
ශ්‍රී ලංකාව සහ මහජන චීනය අතර ඇති දීර්ඝ මිත්‍රත්වය ඉපැරණි සේද මාවතේ වෙළෙඳාම් සිදු වූ යුගයටත් පෙර සිට, පැවත එන්නකි. පසුව එය වෙළෙඳාමකට එහා ගිය සංස්කෘතික වශයෙන් ඇති වූ බැඳීමක් බවට පත් විය. එනිසා චීනය යනු ලාංකීය අපට දුරස්ථ දේශයක් නොවේ. රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පවා අප දෙරට අතර ඇත්තේ ශක්තිමත් බැඳීමකි. ඒ මිත්‍රත්වයේ සුහදත්වය රැගෙන අප ඔබ කැඳවා ගෙන යන්නේ කොළඹ පිහිටි චීන සංස්කෘතික මධ්‍යස්ථානය වෙතය. මෙරට ඇති විදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ තානාපති කාර්යාංශ යටතේ වුවද, චීන සංස්කෘතික මධ්‍යස්ථානය යනු වෙනම ක්‍රියාත්මක වෙන සංස්කෘතික ආයතනයකි. මෙරට චීන තානාපති කාර්යාංශය සතුව සංස්කෘතික අංශයක් ද ඇත. අප මේ කතා කරන කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානය යනු අනෙකුත් ඒවාට වඩා වෙනස් තැනකි. මෙය පිහිටුවා ඇත්තේ, දෙරට අතර සංස්කෘතික අංශයේ සහ සංචාරක කර්මාන්තයේ කටයුතු හුවමාරු කර ගැනීම සහ ප්‍රවර්ධනය සිදුකිරීම අරමුණු කරගෙනය.
චීන සංස්කෘතික මධ්‍යස්ථානය පිහිටි ස්ථානය
කොළඹ 7 නිදහස් ඇවනියුහි අංක 5 යන ස්ථානයේ එය පිහිටා ඇත. එය වලව් මන්දිරයක් බඳු ගොඩනැගිල්ලකි. මහල් දෙකකින් සමන්විත මෙහි පහත මාලයේ ඡායාරූප ප්‍රදර්ශනය කිරීමට ඉඩක් වෙන් කර ඇත. චීන රාශි චක්‍රයට අනුව, මෙම වසරට අයත්
සංෙක්තය වන්නේ නයාගේ රූපයයි. එනිසා මෙම වසරේ එහි ප්‍රදර්ශනය වෙන්නේ නයාගේ නිර්මාණ රැගත්, විවිධ නිර්මාණයන්ය. එම නිර්මාණ එහි ප්‍රදර්ශනය කිරීමට හේතු සහ ඒ එකිනෙකට අදාළ ඵෙතිහාසික හේතු සියල්ල ගැන සඳහනක් ද එකී නිර්මාණවලට අදාළව සටහන් කර තිබේ. චීන ජනතාවගේ මතය අනුව නයාගේ විවිධ නිර්මාණ මෙලෙස තබා ගැනීම වාසනාවට හේතුවකි. එනයින් වාසනාව උදෙසා එම වසරට අදාළ සතාගේ රුවට සත්කාර කිරීම චීන ජනතාවගේ සිරිතක්ය. ප්‍රදර්ශන සඳහා වෙන්කර ඇති ඉඩට අමතරව, මෙහි විශේෂිත පුස්තකාලයකින් සමන්විතය. නවීන තාක්ෂණ පහසුකම් යටතේ ඇති එම පුස්තකාලය සතුව ඇති ග්‍රන්ථ බොහෝය. චීනයට නොගොස් මහජන චීනය ගැන බොහෝ කරුණු අලළා සම්පාදනය වූ එම පොත් පරිහරණය කිරීමෙන් චීනය ගැන බොහෝ විස්තර දැන ගත හැකිය.
