පෙබරවාරිය ලග්න 6 කට හොඳටම හොඳයි


 

මේෂ ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති කුජ හා යෝගකාරකයන් මෙම මාසය තුළ දී රාජයෝග බලයෙන් යුක්තව ගමන් කරන බැවින් අභියෝග ජයගෙන අවහිර බාධා මැඩගෙන සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට හැකි වන්නේය. උත්සාහයන්හි තරමට ප්‍රතිඵල අත්කර ගත හැකිවේ. වැඩි වශයෙන් ශූභ ඵල දායක මාසයකි. විශේෂයෙන් අලුත් දේ ඇරඹීමටත් අරමුණු සැලසුම් ක්‍රියාවට නැංවීමටත් මෙය උචිත මාසයක් ද වනු ඇත. 


අධ්‍යාපන-ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 

 

විද්‍යාස්ථානාධිපති හා විද්‍යාකාරක බුධ බලයෙන් යුක්තව සිටීම නිසා මෙම මස තුළ දී ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු සිතැඟි පරිදි අපේක්‍ෂා කළ අයුරින් කරගෙන යා හැක. පොතපත කියවීමටත්, දැනුම බුද්ධිය වර්ධනය කර ගැනීමටත් ආශාවෙන් කටයුතු කරයි. ශිෂ්‍යත්ව ලාබාදිය හිමිවීමටත් බලය ඇත. අධ්‍යාපනයට අවශ්‍ය මුදල් ලැබේ. අතපසුව ගිය ඉගෙනීම් කටයුතු නැවත ඇරඹේ. 
ඔබට මෙම මස තුළ ආර්ථික හා ආදායම් වශයෙන් යම් යම් ලාභ ප්‍රයෝජන සැලසෙනු ඇත. ඇඳුම් පැලඳුම් හා වස්ත්‍ර ලැබේ. ආර්ථික හා ආදායම් වර්ධනය උදෙසා ගන්නා උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. ඊට අදාළ වැඩකටයුතු දියුණු වේ. තමා නිරත ඉපැයීම් මාර්ගවලින් ලාභ ලැබේ. ආදායම ද වැඩිවේ. 


ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන මාසයක් වේ. විනෝදය විවේකය ගැන නොසිතා රැකියාව කෙරෙහි ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දෙයක්ද මෙම මස තුළ සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂාවන් ද ඉටුවන ලකුණු පහළ වේ. ඊට බල පෑ බාධා පහව යයි. 

 

ගෘහජීවිතය හා විවාහ දිවිය :-

 

මංගල භාවාධිපති මෙන්ම විවාහ කාරකා දී වූ සිකුරු බලයෙන් යුක්ත බැවින් ඔබට මෙම මස තුළ ආලය පිළිබඳ කටයුතු ඉතා පහසුවෙන් ඇතිකර ගත හැක. ආදර සබඳතා ස්ථීර තහවුරු කර ගැනීමට බාධාවක්ව පැවති යමක් ඉවත්වේ. විශේෂයෙන් ඔබට විරුද්ධ ලිංගිකයන් වැඩිපුර ඇසුරු කිරීමටත් මෙහි දී හැකි වන්නේය. පොදුවේ බැලීමේ දී අවිවාහක ඔබට තම අනාගත සහකරු/සහකාරිය මෙම කාලය තුළ ලැබෙනු ඇත. 

 

 

 

ඔබගේ ලග්නාධිපති කිවි හා යෝගකාරකයන් ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තම අත්‍යාවශ්‍ය වැඩකටයුතු කෙරෙන් ද ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙයි. අනපේක්‍ෂිත හා බලාපොරොත්තු රහිතව යම් යම් ඵල ප්‍රයෝජනයන් සැක සෙන්නේය. එනමුදු ක්‍රියාශූරත්වයෙන් කටයුතූ කළ යුතූ මාසයකි. හදිසියට කලබලයට තීන්දු තීරණ නොගන්න. පෙබරවාරි මුල් සති දෙකට වඩා අවසන් සති දෙක සැනසිලිදායක බව ඇතිවේ. 


අධ්‍යාපන -ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


පොතපතට ඇති උනන්දුව යොමුවීම වැඩිවී ඔබ සිය අධ්‍යාපනික කටයුතුවලට ප්‍රමුඛත්වයක් දී ක්‍රියා කරයි. අධ්‍යාපනික ආයතන කෙරෙන් ද කලකිරීම් සහගත දෑ ඇති නොකරයි. ඔබ වැඩි වශයෙන් ඉගෙනීමට යොමුවන ඊට කැමැත්ත ඇති යහළු යෙහෙළියන් වැඩිපුර ආශ්‍රය කරන්නට උනන්දු වෙයි. 


