
සාහිත්‍ය මාසය ගෙවී ගියේය. එය ගෙවී ගියේ නිකම්ම නොවේ. සාහිත්‍යයට ලැඳි සේ පෙන්වන්නට උත්සහ කරන පාඨක ප්‍රජාවට ද ලේඛක ලේඛිකාවන්ට ද පොත් ප්‍රකාශකයන්ට ද නොයෙක් පාඩම් කියා දෙමින් එය ගෙවී ගියේය. සාහිත්‍ය මාසය උත්කර්ෂයට නංවන්නේ කොළඹ දී පැවැත්වෙන පොත් ප්‍රදර්ශනයයි. එම පොත් ප්‍රදර්ශනය සැබැවින්ම ලාංකේය සාහිත්‍ය උද්‍යෝගයේ කැඩපතයි. එපමණක් නොව එම පොත් ප්‍රදර්ශනය තවත් බොහෝ දේ අපට පෙන්වයි.
මෙවර පොත් ප්‍රදර්ශනය ආරම්භවන්නේ ද ආන්දෝලනයක් සමඟිනි. ප්‍රකාශන ආයතන කරන්නේ වෙළඳාමකි. නමුත් ඔවුන් කළු කඩ වෙළෙඳුන් විය යුතු නැත. මාෆියාකරුවන් ද විය යුතු නැත. හේතුව ඔවුන් විකුණන්නේ සාහිත්‍යයයි. සාහිත්‍යය විකිණීමට තිබෙන තරගය තුළ ප්‍රකාශන ආයතන කළු කඩ බවට පත්වීම සාහිත්‍යයට කෙරෙන අසාධරණයක් මෙන්ම ඉන් වඩාත් අපහසුතාවට පත්වන්නේ පාඨකයන්ය.
ප්‍රකාශන ආයතන සාහිත්‍ය විකුණන බව ඇත්ත ය. නමුත් එය කරන විධික්‍රමය ගැන ඇත්තේ විශාල ගැටලුවකි. පොතක් මිල දී ගැනීමේ දී පාඨකයෝ විවිධ නිර්ණායක මත පිහිටා එම මිලදී ගැනීම් තීරණ ගනිති. බොහෝ පාඨකයන්ගේ තීරණවලට අනවශ්‍ය බලපෑම් ඇති කළ හැකි ලෙස හැසිරීම, ඇතැම් ප්‍රකාශන ආයතනවල වෙෙළඳ අරමුණු සමාජය ඉදිරියේ නිරුවත් කර පෙන්වයි. පාඨකයෝ ද සමාජගත පාරිභෝගික පිරිසකි. වෙෙළඳ, සහ ප්‍රචාරක උපක්‍රමවලට ඔවුන්ව පහසුකරගත හැකි බව ප්‍රකාශකයෝ දනිති. එබැවින් මුදල් වියදම් කරමින් සමාජ මාධ්‍ය ජාලා තුළ හොඳ ප්‍රචාරණයක් ලබා දෙන කවර හෝ පොතක් හොඳින් අලෙවි කරගත හැකි බව ඔවුහු දනිති. පොතක සාහිත්‍යමය අගය, ගුණාත්මක බව වැනි කරුණු වෙනුවට මුදල මූලික කරගෙන ඉතා පහත් ගණයේ වෙළෙන්ඳන් බවට ඇතැම් ප්‍රකාශකන් පත්ව සිටීම කනගාටුවට කරුණකි.