ඇරඹුම සිදුවූ හැටි
2014 වසරේදී චීන ජනාධිපති ෂී ජින් පිං මෙරටට පැමිණීමෙන් පසුව දෙරට අතර ඇති වූ එකඟතාවක් මත දෙරටේ සංස්කෘතික හා සංචාරක හුවමාරු සහ ප්‍රවර්ධනය යන්න තේමා කරගෙන මෙය ස්ථාපිත කර තිබේ. සංස්කෘතික අමාත්‍යාංශයට අනුබද්ධව ඇරඹි මෙය සංචාරක අමාත්‍යාංශය සමග සම්බන්ධ වීමෙන් පසුව, සංස්කෘතික හා සංචාරක යන තේමාව යටතේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. වත්මනෙහි මෙහි අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ, නී ලිෂෙන්ග් (Ni Lisheng) ය.
ප්‍රධාන වශයෙන් මෙහි සිදුවෙන්නේ මොන වගේ කාර්යයන් ද?
චීනයට ඇත්තේ ඔවුනට ආවේණික සංස්කෘතියකි. අපට ඇත්තේ අපට ආවේණික සංස්කෘතියකි. දෙරට අතර ඇති එම සංස්කෘතීන් පිළිබඳ අවබෝධයක් ලබාදීම මෙම චීන සංස්කෘතික ආයතනයේ අරමුණ වී තිබේ. ඒ වෙනුවෙන් විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කෙරෙන අතර සංස්කෘතික සහ සංචාරක අංශයේ සුහද හුවමාරුවීම් නිරන්තරයෙන් සිදු කරන්නේ, එම අවබෝධය ප්‍රායෝගිකව ලබාදීම වෙනුවෙනි.
“මේ වන විට අපි දෙරට අතර මෙම සුහද හුවමාරු කටයුතු වර්ධනය කර ගැනීම වෙනුවෙන්, වැඩ සටහන්, තුන්සීයයක් විතර කර තිබෙනවා. ඊට අමතරව සංචාරක ක්ෂේත්‍රයේ හුවමාරු වැඩ සටහන් මෙන්ම, ප්‍රචාරණය වෙනුවෙන් කෙරෙන වැඩ සටහන් සහ ප්‍රවර්ධනයට පාලමක් වීම අපේ අරමුණයි.”

සංස්කෘතික මධ්‍යස්ථන පිවිසුම
මෙහි නිරන්තරයෙන් කෙරෙන කටයුතු ගැන නී ලිෂෙන්ග් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ එලෙසය. සංචාරක කර්මාන්තයේ නියැළී සිටින සංචාරක ඒජන්සි ආයතන පවත්වාගෙන යන අයට, සංචාරක ක්ෂේත්‍රයේ මග පෙන්වන්නන්ට සහ සංචාරක කටයුතු මෙහෙයුම් සිදු කරන පාර්ශ්ව වෙත චීනයට ගොස් සංචාරක අත්දැකීම් ලබාදීම වෙනුවෙන් සංචාර සඳහා අවස්ථා ලබාදීම වෙනුවෙන් මෙම සංස්කෘතික ආයතනය කටයුතු කරයි.
මෙනිසා සංචාරක කර්මාන්තයට සම්බන්ධ අවබෝධයක් සහ අත්දැකීම් ලාංකීය සංචාරක කර්මාන්තයේ නියැළී සිටින අයට ලබා ගත හැකිය.
“අවබෝධය පමණක් නෙවෙයි, සංචාරක කර්මාන්තයේ ගැඹුර කෙතරම්ද කියා හොඳින් අවබෝධ කර ගැනීමට ඒ නිසා අවස්ථාව ලැබෙනවා. ඉන්බවුන්ඩ් සහ අවුට් බවුන්ඩ් ටුවරිසම් ගැන ඉතා පුළුල් අවබෝධයක් ලාංකීය සංචාරක කර්මාන්තයේ නියැළී සිටින අය වෙත ලබාදීම අපේ අරමුණයි.”