ධන අයභාවාධිපති මෙන්ම යෝග කාරක ශනි පීඩාවකින් තොර හෙයින් ඔබගේ ආර්ථිකමය පැත්තෙන් බලන කල ඔබට යම් යම් මූල්‍ය ලාභ ද ලැබෙනු ඇත. කලකට පෙර සැලසුම් කළ දෙයින් හෝ අන්සතු මුදලක් හෝ දේපළක් ලබා ගැනීමටත් අවස්ථාව මෙම මස තුළ සැකසේ. ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවතින මාසයකි. කෙසේ නමුත් අන්‍යයන්ට ණයට මුදල් දීමෙන් හා ණයකරයන්ට අත්සන් තැබීම් වලින් වළකින්න. 
මුල්සති දෙක රාජකාරියේ දී තමන්ට ලැබුණු පහසුකම් තරමක් අඩුවීමට කරුණු මතුවේ. රැකී රක්‍ෂා ව්‍යාපාරික කටයුතු සම්බන්ධ යම්යම් කරදරකාරී ස්වභාවයන් ගෙනදීමේ ඉඩක් පවතින බැවින් සැලකිලිමත් වන්න. අවසන් සති දෙක සිතේ සතුට ප්‍රීතිය ඇති වේ. වැඩ කටයුතු සඵල වේ.ඔබ තම රැකියා ව්‍යාපාරාදියට අදාළව අලුතෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන ආ කටයුතු ද දියුණුවට යයි. මෙමගින් ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයකි. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර ඵල ඇතිකරයි. අනවශ්‍ය හා ප්‍රයෝගකාරී කතා හේතුවෙන් ගොඩනැඟී තිබූ සබඳතා බිඳී යාමටත් ඉඩ පවතින බැවින් ඉන් ආරක්‍ෂා වන්න. මෙම මස තුළ ඔබගේ හැසිරීම යහපත් අයුරින් පවත්වා ගැනීමට හැකි වුවහොත් නව සබඳතා ගොඩනඟා ගැනීමටත් හැකිවන්නේය. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයා හෝ සහකරු/සහකාරිය සමග අන්‍යෝන්‍ය විශ්වාසය, හොඳ හිත පළුඳු වන අන්දමේ හේතු පෙන්නුම් කරන නිසා නිතරම අන්‍යෝන්‍ය බැඳීමෙන් සහයෝගයෙන් කටයුතු කිරීම වැදගත් වනු ඇත. 

 

 

 

 

මිථුන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා ලග්න නැකත් අධිපතින් ශුභාශුභ බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ ඔබගේ අත්‍යාවශ්‍ය කාර්ය කටයුතු හා ක්‍රියාකාරකම් වලටද ශුභාශුභ මිශ්‍ර බවක් ගෙන දෙන්නේය. ඒ නිසා සෑම දෙයක්ම සැලකිල්ලෙන් විමසිල්ලෙන් කිරීම වඩාත් යෙහෙකි. 


අධ්‍යාපන -ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


විශේෂයෙන් ඔබට මෙම මස තුළ සිය අධ්‍යාපනික කටයුතු කරගෙන යාමට සිදුවන්නේ විවිධ අවහිරයන් හා බාධාවන් මධ්‍යයේය. එමෙන්ම උනන්දුව අඩු වී උදාසීන බවක්ද මතුවේ. මුල් සති දෙක මෙම ස්වභාවය පහ වී ගොස් පැහැදිලි මනසින් ඉගෙනීම් කටයුතු වල නිරත වීමටත් හැකි වේ. 


ඔබට ආර්ථිකමය වශයෙන් එතරම් යහපත් නොවන හෙයින් එහිදී ගණූදෙණු කෙරෙන් පරිස්සම් වන්න. පොදුවේ බලන කල ඔබට මෙම මස තුළ යම් යම් මූල්‍ය ලාභයන් ගෙන දුන්නත්, විකිණීම් මිලයට ගැනීම් වලින් ලාභ ප්‍රයෝජන සැලසුවත් හදිසි තීරණ ක්‍රියාවට නැංවීම හේතුවෙන් මුදල් අවහිරතා මතු වේ. අනවශ්‍ය වියදම් අඩුකරගෙන දෛනික මුදල් පරිහරණයේ නිරත වන්න. නැතහොත් ආර්ථික දුෂ්කරතා මතු වේ. යම් යම් ද්‍රව්‍ය ලාභ ප්‍රයෝජන ද මේ අතරට ලැබෙනවා ඇත. 


විශේෂයෙන් මෙම මස මුල්සති දෙක තුළදී තම රැකියා ව්‍යාපාරාදිය කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් අවහිරතාව හා බාධා මධ්‍යයේය. එනිසා ඉවසීමෙන් සිතා බලා නිතරම වැඩකටයුතු ක්‍රියාවන්හි නිරත වන්න. උසස් නිලධාරීන් සමග කටයුතු කරන විට ප්‍රශ්න මතබේද ඇති නොකර ගැනීමටත් සැලකිලිමත් වන්න.  


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

ප්‍රේමදිවිය හා යුගදිවිය කල්පනාකාරීව සැලකිල්ලෙන් ඉවසිල්ලෙන් ගත කළ යුතුයි. යුගදිවියේ අසමගිකම් ඇතිවීමට ඉඩ තිබේ. ස්ත්‍රීන් නිසා නින්දාවක් හෝ අනතුරක් සිදු වේ. ස්ත්‍රීන් සමග අවුල් ද පැන නගී. ආදර බන්ධන පිළිබඳ බලාපොරොත්තු කඩවීමක් ද පෙන්නුම් කරයි. එනිසා පෙම් සබඳකම් වැනි ප්‍රශ්න වලදී ද ඉතාමත් සැලකිලිමත් වන්න. යම් යම් අයගේ උපදෙස් හා මැදිහත්වීම් හේතුවෙන් මේවායේ අනවශ්‍ය ප්‍රශ්න හා අවුල් ද හට ගැනීමටත් ඉඩ පවතින බැවින් දෙදෙනාට දෙදෙනා පමණක් අන්‍යෝන්‍ය අවබෝධයෙන් ක්‍රියා කරන්න. 