ඇතැම් ලේඛක ලේඛිකාවන් ද පොත් ප්‍රදර්ශනය දකින්නේ සල්ලි උල්පතක් ලෙසයි. ප්‍රදර්ශනය පැවැත්වෙන දින කීපය තුළ කීයක් හරි හොයා ගැනීම ඔවුන්ගේ එකම අරමුණයි. ඉතින් ඔවුන් කරන්නේ සාහිත්‍ය බිල්ලට දමා මොනවා හෝ කුරුටු ගාගෙන එය පොතක් ලෙස මුද්‍රණය කර විකිණීම පටන් ගැනීමයි. එම පොත් කියා බැලූ විට ලාංකේය සාහිත්‍යයේ මළගම අප දෑස් ඉදිරියේ මැවි පෙනෙන්නට පටන් ගනියි. එමෙන් ම ලේඛක ලේඛිකාවෝ තම අත්දැකීමෙන් අමුවෙන් ලියනවා විනා අත්දැකීමක් පරිකල්පනය ඔස්සේ නිර්මාණාත්මක සාහිත්‍යයක් බවට පත්කිරීමටවත් නොදන්නා බව එම පොත් කියවා බැලීමේ දී පෙනී යයි. තවද එම පොත් අලෙවි කර ගැනීමට විවිධ උපක්‍රමද ඔවුහු භාවිත කරති. තමාගේ වෙනත් ක්ෂේත්‍රවල ප්‍රසිද්ධිය, තම පවුලේ අයගේ ප්‍රසිද්ධිය ප්‍රචාරක උපක්‍රමයක් බවට පත්වූ අවස්ථාවක් අපට දැකගත හැකි විය. කීමට ඇත්තේ ඒවා නම් අවර ගණයේ ප්‍රයත්න බවයි.
උත්කර්ෂයට ලේඛක ලේඛිකාවන් යැයි තමාව හඳුන්වාගන්නා නව පරපුර ද විවිධ සමාජ මාධ්‍ය හරහා ලියූ බොළඳ, බාල අවර ගණයේ කතා නංවමින් පිටපත් ලෙස මුද්‍රණය කරවා විකිණූ අවස්ථා ද තිබිණි. එක පොතක් වෙනුවට බලෙන්ම වාගේ පොත් දෙකක් විකිණීමට ද ඔවුහු පෙළඹුණහ. ඒවා ද සාමාන්‍ය පොතක මිලට වඩා බෙහෙවින් වැඩිය. පාඨකයා රවටා මුදල් සෙවීම එබඳු ලේඛක ලේඛිකාවන්ගේ ද ඔවුන්ගේ ප්‍රකාශන ආයතනවලද එකම අරමුණ වූ බව පෙනෙයි. පොතක අත්සන යෙදීමට ආරක්ෂකයන්ද සමඟ මුහුණු වසාගෙන පැමිණීමට සිදුවීමෙන් මේ බව මනාව ප්‍රත්‍යක්ෂ වෙයි. සමාජයට ඔවුන් කරන වරද දන්නා නිසා සමාජයෙන් ආරක්ෂා වීමට ද සමාජයට මුහුණ දෙන්නට බැරි වීම ද එයට හේතුවයි.
අපි පොත් ප්‍රකාශකයන් ගැන ද ලේඛක ලේඛිකාවන් ගැන ද කතා කළෙමු. අනෙක් කොටස පාඨකයෝය. මෙවර කෘතිමව නිර්මාණය කළ පොත් රැලිවලට ගසාගෙන ගිය පාඨකයෝ බොහෝ වෙති. ඇතැම්මු රැල්ලට ගසාගෙන ගිය වේගයෙන්ම වැල්ලට ගොඩ ගැසූහ. ඇතැම්මු තමා රැල්ලට ගසාගෙන යන බවවත් නොදැන තවම ගසාගෙන යති. යහපත්, උසස් සාහිත්‍ය නිර්මාණයක් උත්කර්ෂයට නැංවීම අමුතුවෙන් කළ යුතු නැත. එයට ලේඛකයා, ප්‍රකාශකයා අමුතුවෙන් දැඩි උත්සහයක් යෙදිය යුතු නොවේ. පාඨකයා අතරින්ම උසස් නිර්මාණවලට ඉල්ලුමක් නිර්මාණය වීමට ඉඩහසර සැලසිය යුතුය. උසස් රසවින්දනයක් හිමි පාඨක ප්‍රජාව අතර එබදු උසස් කෘති අලෙවි වනවා දැකීම බිඳීයමින් පවතින සාහිත්‍යයේ බලාපොරොත්තු දල්වන්නේය. ඉහත සඳහන් බාල බොළඳ කෘතිවලට මෙන්ම ප්‍රචාරක උපක්‍රම හමුවේ ඒවාට හසු වී පාඨකයා තමාගේ සොච්චම් ධනයද නාස්ති කර ගනිති. පසුව වෙනත් හොඳ පොතක් මිලදී ගැනීමට ඔවුන්ට නොහැකි වෙයි. එය බරපතළ ඛේදවාචකයකි. මුදල් අපතේ ගිය බව දැනගන්නා විට සියල්ල සිදුවී හමාරය. ප්‍රදර්ශනය මාර වී සල්ලි හමාර වන්නේ මෙතැනදීය.
