
මිනිස් සිරුරේ උපතින්ම දක්නට ලැබෙන විවිධ ලප කැළැල් උපන් ලප ලෙස හඳුන්වනු ලැබේ. ඇතැම් විට එවැනි උපන් ලප විවිධ ප්‍රමාණයේ හැඩවලින් සහ විවිධ වර්ණවලින්ද දර්ශනය වේ. ඇතැම් උපන් ලප කැපුම්, කැඩුම්, බිඳුම් සහ වෙඩි පහරවල් සහ පිහි ඇනුම් තුවාලවලට සමවන බැව්ද දක්නට ලැබේ. අස්වාභාවික ලෙස දක්නට ලැබෙන එවැනි ලප කැළැල් වෛද්‍ය අංශවල සහ මනෝ විද්‍යා අංශවලද අවධානයට ලක්වේ. ඇතැම් එවැනි ලප කැළැල් මව්වරුන් දරුවන් ප්‍රසූත කරන අවස්ථාවලදී සිදුකරනු ලබන සැත්කම් නිසා ඇතිවූ කැළැල් ලෙස ද පිළිගනු ලැබේ.
කෙසේ වෙතත් මිනිස් සිරුරේ උපතින් දක්නට ලැබෙන ඇතැම් උපන් ලප පෙර භවයට සම්බන්ධ සිදුවීම් ලෙස පිළිගැනීමට සිදුවූ පුනර්භව සාධක ද ඇත. මේ නිසා පුනර්භව පර්‌යේෂණවල දී පෙරභවය හෙළිකළ දරුවන්ගේ උපතින් දක්නට ලැබුණ ලප කැළල් පිළිබඳව දැඩි අවධානයක් යොමු කෙරේ. දරුවන්ගේ සිරුරුවලින් දක්නට ලැබෙන උපන් ලප ඇතැම් විට දින කීපයකින් මැකී යන අවස්ථාද ඇත. තවත් විටෙක ජීවිත කාලය පුරාම ඉතා පැහැදිලිව නොවෙනස්ව පවතින උපන් ලප ද ඒ අතර තිබේ.
උපන් ලප පිහිටා ඇති ඇතැම් දරුවෝ බහ තෝරණ වියට පත්වීමෙන් පසු එම ලප කැළැල් ඇතිවූයේ පෙර භවයේ සිදුවීම් නිසා බැව් හෙළි කළ අවස්ථාද ඇත. එවැනි දරුවන්ගේ පෙර භවය පිළිබඳව සිදුකළ විමර්ශනවල දී එම දරුවන්ගේ උපන් ලපවලට සමානව පෙර භවයේදී අනතුරු නිසා සිදුවූ තුවාල සමාන බවක් ද දක්නට ලැබේ. පෙර භවයේදී මරණය සිදුවන අවස්ථාවේ සිදුවූ අනතුරු නිසා ඇතිවූ ලප කැළැල් ඒ අයුරින්ම උපන් ලප ලෙස පිහිටා තිබූ පුනර්භව සාධක රැසක් පර්‌යේෂණ අතර ඇත.
ඇතැම් උපන් ලපවලින් දර්ශනය වන කැළැල් පිහි ඇනුම්, වෙඩි ප්‍රහාර සහ විවිධ අනතුරු නිසා ඇතිවූ තුවාලවලට බෙහෙවින් සමානවූ අවස්ථා රැසක් ද ඇත. ඇතැම් දරුවන්ගේ සිරුරුවල පිහිටා තිබූ, උපන් ලප ඔවුන් පෙර භවයේදී මරණයට පත්වූ වෙඩි ප්‍රහාරවල වෙඩි උණ්ඩය ගමන් කළ ආකාරය ද නිරූපණය වේ. තවත් විටෙක පිහි ඇනුම් නිසා මරණයට පත්වූ බැව් හෙළි කළ දරුවන්ගේ සිරුරුවල පිහිටා තිබූ උපන් ලප එම පිහි ඇනුමට යොදාගත් පිහිතලයේ හැඩයද ඒ අයුරින්ම පිහිටා තිබූ අවස්ථාද ඇත. එවැනි දරුවන්ගේ පෙරභව මරණ පරීක්ෂණ සහ අධිකරණ වාර්තා ද ප්‍රබල සාක්කි බවට පත්වී තිබේ.