 

 

 

ඔබගේ ලග්න නැකැත් අධිපති හා යෝගකාරක තරමක පාප පීඩිතව මෙම මාසය තුළ ගමන් කරන බැවින් තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දු වන්න. නොසොයා නොබලා කටයුතු කරන්නට යෑමෙන් පසු තැවීමට ලක්වන දෑ සිදුවන නිසා යම් යම් වැදගත් තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. මෙය ඇසුරට ලැබෙන අයගෙන් ප්‍රවේසම්විය යුතු මාසයකි. 


අධ්‍යාපන -ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


පොදුවේ මෙම මස තුළ ඔබ උදාසීන හා අකර්මණ්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතු වල නියුතු වන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න. විටෙක පාඨමාලාවක් හෝ අධ්‍යාපනික විෂයන් මෙන්ම අධ්‍යාපනික ආයතන වුව වෙනස් කිරීමේ සිත් පහළ වෙයි. 


මෙම මස තුළ ඔබට ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් යුතුව ඉපැයීම් කටයුතුවල නිරත වීමෙන් ආදායම් මාර්ගයන් හි වැඩිදියුණුවක් සලසා ගත හැකිවන්නේය. වියදම් පක්‍ෂය අධික වුවත් හදිසි මිල මුදල් ලාභ හිමිවීමේ බලයක් ද පවතින බැවින් ලොතරැයි වැනි දේ මිල දී ගැනීමත් යෙහෙකි. වියදම් පස සීමා කර ගන්න. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතුවන මාසයකි. ලැබෙන මුදල් නිසි කළමනාකරණයකින් පරිහරණය කරන්න. 
ඔබගේ රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාර කටයුතුවලට ද විවිධ බාධාවන් මතුවන නිසා මේවාට අදාළ වැඩකටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කරන විට දෙවරක් තෙවරක් සිතා කටයුතු කරන්න. රැකියා ස්ථාන මාරුවීම් තනතුරු නිලතල වෙනස්වීම් වැනි දෑ සිදුවේ. ප්‍රශ්න අවම කරගෙන කටයුතු කිරීමට උනන්දු වන්න. හවුල් ව්‍යපාර වල අවුල් ඇති නොවන ලෙස එකඟතාවෙන් කටයුතු කරන්න. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

මෙම මස තුළ පොදු වශයෙන් ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේම දිවියේ කටයුතු වලදී වඩාත් ඥානාන්විත වන්න. පොදුවේ ආදර දිවියේ හා යුග දිවියේ තෘප්තිමත් බවක් මෙම මස තුළ ඔබට ගෙන නොදේ. සිත් තැවුල් ඇති වේ. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග අවුල් මතු වේ. මුදල් අතින් අගහිඟකම් ඇති වේ. නුසුදුසු ප්‍රේම සබඳතා හා රහස් සබඳතා ගොඩනැඟීම තුළින් විවිධ ප්‍රශ්නයන්ට අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප්‍රවණතාවයක් ඇති බැවින් දූරදර්ශීව ක්‍රියා කරන්න. 

 

 

 

 

සිංහ ලග්නය හිමි ඔබට මෙම මස තුළ ඔබගේ ලග්නාධිපති රවි හා යෝගකාරක කුජ ශුභාශුභ මිශ්‍ර බලයෙන් යුක්තව සිටීම නිසා මෙම මාසය ශුභාශුභ මිශ්‍ර ඵල ගෙන දෙන්නේය. එබැවින් තම අරමුණු සැලසුම් සාර්ථක කරගැනීමට වඩාත් කැපවන්න. අවසන් සති දෙක වැඩ කටයුතුවලට බාධා ඇති කළත් මුල් සති දෙක ශූභ ඵල සහිතයි. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


විද්‍යාස්ථානාධිපති ශුභ යෝග බලයෙන් හැසිරීම නිසා මෙම මාසය තුළ ඔබගේ අධ්‍යාපන කටයුතුවල ප්‍රගතිය උදෙසා කටයුතු පිළියෙල වේ. තම අධ්‍යාපන කටයුතු කරගෙන යාමට වැඩිහිටියන්ගෙන් ද අඩුවකින් තොරව මිල මුදල් හා ද්‍රව්‍යමය ආධාර උපකාර ලැබේ. අවබෝධ ඥානය, ධාරණ ශක්තිය ද මැනවින් ගොඩනැගේ. අවසන් දින 10 තුළ යම් යම් බාධා මතු වීමට හේතු යෙදේ. 


