
“3අයි/ඇට්ලස්” ගැන අටුවා ටීකා අවශ්‍ය නොවෙයි. 3අයි/ඇට්ලස් යනු අප සෞරග්‍රහ මණ්ඩලයට පිටතින් ආ වස්තුවකි. මේ වස්තුව සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඇති අන්තර් විශ්වයේ සිට සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී සෞරග්‍රහ මණ්ඩලය හරහා වේගයෙන් ගමන් කරයි. මෙය අසාමාන්‍ය වස්තුවක් බැවින් පිටසක්වළ යානයක් දෝ යන සැකය පවතී.
තාරකා විද්‍යාඥයන්ට අනුව නම් 3අයි/ඇට්ලස් යනු වල්ගා තරුවකි. වල්ගා තරුවක් යැයි කීවත් මෙහි ගමන් මාර්ගය, වර්ණය ආදිය සාමාන්‍ය වල්ගා තරුවක ගමන් මාර්ගයට සහ වල්ගයට සමාන නෙවෙයි. 3අයි/ඇට්ලස් පිටසක්වළ යානයක් යැයි සැක කෙරෙන්නේ ඒ නිසාය. 3අයි/ඇට්ලස් පෘථිවියට ආසන්නතම ලක්ෂ්‍යයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ 2025 දෙසැම්බර් 19 වැනිදාය. 3අයි/ඇට්ලස් පෘථිවියට අනතුරක් නොකර, පෘථිවිය අසලින් ගමන් කරනු ඇත. ඒත් 3අයි/ඇට්ලස් පිටසක්වළ යානයක් නම්, එහි අපට වඩා බුද්ධිමත් පිටසක්වළ ජීවීන් සිටින්නේ නම්, කුමක් සිදුවේවි ද? කුමක් වුවත් - එය හරි අපූරු දෙයක් වනු ඇතැයි නිසැකය.
තාරකා විද්‍යාඥයන්ට අනුව නම් 3අයි/ඇට්ලස් යනු වල්ගා තරුවකි. වල්ගා තරුවක් යැයි කීවත් මෙහි ගමන් මාර්ගය, වර්ණය ආදිය සාමාන්‍ය වල්ගා තරුවක ගමන් මාර්ගයට සහ වල්ගයට සමාන නෙවෙයි. 3අයි/ඇට්ලස් පිටසක්වළ යානයක් යැයි සැක කෙරෙන්නේ ඒ නිසාය. 3අයි/ඇට්ලස් පෘථිවියට ආසන්නතම ලක්ෂ්‍යයට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ 2025 දෙසැම්බර් 19 වැනිදාය.
3අයි/ඇට්ලස් අබිරහස් අන්තර් තාරකා වස්තුවට සමාන තවත් වස්තුවක් කෙරෙහි මේ වන විට තාරකා විද්‍යාඥයන් ගේ අවධානය යොමු වී තිබේ. කෙසේ නමුත් මෙම වස්තුව නම් - සියයට 100 ක් ම වල්ගා තරුවක් බව තාරකා විද්‍යාඥයන් විසින් තහවුරු කරගෙන තිබේ. විද්‍යාඥයන් අලුතින් සොයාගත් මෙම වල්ගා තරුව, පසුගිය නොවැම්බර් 11 වැනිදා පෘථිවියට ආසන්නයෙන් ගමන් කළේය. එයින් පෘථිවියට කිසිදු අනතුරක් සිදුවූයේ නැත. මෙම වල්ගා තරුව සහ 3අයි/ඇට්ලස් අතරේ ඇත්තේ සුළු වෙනස්කම් කීපයක් බව ද තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කළහ. මෙම නව වල්ගා තරුව අප සෞරග්‍රහ මණ්ඩලය තුළම නිර්මාණය වූවක් ය යන්න විද්‍යාඥයන්ගේ අදහසය. මේ අදහස් පළ කළේ කුඩා ග්‍රහලෝක සම්බන්ධයෙන් ගවේෂණ සිදු කරමින් දත්ත රැස් කරන ආයතනයයි. එහි විද්‍යාඥයන් මෙම නව වල්ගා තරුව ගැන අවධානයෙන් පසු වූ බැව් පවසෙන්නේ පසුගිය නොවැම්බර් 2 වැනිදා සිටය. වල්ගා තරුව නොවැම්බර් 11 වන දින පෘථිවියට ආසන්නතම ස්ථානයට පැමිණි අතර, නොවැම්බර් 16 වැනිදා එය සූර්යයාට ආසන්නතම ලක්ෂ්‍යයට ළඟා විය. වල්ගා තරුව පෘථිවියට ආසන්නයෙන් ගමන් කළා යැයි කීවත් - එය ගමන් කළේ චන්ද්‍රයාට වඩා ආසන්න වශයෙන් 270 ගුණයක් දුරින්, සැතපුම් මිලියන 64 ක් (කිලෝමීටර් මිලියන 103 ක්) පමණ දුරකිනි.

මෙම නව වල්ගා තරුව නම් කර ඇත්තේ - “සී/2025වී.අයි. බොරිසෝව්” යන නිල නාමයෙනි. නව වල්ගා තරුව මුලින්ම නිරීක්ෂණය කළේ ක්‍රිමියාවේ ආධුනික තාරකා විද්‍යාඥයෙකු වන ජෙනඩි බොරිසොව් විසිනි. කුඩා ග්‍රහලෝක සම්බන්ධයෙන් ගවේෂණ සිදු කරමින් දත්ත රැස් කරන ආයතනය වල්ගා තරුව ගැන උනන්දු වූයේ ඒ අනුවය. තාරකා විද්‍යාව සම්බන්ධයෙන් ජෙනඩි බොරිසොව් ජනප්‍රිය චරිතයකි.