සර්පයන් දෂ්ට කිරීම නිසා මරණයට පත්වූ බැව් අනාවරණය කළ දරුවන් කීප දෙනෙකුගේම පාදවල පිහිටා තිබූ උපන් ලප සර්ප දෂ්ට කිරීම් නිසා සිදුවූ තුවාල බැව් හෙළි කළ දරුවෝද සිටිති. එවැනි ඇතැම් දරුවන්ගේ සර්ප දළ පහර ඉතා පැහැදිලිව උපන් ලප ලෙස පිහිටා තිබේ. සුනඛයින් සහ විවිධ සතුන් සපා කෑ බැව් හෙළි කළ දරුවන්ගේද සිරුරේ එම තුවාල සිදුවූ ස්ථානවල උපන් ලප පිහිටා තිබේ.

මහාචාර්ය ස්ටීවන්සන් දරුවෙකුගේ උපන් ලපයක් පරීක්ෂා කරයි
පෙර භවයේ මරණය සිදුවූ අවස්ථාවේ එල්ලවූ වෙඩි පහරක් උපන් ලපයක් ලෙස පිහිටා ඇති බැව් හෙළි කළ දැරියක උපත ලැබුවේ 1978 වසරේදීය. එම දැරියගේ සිරුරේ ඉතා පැහැදිලිව දක්නට ලැබුණු උපන් ලපය ඇති ස්ථානයට වෙඩි උණ්ඩයක් වැදුන බැව් ඇය හෙළිකරනු ලැබුවේ වයස අවුරුදු තුනේදීය. එම ස්ථානයට තම අතැඟිල්ල තබා ‘‘මෙතනට තමයි වෙඩි වැදුණේ’’ යැයි ඇය ප්‍රකාශ කළාය. එම දැරිය හෙළිකරනු ලැබුවේ 1971 කැරලි සමයේදී වෙඩි පහරකට ගොදුරුවී මරණයට පත්වූ තරුණයෙකුගේ ජීවිත තොරතුරුය.
මෙම දැරිය පිළිබඳව සිදුකළ පුනර්භව පර්‌යේෂණයේ දී එම වෙඩි ප්‍රහාරය එල්ලවූ ස්ථානය ද ඇය විසින් පෙන්වා දෙනු ලැබීය. එය සිදුවී තිබුණේ ගාල්ල, රූමස්සල ප්‍රදේශයේදීය. මේ පිළිබඳව සිදුකළ පුනර්භව පර්‌යේෂණ දේශීය සහ විදේශීය ග්‍රන්ථවලටද ඇතුළත් කර ඇත. මේ පිළිබඳව ඇමරිකාවේ හිටපු මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් විසින්ද පූර්ණ පර්‌යේෂණයක් පැවැත්වීය. අනතුරුව උපන් ලප පිළිබඳව විග්‍රහයක් කළ සටහනක්ද පර්යේෂණ වාර්තාවක සඳහන් කර ඇත්තේ මෙසේය.
Some times correspond to wounds or other abnormalities on the body of a person whose life a child remembers. Thus a child who remembers that (in a previous life) The bullet struck and wounded the person whose life is remembered by the child then it may shown later that this person was indeed wounded by a at exactly the place shown by the child යනුවෙනි.