ගනුදෙනුවල දී හා මුදල් පරිහරණයේ දී සැලකිලිමත් වන්න. ඔබට මෙම මස තුළදී තම අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා මිල මුදල් ලැබුණත්, වියදම් පස ද ඒ අයුරින්ම ගෙන දේ. අනවශ්‍ය වියදම් ඇතිවන බැවින්, ඒවායින් මිදෙන්න. හදිසි මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ණය ගනුදෙනුවල පැටලීමට වුවත් සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්නවල දී කලබල නොවී ක්‍රියා කරන්න. 


කැපවීමෙන් රැකියා ව්‍යාපාරික කටයුතුවල නිරත වන ස්වභාවය මෙම මස තුළ දී ඔබෙන් පිළිඹිබු නොවන්නේය. එමෙන්ම තම රැකියා ව්‍යාපාරාදියේ කිසියම් ප්‍රගතියක් අත්පත් වුවත් අනපේක්ෂිත ගමන් බිමන් හේතුවෙන් රාජකාරිය ක්‍රමවත්ව කර ගැනීමට අසීරුවෙයි. එමෙන්ම ඔබ රාජකාරි වගකීම් නිසි ලෙස ඉටුකිරීමටත් මෙහිදී සැලකිලිමත්වීම වඩාත් නුවණට හුරුයි. ඒ එසේ වුවත් රැකී රක්ෂා තනතුරුවලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට මෙම මස මුල් දින 10 තුළ එම අදහස් ඉෂ්ට වන කාලයක් වේ. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

ඔබට විරුද්ධ ලිංගිකයන් සමග විවිධ අයුරින් සම්බන්ධ වීමට, එකට කටයුතු කිරීමට අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන බැවින් යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවල දී වඩාත් කල්පනාකාරී වන්න. පොදුවේ යුගදිවි ගෙවන්නන් වඩාත් ඥානාන්විතව මෙම මාසයේ දී කටයුතු කරන්න. පෙම් සබඳතා සතුටුදායක වුවත් පමණ ඉක්මවා කිසිත් නොකරන්න. මේ සම්බන්ධ කටයුතු වල දී අපවාද චෝදනා වුව එල්ලවීමේ අවදානමක් පවතී. ඒ කෙරේ අවබෝධයෙන් ක්‍රියා කරන්න. 

 

 

 

 

කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක සිකුරු බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබට අලුත් ප්‍රවේශයකට අනුව නව මඟක ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේය. උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල මැනවින් ලැබේ. සිතට සතූට උපදවන දෑ සිදුවන මාසයකි. තම නම ප්‍රසිද්ධ වන විදියේ යහපත් දෙයක් සිදුවේ. ආගිය තැන කැපී පෙනෙන තත්වයකට පත්වේ. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


ලග්නාධිපති බුද විද්‍යාකාරක ද සමග සංයෝගවී විද්‍යස්ථානයේ බලයෙන් යුක්තව ගමන් කිරීම හේතුකොට අධ්‍යාපන කටයුතු කෙරෙන් දක්ෂතා පෙන්වයි. ඉගෙනීම් කටයුතුවල නියුතු වන කන්‍යා ලග්න හිමියන්ට එමගින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වන්නේය. සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාව පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත. 


ඔබේ ලග්නයේ ග්‍රහ බලය මෙම මස තුළ බලවත් බැවින් ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථකවීම ද සිදුවේ. එබැවින් ඔබට මෙම පෙබරවාරි මාසය තුළ මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. උරුම හිමිකම් ලාභාදිය ද ලැබේ. අවශ්‍යතා සපුරා ගැනීමට කෙසේ හෝ මුදල් ලැබෙන මාසයකි. 


රැකියා ව්‍යාපාරික කටයුතු හොඳින් කෙරෙන මාසයකි. නව රැකියා අවස්ථාවකටත් පසුබිම සැකසේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුකර ගත හැකි වේ. තම ව්‍යාපාරාදියේ අත්‍යාවශ්‍ය කාර්යයන් සාර්ථක කර ගැනීමටත් අවස්ථාව සැලසෙන්නේය. තාවකාලික රැකියා ස්ථිර තහවුරු වනු ඇත. මීට අදාළ බලාපොරොත්තූ ඉටුවේ.


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-- 


විවාහකාරක සිකුරු මිශ්‍ර බලයෙන් යුක්තව ගමන් කරන නිසා ප්‍රේම දිවිය හා යුග දිවිය තෘප්තිමත්ව ගත කිරීමට හැකිවන්නේ ඔබ අනවශ්‍ය දේවල්වල නිරත නොවුණොත් පමණි. ඔබගේ ආදර සබඳතා මෙන්ම විවාහයට අදාළ කාර්ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට ඥානාන්විත වන්න. ආදර කටයුත්තක් සම්බන්ධව හදිසි තීන්දු තීරණයන්ට නිගමනයන්ට එළඹීමට හැකි වුවත් විවාහ සහකරු හෝ සහකාරිය හෝ නිසා යම් යම් අය විරුද්ධ වීමට ද ඉඩ තිබේ. එමෙන්ම ඔහුට හෝ ඇයට මතුකරන අසනීප නිසාත් තමාට වරින් වර වැඩි වියදම් දැරීමට සිදු වේ. 

