්වා දුන්නේය.