මහරගම අපේක්ෂා රෝහලට ආහාර හා ඔෟෂධ පරිත්‍යාගයක්


 

නුගේගොඩ තෙත්බිම් උද්‍යානය මිතුරු කැල විසින් මහරගම අපේක්ෂා රෝහලේ  නේවාසික රෝගීන් 100දෙනෙකුට දිවා ආහාරය ලබාදීම හා අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් භාරදීම ගිහි පැවිදි පිරිසකගේ සහභාගිත්වයෙන් මහරගම  අපේක්ෂා රෝහල්  පරිශ්‍රයේ දී ඉකුත්දා (31) සිදුවිය.


රුපියල් ලක්ෂ පහළොවකට ආසන්න වටිනාකමින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ තොගය තෙත්බිම් උද්‍යාන මිතුරු කැල විසින් අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ අරුණ ජයසේකර මහතා වෙත භාර දීම මෙහි දී සිදු කෙරිණ.


කොළඹ උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති, කොටහේන සුමිත්‍රාරාම විහාරාධිපති ශාස්ත්‍රවේ දී වැහිගල ධම්මාලංකාර නාහිමි, නුගේගොඩ තෙත්බිම් උද්‍යානය මිතුරු කැල ප්‍රධාන සංවිධායක නිලන්ත කරුණාරත්න, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු කළමනාකරු සුනිල්  ජයනෙත්ති, ටෙලිකොම් ආයතනයේ හිටපු  සාමාන්‍යාධිකාරී සරත් කුමාර සිල්වා, හිටපු රේගු අධිකාරී ගාමිණී ලියනගේ, ප්‍රවීණ ඉංග්‍රීසි භාෂා දේශක ලයනල් ලංකාපුර, සිවිල් ඉංජිනේරු නන්දසේන පෙරේරා, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ, ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා ඇතුළු  විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.


(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)