 

 

 

 

ඔබගේ ලග්නාධිපති හා යෝගකාරකයින් ශුභ යෝග බලයෙන් යුක්තව සිටීම නිසා ඔබට ද මෙම මාසය ශුභඵල දායි අයුරින් ගතවන්නේය. එබැවින් ඔබට මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. ගෙදර දොර පවුලට සම්බන්ධ මෙන්ම තම දෛනික කාර්යන්ට සම්බන්ධ කටයුතු හොඳින් ඉටුකර ගැනීමටත් හැකිවන අතර ක්‍රියා ශූරත්වයෙන් යුතුව දෛනික කාර්ය කටයුතුවල නිරත වීමටත් පිළිවන්කම ලැබේ. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


විද්‍යාස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඉගෙනීමට පොත පතට වැඩි උනන්දුවකින් කටයුතු කරයි. අධ්‍යාපනයට සම්බන්ධ අපේක්‍ෂිත ජයග්‍රහණ අත්පත් වන්නේය. පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වයට හා දැනුම වැඩිදියුණු කර ගැනීමටත් යම් යම් අයගේ ආධාර මෙන්ම උගතුන්ගේ සහායත් ලැබේ. අධ්‍යාපනික වශයෙන් විවිධ හැකියා කූසලතා පෙන්විය හැකි මාසයකි. 


සමස්ථයක් වශයෙන් ගත්කල ඔබට ආර්ථික හා දේපළමය වශයෙන් වැඩි දියුණුවට කටයුතු පිළියෙල වන අතර විවිධ ආර්ථිකමය ලාභ ලැබේ. ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මං පෙත් විවර වන්නේය. ගනුදෙනු වලින් නොසිතූ වාසි ප්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප්‍රයෝජන හා අධික වියදම් ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. ඒවා මඟ හැර ගන්න. 


නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන කාර්යයන් සාර්ථක වන්නේය. ව්‍යාපාරයේ වැඩි දියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි. රැකියා ව්‍යාපාරය කෙරෙන් තෘප්තිමත්භාවයක්ද ඇතිවන්නේය. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

මෙම මස තුළ ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. ගෘහ ජීවිතයේ හා ආදරය දිවිය සහ විවාහ දිවියේ බලාපොරොත්තු වූ අදහස් යෝජනා හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවේ. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ද ඇතිවේ. 

 

 

 

වෘශ්චික ලග්නය හිමි ඔබගේ ග්‍රහගමන බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය තුළ ඔබගේ දෛනික කාර්යය කටයුතු බොහොමයක් සැලසුම් කළ පරිදි සාර්ථක වන්නේය. තෘප්තිමත්ව කාර්යය කටයුතුවල නිරත විය හැක. ආගිය තැන කැපී පෙනෙමින් කටයුතු කළ හැකිවෙයි. එසේම මෙය දක්ෂතාවයට හැකියා කුෂලතාවයට ඔබට නිසි තැන ලැබෙන මාසයක් වනු ඇත. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


අධ්‍යාපනික කටයුතු කෙරෙහි හා දැන උගත් අයගේ ඇසුර උදෙසා උනන්දුවක් ඕනෑකමක් දක්වයි. සැලසුම් සහගතව උද්යෝගයෙන් සිය ඉගෙනීම් කටයුතුවල නියුතු වීමටත් හැකියාව ලැබේ. ඔබගේ සියලු අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කෙරෙන මාසයකි. අලුත් වෘත්තීය පාඨමාලාවන්ට සම්බන්ධ වෙයි. ඔබ පුස්තකාල හා පොත් අලෙවිසැල්වල වැඩිපුර ගැවසෙන මාසයකි. පෙනීසිටි තරග විභාගවලින් ජය ලැබේ. 
ධන අයභාවාධිපතීන් විශේෂ ධන භාවයේ ගත කරන මෙම මාසය ආර්ථික හා දේපල ලාභ උපයා සපයා ගැනීමට හැකියාව ලැබේ. එබැවින් නව ආදායම් මාර්ග ගොඩනැගී ආර්ථිකයේ ප්‍රගතියක් මෙම මාසයේ දී සිදු වන්නේය. බලපෑ ආර්ථික ගැටලු බොහොමයකින් නිදහස් වීමට හැකිවනු ඇත. උරුම හිමිකම් ප්‍රශ්න නිරාකරණය වී මීට අදාළ යම් යම් ලාභ ප්‍රයෝජනයන් ද සැලසෙන්නේය. තැන්පත් ධනයට යමක් එකතුවේ. 
රැකියා ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් ද යහපත් වාතාවරණයක් ගොඩනැගේ. විශේෂයෙන් රැකී රක්‍ෂා ව්‍යාපාර කටයුතු වල නව වෙනසක් සිදුවන මාසයක් ද වන්නේය. උසස්වීම් වලට පසුබිම සැකසෙන අතර, විදෙස් රැකියා අපේක්‍ෂාවක් ද ඉටුවී සිතෙහි සහනයෙන් සතුටින් රාජකාරියේ නිරත වීමට හැකිවේ. උගත් කමට හැකියා කූසලතාවයට නිසි තැන ලැබෙන මාසයකි. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-- 