චීන සංස්කෘතික ආයතනය ලබාදී ඇති එම අවස්ථා නිසා, මෙරට සංචාරක කර්මාන්තයට ගත හැකි ප්‍රතිලාභ බොහෝ යැයි සඳහන් කළ හැකිය.
චීන භාෂාව ඉගෙනීමට ඇති අවස්ථා
චින භාෂාව මෙරට දී ඉගෙනීමට චීනය අපට ලබා දී ඇති අවස්ථා බොහෝය. කැලණි සරසවිය, කොළඹ සරසවිය, පේරාදෙණිය සරසවිය සහ කන්පියුසියස් වැනි ආයතන වෙතින් චීන භාෂාව හැදෑරීමට ඇති අවස්ථාවලට අමතරව, මෙම සංස්කෘතික මධ්‍යස්ථානයේ ද චීන භාෂාව ඉගෙනීමට ඉඩක් ලබා දී ඇත. භාෂාව ඉගෙනීම පමණක්ම නොව, කැලිග්‍රැෆි හෙවත් අත් අකුරු ලිවීම කියා දීමේ පන්තියක් ද පැවැත් වේ. චීන අත් අකුරු යනු සැබැවින්ම හැදෑරිය යුතුම කලාවකි. එම අත් අකුරු ලිවීමේ කලාවට අමතරව, චිත්‍ර සහ අත්කම් නිර්මාණ කලාව ගැන හැදෑරීමට ද කටයුතු යොදා ඇත. ඒ සියල්ල කෙරෙන්නේ ලංකාවේ ඇති අනෙකුත් චීනය හා සම්බන්ධ ආයතනවලට අමතරවය.
මම සහ චීනය
චීනයේ විවිධ ක්ෂේත්‍ර පිළිබඳ අත්දැකීම් ලබා ඇති විශාරද සහ වෘත්තීයවේ දී දැනුමැති ලාංකිකයන් වෙනුවෙන් දැනුම ලබාගැනීම උදෙසා “මම සහ චීනය” යනුවෙන් චීන සංස්කෘතික ආයතනය වැඩ සටහනක් ක්‍රියාත්මක කළේ පසුගිය අගෝස්තුවේ සිටය. විශ්ව විද්‍යාල, රජයේ ආයතන, බැංකු, වැනි විවිධ ක්ෂේත්‍රයන්හි වෘත්තිකයන් හට එම අවස්ථා ලබා දී ඇත. මේ සියලු දේ ගැන විමසීමට අවැසි නම් කොළඹ චීන සංස්කෘතික මධ්‍යස්ථානය වෙත ඇමතුමක් ලබා දී හෝ ඊමේල් පණිවුඩයක් යැවීමෙන් විස්තර දැන ගත හැකිය. නැතහොත්, සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ නිල වෙබ් පිටු වෙතින් ලබා දී ඇති අවස්ථා ගැන විස්තර දැනගැනීමට පුළුවන. ඊටත් අමතරව සංස්කෘතික හා සංචාරක අංශ දෙකේම විස්තර දැනගැනීමේ පහසුව වෙනුවෙන් ඇප් එකක් ද හඳුන්වා දී ඇත.