උපන් ලපයක් පිළිබඳව අතිශය පුදුම හැසිරීම් රටාවක් සිදු කළ දරුවෙකු මීට වසර කීපයකට උඩදී ගාල්ල ප්‍රදේශයේදී උපත ලැබීය. එම දරුවාගේ වම් පාදයේ කලව ප්‍රදේශයේ පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. ඒ පිළිබඳව දෙමාපියෝ කිසිදු අවධානයක් යොමු නොකළහ. යන්තම් දෙපයින් නැගිට ගැනීමට හැකිවීමත් සමග එම දරුවා උපන් ලපය ඇති ස්ථානය නිතර පිරිමදින බවක් දෙමාපියන්ට දක්නට ලැබිණි. මේ අයුරින් දෙවසරක් පමණ ගතවිය. දිනක් කඩදාසි කැබැල්ලක් ජලයේ පොඟවාගත් දරුවා එය උපන් ලපය ඇති ස්ථානයේ ඇලවීමට උත්සාහ කරනු මව දුටුවාය.
තම පුත්‍රයාගේ මෙම හැසිරීම මවට ගැටලුවක් විය. ඔහු එසේ සිදු කරන්නේ ඇයිද යන්න විමසීමට මවට සිතුණි. දිනක් ඒ අයුරින් කඩදාසි කැබැල්ලක් උපන් ලපයේ අලවනු දුටු මව,
‘‘පුතා මොකද කරන්නේ? යැයි ඔහුගෙන් විමසුවාය. එයට පිළිතුරු දුන් දරුවා තුවාලයට බෙහෙත් දානවා’’ යයි කීය.
‘‘ඔතන තුවාලයක් නැහැනෙ’’ යැයි මව පැවසූ විට එම දරුවා නැවත මව ඇමතුවේය. ‘‘නෑ එතනට තමයි වෙඩි වැදුණේ’’ යැයි ඔහු පැවැසීය.

උපන් ලපයට කඩදාසි ඇලවූ දරුවා
මේ අතර නිවසේ කිසි දිනෙක භාවිතා නොවූ වචන දරුවාගේ මුවින් ප්‍රකාශවීම ද සිදුවිය. දරුවාගේ කතාබහ අතරට එක්වී තිබූ වදන් අතර වෙපන්, බංකර් සහ ටෙරාලා වැනි වදන්ද ඇතුළත්වී තිබිණි. මේ වනවිට සිය දරුවා කිසියම් පෙර භවයක් පිළිබඳව හෙළි කරන්නේද යන්න දෙමාපියෝ සැක පහළ කර තිබිණි.
මේ අතර හිමිදිරි උදේ අවදිවන ඔහු ශාරීරික ව්‍යායාම කිරීමටද උත්සාහ ගන්නා සිරිතක් ද ඔහු තුළින් දක්නට ලැබිණි. දිනක් රූපවාහිනියේ බෝට්ටුවක දර්ශනයක් දුටු ඔහු ‘‘මමත් ගියේ ඔය වගේ බෝට්ටුවකින් තමයි. එතකොට මම හමුදාවේ’’ යැයි කීවේය. තවත් දිනක් මව ඇමතූ එම දරුවා ‘‘අම්මට සල්ලි ඕන නම් මම කොළයක් අත්සන් කරල දෙන්නම් අම්මා ගිහින් සල්ලි ගන්න’’ යැයිද කීවේය.
තම පුත්‍රයා නියත වශයෙන්ම පෙර භවයක තොරතුරු හෙළි කරන බැව් දෙමාපියන්ට පැහැදිලි විය. එහෙත් ඔහු ජීවත්ව සිටි ප්‍රදේශයත් අනාවරණය නොවීය. එහෙත් පෙරභවය මතක හෙළි කළ ඔහු එදා අනාවරණය කළ ජීවිත තොරතුරු පර්‌යේෂණ වාර්තා ඇතුළත් වන අයුරින්ම මෙසේය.