මංගල භාවාධිපති හා විවාහ කාරක සිකුරු බලයෙන් හැසිරෙන නිසා ඔබට පසුගිය කාලය තුළ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇතිවී තිබූ අසහන සිත් තැවුල් වලින් මිදී කටයුතු කිරීමට හැකි වන්නේය. එමෙන්ම මේවාට බලපා තිබූ වැඩිහිටි විරෝධතා ද නැතිවී ඔවුනගේ ආශිර්වාදය ද ලැබේ. නව සබඳතා ඇතිවේ. ප්‍රශ්නකාරී ස්වභාවයට, මතභේදයට ලක්ව පැවති ප්‍රේම සබඳතා නැවතත් සාමකාමී තත්ත්වයට පත්වේ. කෙසේ වෙතත් හැඟීම්වලට මුල්තැනක් නොදී ඊට නතු නොවී, ආත්ම ගෞරවය රැකෙන පරිදි සමාජයේදී හැසිරෙන්න. 

 

 

 

ධනු ලග්න හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක රවි- බුද බලයෙන් යුක්තව මෙන්ම රාජ යෝගයක්ද උදා කරමින් ගමන් කරන මෙම මාසය වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. සිතැඟි පරිදි සිය කාර්යන් ඉටු වන්නේය. උත්සාහයන්හි ප්‍රතිඵල අත්කර ගත හැකි වෙයි. තම නම ප්‍රචලිත වන කාර්යන් රැසක් ගොඩනැගේ. ඔබට විවිධ පුද්ගලයන් ඇසුරට අවස්ථාව සැකසේ. ප්‍රමාද වූ වැඩ කටයුතු රැසක් සිතැඟි පරිදි සාර්ථකවේ. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


විද්‍යස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් අධ්‍යාපන ක්‍ෂේත්‍රයෙන් විවිධ දක්ෂතා පෙන්වීමට මෙම මාසය තුළ අවස්ථාව සැලසේ. ඉගෙනීම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යන අතර අධ්‍යාපන කටයුතුවලට යහපත්ය. තම පාසල් හා වෘත්තීය අධ්‍යාපන කටයුතු සඳහා පසුගිය දිනවල දී පැවති බාහිර හා අභ්‍යන්තරික දුෂ්කරතා ප්‍රශ්න මඟහැරී යයි. ඔබගේ අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය ආර්ථික හා ද්‍රව්‍යමය අවශ්‍යතාවයන්ද ලැබේ. 


ධන අය භාවාධිපතීන් බලයෙන් යුක්තව හැසිරෙන හෙයින් මෙම මාසය තුළදී ඔබගේ ආදායම් තත්ත්වයේ ප්‍රගතියක් පෙන්නුම් කරයි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමට ද ඉඩ ඇත. ණය ගනුදෙනු අපේක්‍ෂාවන් ඉෂ්ට සිද්ධවීම සිදුවේ. උරුම හිමිකම් ප්‍රශ්න, බදු ප්‍රශ්න යනාදිය විසඳේ. අවශ්‍යතා සපුරා ගැනීමට මුදල් ලාභ ලැබෙන මාසයකි. 


තම රැකියා හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතු සම්බන්ධයෙන් ද යහපත් වෙනසක් පෙන්නුම් කරයි. නිරත රැකියාවේ ඉදිරි ගමනක් ඇතිවේ. හවුල් ව්‍යාපාරවල නිරත ඔබට යම් යම් වාසි සැලසේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණයන්ට පෙනී සිටීමටත්, ඉන් ජයග්‍රහණ හිමිකර ගැනීමටත් ලැබේ. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

ආදර සබඳතා හා විවාහ යෝජනාදියට සම්බන්ධ අරමුණු සැලසුම් පහසුවෙන් ඉෂ්ට සිද්ධකර ගැනීමට හැකිවන්නේය. සමාජීය ඇසුර, විවිධ ගමන් බිමන් මුල්කොට විරුද්ධ ලිංගික සබඳකම් ගොඩනැගේ. මේවාට බලපා තිබූ ගැටලු සහගත තැන්, ප්‍රශ්නකාරී ස්භාවයන් පහව යයි. විරුද්ධ ලිංගික ඇසුර වැඩි වශයෙන් ලැබෙන මාසයකි. යුගදිවි ගෙවන්නන් තුළත් පැවති මතබේදකාරී ස්භාවයන් පහව යන වාතාවරණය ගොඩනැගේ. ගෙදර දොර ඔබ වෙනුවෙන් උත්සව පැවැත්වෙන මාසයක් ද වන්නේය. 