අන්තර් තාරකා අවකාශයෙන් පැමිණි අභ්‍යවකාශ වස්තු සොයාගැනීම සම්බන්ධයෙන් බොරිසොව් ප්‍රකටය. 3අයි/ඇට්ලස් අබිරහස් වස්තුවට පෙර ඒ හා සමාන අන්තර් තාරකා වස්තූන් දෙකක් අප සෞරග්‍රහ මණ්ඩලයට ඇතුළු වී, සෞරග්‍රහ මණ්ඩලයේ සැරිසරා - යළි පෙර සිටි ස්ථානයටම ආපසු ගියේය. එසේ පැමිණි එක් වස්තුවක් වන්නේ 2017 වසරේ සොයාගත් පළමු අන්තර් තාරකා වස්තුව වන ඔමුවාමුවා ය. පිටසක්වළ යානයක මෙන් හැඩය ගත් ඔමුවාමුවා ග්‍රහකයක් ලෙස සැලකෙයි. ඔමුවාමුවාගෙන් පසු අප සෞරග්‍රහ මණ්ඩලයට ආ වල්ගාතරුව සොයා ගත්තේ බොරිසොව්ය. ඒ 2019 වසරේදී ය.
සී/2025වී.අයි. වල්ගා තරුව පියවි ඇසට නොපෙනෙන තරමට අඳුරු එකකි. එම නිසා දුරේක්ෂයක් හෝ ප්‍රබල දුරදක්නයක් නොමැතිව එය නිරීක්ෂණය කිරීම දුෂ්කර බව ද පැවැසෙයි. වල්ගා තරු අපිරිසුදු හිම ගුලි ලෙස ද විද්‍යාඥයෝ අර්ථ ගන්වති. සෞරග්‍රහ මණ්ඩලය තුළ සංචාරය කරන කුඩා ආකාශ වස්තූන් ය. ඒවා ප්‍රධාන වශයෙන් අයිස් (ජලය, මීතේන්, කාබන් ඩයොක්සයිඩ් වැනි) දූවිලි සහ පාෂාණමය ද්‍රව්‍යවලින් සමන්විත වන අතර, ඒවායේ මධ්‍යය න්‍යෂ්ටිය ලෙස හැඳින්වේ. මෙම වල්ගා තරු සෞරග්‍රහ මණ්ඩලයේ ඈත කෙළවරේ, එනම් කයිපර් පටිය හෝ ඌට් වළාව වැනි ප්‍රදේශවලින් ආරම්භ වී සූර්යයා දෙසට ගමන් කරයි. වල්ගා තරුවක් සූර්යයාට ළං වන විට, සූර්යයාගේ තාපය හේතුවෙන් න්‍යෂ්ටියේ ඇති අයිස් වාෂ්ප බවට පත් වී වස්තුව වටා දූවිලි හා වායු වලාවක් සාදයි. මෙය කෝමා ලෙස හැඳින්වෙයි. මෙම කෝමාව මත සූර්ය සුළං සහ සූර්ය විකිරණ පීඩනය යෙදෙන විට, එය න්‍යෂ්ටියෙන් සූර්යයාට ප්‍රතිවිරුද්ධ දිශාවට දිවෙන දිගු ධාරා දෙකක් නිර්මාණය කරයි. මේවායින් එකක් වායු වලිගය වන අතර, එය අයනීකරණය වූ වායුවලින් යුක්ත වේ. අනෙක දූවිලි වලිගය වන අතර, එය දූවිලි අංශුවලින් සමන්විත වේ. මෙම දීප්තිමත් හා දිගු වලිග හේතුවෙන් වල්ගා තරුව රාත්‍රී අහසේ දර්ශනීය වස්තුවක් බවට පත් වෙයි.

ලෝක ඉතිහාසයේ සහ නූතන තාරකා විද්‍යාවේ දී වඩාත්ම වැදගත් වූ වල්ගා තරු කීපයක් අදටත් අපගේ මතකයේ රැඳී තිබේ. වල්ගා තරු ධූම කේතු ලෙස ද හැඳින්වෙයි. තාරකා විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබූ පළමු වල්ගා තරුව වූයේ හැලීගේ වල්ගා තරුවය. මෙය සෑම වසර 75-76 කට වරක් පෘථිවිය අසලින් ගමන් කරන අතර, 2061 දී නැවතත් දැකගත හැකි වනු ඇත. ඊට අමතරව 1997 දී වසරකට වැඩි කාලයක් පියවි ඇසට දර්ශනය වූ, 20 වැනි සියවසේ දීප්තිමත්ම වල්ගා තරුව ලෙස ද හැඳින්වෙන හේල්-බොප් වල්ගා තරුව සහ 1996 දී අංශක 90 ක් දක්වා දිගු වලිගයක් සහිතව පෘථිවියට ඉතා ආසන්නයෙන් ගමන් කළ හයකූටේක් වල්ගා තරුව ද කැපී පෙනෙයි.
ලුසිත ජයමාන්න
ලයිව් සයන්ස් ඇසුරිනි