බොහෝ පාඨකයෝ උසස් කෘතියක් තෝරා බේරා ගැනීමට සම්මානනීය කෘති දෙස බැලීමට ද පෙලඹී සිටිති. එය දෝෂයක් ලෙස දැකිය නොහැකිය. විදග්ධ විනිශ්චය මණ්ඩලයක තේරීම ප්‍රශස්ත බව සිතීම වරදක් නොවේ. නමුත් දැන් දැන් සාහිත්‍ය සම්මාන කෙරෙහි ද පාඨක ප්‍රජාව තුළ ඇති විශ්වාසය බිඳ වැටී ඇති බව මෙවර පොත් ප්‍රදර්ශනය තුළින් ඉතා හොඳින් පැහැදිලි විය. ඇතැම් පාඨකයෝ සම්මානනීය කෘති දෙස හැරී බැලීමක්වත් නොකරති. එතරම්ම සාහිත්‍ය සම්මාන කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටී තිබේ. මේ පිළිබඳව සත්‍ය සම්පූර්ණ වශයෙන් වෙනම ලිපියකින් සාක්ච්ජා කළ යුතුය.
මන්ද එය එතරම්ම විශාල මාෆියාවකි. රාජ්‍ය සාහිත්‍ය සම්මාන ද මෙවර ප්‍රශ්න සහගතවීම වෙනමම සාකච්ජාවට බඳුන් කළ යුතුය.

අවසාන මෙසේ ලියමි. සහෘද විඥානය පුළුල් කිරීම සාහිත්‍යයෙන් කළ යුතු වුවත් අද එය සිදුවන බවක් නොපෙනේ. එබැවින්ම සාහිත්‍යයේ ඇතැම් මට්ටම් ඇති බව ද නොදත් ප්‍රකාශකයන් සිටීම ද දුර්භාග්‍යකි. සාහිත්‍ය බෙදන්න එපා යැයි කියන්නට බැරිය.
ලියන ශානරයේ සිටම ඒ තුළ අඩංගු සාහිත්‍යමය ගුණ දක්වා ම මේ බෙදීම් සහිත බව නොදත් ලේඛක ලේඛිකාවන් ද ප්‍රකාශකයන්ද සාහිත්‍යයට ශාපයකි. අවුරුද්දට පොත් තුන හතර බැගින් ලියමින්, ප්‍රකාශයට පත්කරමින් මොවුන් කරන්නේ කොළ ද සහෘද මුදල් ද නාස්තියක් පමණි. ජාත්‍යන්තර ගණයේ කෘති ලංකාවෙන් බිහි නොවන්නේ හොඳ ලේඛක ලේඛිකාවන්ට මේ මාෆියා සාහිත්‍ය වෙළඳ පොළ තුළ ඉඩක් නැති නිසාය. සම්මානනීය කෘතියක් වුවද ජාත්‍යන්තරයට ගිය අවස්ථා ඔබට සිහි කළ හැකි ද? නැත. එසේ වන්නේ මේ සාහිත්‍ය මාෆියාවක්වත් නිසා ය.
දැන් සිදු කළ යුතු හොද ම සාහිත්‍ය සේවය නම් මේ මාෆියාකාර ලේඛක ලේඛිකාවන්ගෙන් සහ මාෆියා ප්‍රකාශන ආයතනවලින් සාහිත්‍යය බේරා ගැනීමය. නැතිනම් ලාංකේය සාහිත්‍යයට දෙයියන්ගේම පිහිටය.
සපුමල් විහාරහේන