 

 

 

 

ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග්‍රහයන්ගේ සුභාසුබ ගමන පරිදි ඔබට මෙම මාසය ශුභාශුභ මිශ්‍ර පල ගෙනදෙයි. අනාගත යහපත උදෙසා කිසියම් ශුභඵලදායී බවක් ගොඩනැගුණත් අත්තනෝමතික හිතුවක්කාර ක්‍රියා නිසා විවිධ පාඩු සිදුවීමටත් ඉඩ ඇත. මේ නිසා සෑම දෙයක් කෙරෙහිම සැලකිල්ලෙන්, විමසිල්ලෙන් ක්‍රියා කරන්න. එහෙත් තමාට උදව් උපකාර කිරීමට යම් යම් අය ඉදිරිපත් වේ. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :-


විද්‍යාස්ථානාධිපතිගේ පිහිටීම මත බලන කල ඔබට සිය අධ්‍යාපනික කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමට හැකිවන්නේ අමතර කාර්යන්වල හා අනවශ්‍ය ක්‍රියාවල නිරත නොවුණහොත් පමණි. එනිසා ඒ කෙරේ අවධානයෙන් ක්‍රියා කරන්න. කෙසේ නමුත් ඉගෙනීම් කටයුතුවලටම සිත නොයොදන මාසයක් ද වනු ඇත. 
ධන අය භාවාධිපතීන් අශුභදායක ලෙස ගමන් කිරීම කරන බැවින් ඉපැයීම් මාර්ග කෙරෙන් යහපත් නොවන තැන්පත් ධනය වියදම් වන දෑ සිදුවීම හා ඔබගේ ආදායම් වියදම් සම තත්ත්වයෙන් පවත්වාගෙන යාමට අසීරු වීමෙන් යම් යම් ආර්ථික දුෂ්කරතාවයන්ට ද පත්විය හැක. ගත වූ මාසයට වඩා අතිරේක ආදායම් මාර්ග පිළිබඳව සැලකිල්ල ද අඩු වී යයි. නිෂ්ප්‍රයෝජන වියදම් හා ගමන් බිමන් ද බහුල වන හෙයින් ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමට වැඩි වශයෙන් යොමු වන්න. 


රාජකාරියට සම්බන්ධ දැනුම වැඩිකර ගැනීමටත්, රැකී රක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදියට අදාළ සැලසුම් අපේක්‍ෂා ඉටුකර ගැනීමටත් අවස්ථාව උදාවුවත් පොදුවේ ඔබට මෙම මස තුළ රාජකාරිය තෘප්තිමත්ව කරගෙන යාමට ඉඩ නොලැබේ. රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයන්ට අදාළ ස්ථාන වෙනස්වීම්වලට ඉඩ ඇත. එනමුදු ඔබ මෙම මස තුළ දී ආර්ථික හා රැකියා ව්‍යාපාරාදියේ ප්‍රගතිය උදෙසා සිත කය දෙකම එකසේ වෙහෙසා ක්‍රියා කරන්න. 


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇතිවන්නේය. නව ආදර සබඳතාවකට හෝ විවාහ ගිවිසුමකට පසුබිම සැකසුනත්, බාහිර කරදර බාධාවන් මතුවීමෙන් මෙවැනි දෙයට අදාළ සැලසුම් යෝජනා වෙනස්වීමකට වුව ඉඩ යෙදේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගතවේ. ගමන් බිමන් විනෝද චාරිකාවක් මගින් හදිසි දැන හැඳිනුම් ඇතිවන මාසයකි. එහෙත් ඒවාට යම් යම් විරුද්ධවාදිකම් ද ඇති වේ. මේවායේ කාර්යන් මුල්කොට සිත සසලවන දේත් ඇතිකෙරේ. 

 

 

කුම්භ ලග්නයෙන් උපන් ඔබ මෙම මාසය තුළ තම අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දු වන්න. තිබුණ ගෞරව සැලකිලි පිරිහී යයි. අනපේක්ෂිත කරදර සහිත මාසයකි. සිත් තැවුල් නිතර ඇති වේ. අවුල් වියවුල් කෝලහාල වලට පවා මැදිහත් වීමට සිදුවන බැවින් තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. මෙය ඇසුරට ලැබෙන අයගෙන් ප්‍රවේසම්විය යුතු මාසයකි. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :- 


මෙම මස අවසන් සති දෙක තුළ ඉගෙනීමේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකි වුවන්, මුල් සති 2 ශුභඵල හිනය. එම නිසා පොදුවේ ඔබ මෙම මස තුළ උදාසීන හා අකර්මණ්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතුවල නියුතු වන්න. නිකරුණේ ඇවිදිලි යෙදෙයි. අනවශ්‍ය ලෙස කරදර මතුවිය හැක. අධ්‍යාපනික උපකරණ නැති වේ. ඉගෙනීමට ආශාව අඩු වේ. 


ඔබට ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් යුතුව ඉපැයීම් කටයුතුවල නිරත වීමෙන් ආදායම් මාර්ගයන් හි වැඩිදියුණුවක් සලසා ගත හැකිවන්නේය. ලැබෙන මුදල් නිසි කළමනාකරණයකින් පරිහරණය කරන්න. නිෂ්ඵල වියදම් වැඩි වේ. ලාභ බලාපොරොත්තුවෙන් මුදල් වියදම් කිරීමට ගොස් පාඩු විඳීමට සිදුවේ. වෙ​ෙළඳ ව්‍යාපාරවලට ආයෝජන හිතකර නොවේ. 


