
(දිනේෂ් උපේන්ද්‍ර)
යතුරුපැදි එන්ජින් හා චැසි 42ක් හා ජපානයේ නිෂ්පාදිත මිල අධික මත්පැන් බෝතල 190ක් අඩංගු කන්ටේනර් රථයක් සමගින් එක් පුද්ගලයකු කුලියාපිටිය හොරොම්බාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ජපානයේ සිට තීරුබදු වංචාකරමින් මෙලෙසින් යතුරුපැදි අමතර කොටස් මෙරටට රැගෙන එන බවට කුලියාපිටිය කොට්ඨාසබාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජානක කරුණාසිංහ මහතාට ලද තොරතුරකට අනුව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක, කුලියාපිටිය මූලස්ථාන පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ ඒකාබද්ධ මෙහෙයුමකදී මෙම බහාලුම පොලිස් බාරයට ගෙන ඇත.
පසුව එම බහාලුම කුලියාපිටිය පොලිසියට රැගෙන එන අතරවාරයේ මඩෙහි එරීයාම හේතුවෙන් එය ගොඩගැනීමට ගත් මහත් පරිශ්‍රමයෙන් අනතුරුව කුලියාපිටිය පොලිසියට රැගෙනවිත් ඇති අතර අත්අඩංගුවට පත් පුද්ගලාගේ ප්‍රකාශ ලබාගනිමින් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තීරු බදු වංචා කියන කතාව බොරු. රේගුවට පට්ට පගාවක් දීලා එළියට ගන්න ඇත්තේ අනිවා. අලුත් රජය ආවට පස්සේ පගාව 75% න් වැඩි වුණා. රේගුවේ අය කියන්නේ අනුර සැරයි. වැඩේ අමාරුයි කියලා. වැඩියෙන් සල්ලි ඕනේ කියලා. අන්තිමට ගොඩ යන්නේ රේගුවේ කාලකන්නි. හරියට බදු ගෙවලා කවදාවත් එලියට ගන්න බැහැ. මොකක් හරි බොරු හේතුවක් දාලා කෙලවනවා. හරියට බදු ගෙවලා එලියට ගත්තු එක්කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න.