(සනත් ගමගේ)

දූෂිත දේශපාලනඥයන්ට උපරිම දඩුවම් ක්‍රියාත්මක කරන වත්මන් රජයට තම ආශීර්වාදය ලබාදෙනවා. රජය පෙරළිමට කවර කණ්ඩායමක් හෝ සංවිධානයක් උත්සාහ දරන්නේම් එය කිසිසේත් අනුමත කරන්නේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ​පවසයි.

අද රටට අවශ්‍යව ඇත්තේ රටට ආදරය කරන විපක්ෂයක් හෙයින් දැනට පවතින විපක්ෂය කාටුන් විපක්ෂයක් බවද සරත් ෆොන්සේකා මහතා කිය.

සරත් ෆොන්සේකා මහතා ​මෙසේද පැවසිය

වත්මන් රජයට වසර පහක් ජනතාව ජනවරමක් ලබා දි තිබෙනව. එම ජනවරම යටතේ උපරිම ලෙස දූෂිතයින්ට දඩුවම් ලබාදිම ක්‍රියාත්මක වෙනව. අපි රජයට ආශීර්වාද කරනව. රජය පෙරළන්න කවර හෝ කණ්ඩායමක් උත්සාහ කරන්නේ නම් අපි එය අනුමත කරන්නේ නැහැ. මේ අයට මෙම වසර පහ කරගෙන යෑමට ඉඩ දිය යුතුයි. ජනතාව ඊළඟට තිරණය කාරවි මේ අය දිගට තියාගන්නවාද නැතිනම් වෙනත් කණ්ඩායමක් බලයට පත්කරනවාද යන්න. දැනට කරගෙන යන වැඩපිළිවෙල හොඳ වැඩ පිළිවෙළක් බව පෙනී යනව.