• තාත්තා ඉස්පිරිතාලේ වැඩ කළා
• මම හිටියේ නාවුක හමුදාවේ
• අක්ක කෙනෙක් හිටියා
• සීයත් ගෙදර හිටියා
• ගෙදරට යන්නේ පල්ලිය ළඟින්
• ගේ ළඟ බේකරියක් තිබුණා
• වෙඩි වැදිල වතුරට වැටුණා
ඔහු පවසන්නේ වෙඩි වැදීමකින් මරණයට පත්වූ බවකි. වෙඩි වැදුණු ස්ථානය ලෙස කකුලේ ඇති උපන් ලපය පෙන්වා දෙනු ලැබීය. කුඩා කල සිට දිග කලිසම් ඉල්ලා සිටීමත් තුවක්කු ඉල්ලා සිටීමත් මෙම දරුවාගේ සිරිතවී තිබුණි. උපන් ලපයකට බෙහෙත් දැමීමට උත්සාහ කළ පෙර භවය හෙළිකළ ඔහු 1995 වසරේදී උපත ලැබීය. එම දරුවා වයස අවුරුදු තුනේදී ප්‍රකාශ කර තිබුණේ නාවුක හමුදාව බැව් දෙමාපියන්ට අවබෝධ විය. එම හමුදාවට අයත් නිල ඇඳුම් පිළිබඳවද මෙම දරුවාට මතක තිබිණි. ‘‘අපි බෝට්ටුවලින් යනකොට වෙපන් අරන් යනවා’’ යැයිද මෙම දරුවා පැවැසීය. උපන් ලපයක් මතට බෙහෙත් ගල්වන අයුරු නිරූපණය කළ ප්‍රථම දරුවා වූයේ ඔහුය. ඔහුගේ පෙරභව ප්‍රකාශවලින් පාදයකට වෙඩි වැදුණු බව උපන් ලපය මගින් හෙළි කළ එම දරුවාට ඔහුගේ පෙර භව නම් හෝ ප්‍රදේශ පිළිබඳව මතකයේ නොතිබුණු බැව් පර්‌යේෂණයේදී දක්නට ලැබිණි. එහෙත් උපන් ලපය ඇති ස්ථානයට වෙඩි උණ්ඩයක් එල්ලවූ බව ඉතා පැහැදිලිව ඔහු අනාවරණය කළේය.
උපන් ලප පිහිටා ඇති ඇතැම් දරුවෝ බහ තෝරණ වියට පත්වීමෙන් පසු එම ලප කැළැල් ඇතිවූයේ පෙර භවයේ සිදුවීම් නිසා බැව් හෙළි කළ අවස්ථාද ඇත. එවැනි දරුවන්ගේ පෙර භවය පිළිබඳව සිදුකළ විමර්ශනවල දී එම දරුවන්ගේ උපන් ලපවලට සමානව පෙර භවයේදී අනතුරු නිසා සිදුවූ තුවාල සමාන බවක් ද දක්නට ලැබේ. පෙර භවයේදී මරණය සිදුවන අවස්ථාවේ සිදුවූ අනතුරු නිසා ඇතිවූ ලප කැළැල් ඒ අයුරින්ම උපන් ලප ලෙස පිහිටා තිබූ පුනර්භව සාධක රැසක් පර්‌යේෂණ අතර ඇත.
මීට වසර කීපයකට උඩදී ගාල්ල රෝහලේදී උපත ලද දරුවකු ඔහුගේ පපුව ප්‍රදේශයේ තිබූ උපන් ලපයක් පෙන්වා එම ස්ථානයට පිහි පහරක් එල්ලවූ බැව් හෙළි කළේය. එම දරුවාගේ පුනර්භව මතක සටහන් සිහිගැන්වීම සිදුවී තිබුණේද පුදුම වදනක් තුළිනි.
සොයුරියන් කීප දෙනෙක් සිටි එම දරුවා පවුලේ බාල දරුවා විය. ඔහුගේ වැඩිමහල් සොයුරිය ඇය වඩාගෙන සිටින අවස්ථාවලදී ඔහු එක එල්ලේ ඇගේ මුහුණ දෙස බලා සිටිනු සොයුරන් දුටුවාය. දින කීපයක් එලෙස බලා සිටි සිය සොහොයුරා ඇමතූ සොයුරිය ‘‘මොකද මල්ලි මගේ මූණ දිහාම බලා ඉන්නේ?’’ යැයි පුංචි ප්‍රශ්නයක් යොමු කළේය. ක්ෂණයෙන් පිළිතුරු දුන් දරුවා ‘‘ඔයත් හරියට මගේ කෙල්ල වගෙයි’’ යැයි පැවසීය.