ඔබගේ රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාර කටයුතුවලට ද විවිධ බාධා මතුවන නිසා මේවාට අදාළ වැඩ කටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කරන විට දෙවරක් හෝ තෙවරක් සිතා කටයුතු කරන්න. රැකියා ස්ථාන මාරුවීම් තනතුරු නිලතල වෙනස්වීම් වැනි දෑ සිදුවේ. 


ගෘහජීවිතය හා විවාහ දිවිය :-

මෙම මස තුළ පොදු වශයෙන් ඔබට ආදර දිවිය හා යුග දිවිය තෘප්තිමත් අයුරින් ගතකළහැකි වුවත් ප්‍රේම දිවියටත් යුග දිවියටත් අනපේක්ෂිත ප්‍රශ්න බාධා ඇති කෙරේ. සුදුසු ගැළපෙන ප්‍රේම සබඳතා හා විවාහ යෝජනා ද ගොඩනැඟීම තුළින් ගතට සිතට සහනය සතුට යම් පමණ ගෙනදේ. පවුලේ සමීප ඥාතියෙක් හෝ ගෙදර දොර අයෙක් සමග ආරවුලක් සිදුවිය හැකියි.

 

 

 

මීන ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති ගුරු හා ලග්න නැකත් අධිපතීන් රාජ යෝග බලයෙන් යුක්තව ගමන් කරන බැවින් සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය. අවසන් සති දෙක ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කෙරෙන් ද ශූභාශූභ මිශ්‍ර බවක් ගෙන දේ. විශේෂයෙන් පූර්ව සුදානමකින් විමසිලිවන්තව කටයුතු කළහොත් පසුගිය කාලයේ අතපසු වූ වැඩකොටස් රැසක් කර ගැනීමට අවස්ථාවක් සැලසේ. 


අධ්‍යාපන - ආර්ථික හා රැකියාවේ තත්ත්වය :-


ඉගෙනීම් කටයුතුවලට, පොත පතට උනන්දුව ඇති වේ. අධ්‍යාපනයට බාධා අවහිර ඇති කළත් ඉන් ලොකු පාඩුවක් ඇති නොවේ. පුස්තකාල, පොත් අලෙවි සැල්, අධ්‍යාපනික ප්‍රදර්ශන ආදී ස්ථානයන්හි වැඩිපුර ගත කිරීමට අවස්ථාව ද ලැබේ. අධ්‍යාපනික උපකරණ අඟ හිඟතා පහව යයි. එහෙත් අධ්‍යාපනයට උනන්දුුව ඇති කරගන්න. 


දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක. යම් යම් ආර්ථික ලාභ ලැබෙන්නට තිබූ මාර්ග ක්‍රමයෙන් හෙළිපෙහෙළි වේ. අනපේක්‍ෂිත අන්සතු මුදල් හෝ රැකියාවේ හිඟ මුදලක් හෝ ලැබෙනු ඇත. මුල්සති දෙක ප්‍රමාද වූ උරුම හිමිකම් අයිතිවාසිකම් ලාභ හිමිකර ගැනීමටත් හැකි වන්නේය. එහෙත් අවසන් සති දෙකේ දී ලැබෙන මුදල් නාස්ති නොවීමට වගබලා ගන්න. 


ඔබ මෙම මාසයේ දී කැපවීමෙන් රැකී රක්‍ෂා ව්‍යාපාරයන් හි නිරත වන අතර, රැකියාවේ තරමක ප්‍රගතියක් ද අත්පත්කර ගැනීමටත් හැකිවේ. උත්සාහය අත් නොහැර ක්‍රියාශීලීභාවයෙන් කටයුතුවල නිරත වුවහොත් නව රැකියා අවස්ථා හා රැකියා ව්‍යාපාරාදියේ වැඩි දියුණුව ද සලසා ගැනීමට පිළිවන. හවුල් ව්‍යාපාරවල වැඩිදියුණුවක් සලසයි. රුකියා පොරොන්දු ඉටුවන මාසයකි.  


ගෘහ ජීවිතය හා විවාහ දිවිය :-

 

මෙම මස මුල් සති දෙක තුළ දී ඔබගේ ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතු කෙරෙන් යහපතට කටයුතු සිදුවේ. ඔබ සංචාරක විනෝද ගමන්, බිමන් හි තම ආදරවන්තිය/ ආදරවන්තයා සමග වැඩිපුර නිරතවීමට මෙම මාසයේ දී බොහෝවිට යොමු වේ. එසේ නමුත් ආදර දිවියේ කටයුතු ක්‍රියාවලට බාහිර විවිධ ප්‍රශ්න බාධක යෙදේ. මෙවැනි සුබඵල මධ්‍යයේම ආදර සබඳතා හා විවාහ දිවියේ කටයුතුවල යම් යම් වෙනස්වීම්ද ඇති වෙයි. තමා අවට වැඩ පිළිවෙළ පරිසරය මෙම මස තුළ අමුතුවේ.


 
 www.hirumadala.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යෝතිෂ ලිපි මෙන්ම සුබ නැකැත් ආදි ඔබගේ ජ්‍යෝතිෂ අවශ්‍යතා රාශියක් සපුරාගත හැක. 

 

ජ්‍යෝතිෂවේදී 
බෙන්තොට - හේමන්ත වීරසිංහ