සංස්කෘතින වැඩ සටහන් සහ ප්‍රසංග
වෙනත් රටක වෙනස් සංස්කෘතියක කලා රසය විඳගැනීමට අප කවුරුත් කැමතිය. මෙම සංස්කෘතික මධ්‍යස්ථානය වසරක දී ප්‍රධාන උත්සව තුනක් මෙරට දී පවත්වයි. අවුරුදු උදාව සංකේතවත් කෙරෙන වැඩ සටහනක් ලෙස ස්ප්‍රිං ෆෙස්ටිවල් පැවැත්වේ. මෙරට සහ චීන සංස්කෘතික කණ්ඩායම් ඉදිරිපත් කරන, නැටුම් ගැයුම් වැයුම් ඊට අයත්ය. තේ සංස්කෘතිය හා බැඳුණු යාජි ටී ෆෝර් හාමනි, ප්‍රසංග උත්සවය, “මිඩ් ඕටම් ඩේ ඉන් පොඑට්රි -Mid autumn day in poetry” උත්සවය සහ ප්‍රසංගය පවත්වන්නේ, ඉතා උත්කර්ෂවත් අයුරිනි. මහජන චීනයේ සංස්කෘතික රසාස්වාදය විඳ ගැනීම වෙනුවෙන් එහිදී ආරාධිතයන් වෙනුවෙන් එම ප්‍රසංග සංවිධානය කර තිබේ. මෙවැනි සංස්කෘතික ඉසව්වලට අමතරව, පාසල්වලට ගොස් පවත්වන සංස්කෘතික වැඩසටහන් සහ විශ්වවිද්‍යාල හා සම්බන්ධ වී කරන වැඩ සටහන් ද ක්‍රියාත්මකය.

අධ්‍යක්ෂවරයා ඇතුඵ කාර්ය මණ්ඩලය
මෙහිදී සිදු කෙරෙන වැඩ සටහන් අතරින් මෙලෙසින් අප සඳහන් කළේ සංක්ෂිප්තයක් පමණි. අප රටේ තාරුණ්‍යය සහ සමාජය වෙනුවෙන් චීන සංස්කෘතික විටිනාකම්, අධ්‍යාපනික, තාක්ෂණික, සංචාරක ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හි අවබෝධය දැනුම ලබාදීම වෙනුවෙන් වාර්ෂිකව මෙහි දී සිදු කෙරෙන වැඩසටහන් රැසකි. එය සංකේතවත් කරන්නේ චීනය සහ ලංකාව අතර ඇති ඉපැරණි සහ නොබිඳුණු මිත්‍රත්වයේ ශක්තිමත් බවයි.
චීන සංස්කෘතික මධ්‍යස්ථානයෙන් නික්ම යාමට පෙර මෙහි අධ්‍යක්ෂවරයාගෙන් අප විමසා සිටියේ, ඔබ ලංකාව ගැන හිතන්නේ කොහොමද? ඔබට ලංකාව ගැන දැනෙන්නේ කෙසේද යනුවෙනි.
“මා සමග මෙහි ලාංකීය සහ චීන ඇතුළු සත් දෙනෙකු සේවයේ යෙදී සිටිනවා. මම මෙහි ඇවිත් වසර තුනක් පමණ වෙනවා. ලාංකීය ජනතාව හරිම නිහතමානීයි, ඒ නිසාම ඔවුන් සමග සම්බන්ධීකරණ කටයුතු කරන්න හරිම ලෙහෙසියි. ලෝක සංචාරක කර්මාන්තයට චීනය සහ ලංකාව කියන්නේ භූ විෂමතා අතින් බොහෝ සමාන කම් ඇති දේශයන්. ඵෙතිහාසික වශයෙන් දෙරට අතර ඇති බැඳීම නිසාත් අපේ දෙරටට දිගු ඉතිහාසයක් මෙන්ම සංස්කෘතියක් ඇති නිසාත්, අපි ජාතීන් වශයෙන් දූරස්ථ නොවන බව මගේ හැඟීමයි. චීන ජනතාව ලාංකිකයන් සමග ඇති ශක්තිමත් බැඳීමට එය විශාල හේතුවක් බවයි මම හිතන්නෙ. ඒ නිසා චීන ජනතාවට ලාංකීය ජනතාවගේ ආධ්‍යාත්මයේ ගැඹුර වටහාගන්න පුළුවනි.”
සටහන- ඡායාරූප
සඳුන් ගමගේ

චීන ජනපති ගැන ලියැවුණූ පොත් එකතුවෙන් කොටසක්


දේශන ශාලාව

2014 දී විවෘත කළ දා

