
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු රෝගය මැඩලීමේ අරමුණින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයත් ජාතික ඩෙංගු මර්දන ඒකකය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පොලීසිය එක්ව ක්‍රියාත්මක කරන ජාතික ඩෙංගු මර්දන සතිය හෙට (15) ආරම්භ වේ.
මේ වැඩසටහන සම්බන්ධයෙන් පැවති සූම් සාකච්ඡාවකට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින්සහභාගී වූ ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය ජගත් අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට සතියක් තුළ වාර්තාවන ඩෙංගු රෝගීන් ප්‍රමාණය 1,000කට ආසන්න අගයක් වුවද මේ වන විට එම ප්‍රමාණය ඉක්මවා ගොස් ගුණිතයක ආකරයෙන් සතියකට වාර්තාවන රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවය.
එම තත්ත්වය හේතුවෙන් දෛනිකව රෝහල්ගත වන රෝගීන් සංඛ්‍යාව ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් ඇති අතර එමගින් සෞඛ්‍ය අංශවල ධාරිතාව ඉක්මවා යමින් සිදුවන මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බව ඔහු මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවන් බෝවන ස්ථාන ගැන හැමෝම කතා කලත් මං හරියටම හොයා ගත්තා කොහෙන්ද ඔවුන් මගේ ගෙදරට එන්නේ කියලා... හවසට අපිව වටකර ගන්නවා මං හැමතැනම පරීක්ෂා කරා අන්තිමට මට පුළුවන් වුණා... මදුරුවන් එන්නේ කොහෙන්ද කියලා හොයා ගන්න. අපේ ටොයිලට් වලෙ වාතය පිටවෙන්න බටයක් දාල තියෙනවා මේක හැම ගෙදරකම තියෙනවා.. විශ්වාස කරන්න එක විනාඩියකට මදුරුවන් 100ක් විතර පිටවෙනවා. මං දැල් රැල්ලකින් බටයේ කට වැහුවා එක පැයක් විතර යනකොට මදුරුවන් එලියට යන්න බැරිව හිරවෙලාම මැරුන එදා හවස අපෙ ගෙදර මදුරුවන් 90% අඩු උනා,, ඔබත් අදම මෙක පරික්ෂා කරන්න.