වෙඩි පහරක් හෙළි කළ උපන් ලපය
නිතර නිතර ඒ අයුරින් කරනු ලබන ප්‍රකාශය පිළිබඳව සොයුරියට බලවත් ගැටලුවක් විය. ඒ පිළිබඳව ඇය සිය මල්ලීගෙන් වීමසීමක් කළාය. ‘‘ඒ කෙල්ල කොහේද ඉන්නේ’’ යයි සොයුරිය විමසූ විට පාර දෙපස අත දිගු කර අන්න අර පැත්තේ යැයි පෙන්වීය. අනතුරුව පෙරභව තොරතුරු හෙළි කළ දරුවා ‘‘මම දවසක සිගරැට් එකක් ගන්න කඩේට ගියා එතකොට මගේ පපුවට පිහියෙන් ඇන්නා’’ යැයි කීවේය.
විශාල නිවසක සිටි බවත් එහි වත්තේ පොල් වගාවක් ඇති බවත් ඔහුට මතක තිබිණි. රෝහලක් අසල පදිංචිව සිටි බවද හෙළි කළ එම දරුවා නිවෙස ඉදිරිපිට සොහොන් දෙකක් ඇති බවද කීවේය. මේ අයුරින් පෙර භව තොරතුරු අනුව එම දරුවා හෙළි කළ පෙර භවයේ නිවස සොයාගැනීමට ද මව්පියන්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව පෙර භව තොරතුරු අනුව එම දරුවා හෙළි කළ පෙර භවයේ නිවෙස සොයා ගැනීමටද මව්පියන්ට අවස්ථාව ලැබිණි. ඒ අනුව පෙර භව ඥාතීන් හමුවීමට ද ඔහුට හැකිවිය.
තරුණ වියේ පසුවූ පෙර භවයට සම්බන්ධ පුද්ගලයා මරණයට පත්වී ඇත්තේ පිහි පහරක් එල්ලවීම නිසාය. මෙම පුනර්භව පර්‌යේෂණයේදී පෙරභව මරණ සිදුවූ අවස්ථාවේ සිදුකළ මරණ පරීක්ෂණ වාර්තාද නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලැබිණි. පපුවට එල්ල වූ මාරාන්තික පිහි පහරක තුවාලවලින් අභ්‍යන්තර තුවාල හතරක් තිබූ බැව් එහි දක්වා ඇත. එක් පිහි පහරක් පෙනහැල්ල පසාකරගෙන ගොස් තිබූ බැව්ද මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබේ. පෙර භවයේ ජීවත්ව සිටියදී පදිංචිව සිටි ප්‍රදේශය සහ පරිසරය නිවැරදිව හෙළි කළ පුනර්භව සාධකයක් ලෙසද මෙම දරුවාගේ පුනර්භව සාධකය පර්‌යේෂණ වාර්තාවලට ඇතුළත්ව තිබේ. මෙම දරුවා පිළිබඳ පර්‌යේෂණයක් පැවැත්වීමට මහාචාර්ය ස්ටීවන්සන්ද ඒ දිනවල ශ්‍රී ලංකාවට පැමිණියේය. පිහි ඇනුමකින් සිදුවූ තුවාල කැළලක් ඒ අයුරින්ම උපන් ලපයක් ලෙස පිහිටා උපත සිදුවූ දරුවෙකු ලෙසද ඔහුගේ කතා පුවත පර්‌යේෂණ වාර්තාවලට ඇතුළත් කර ඇත. එම තරුණයාගේ මරණය සිදුවී ඇත්තේ 1972 වසරේදීය.
කුරුණෑගල ප්‍රදේශයේදී උපත ලද දරුවෙකු පිළිබඳව සිදුකළ පුනර්භව පර්‌යේෂණයක දී ඔහු හෙළි කළ පෙර භවයේ තැනැත්තාගේ පාදයකට සිදුවූ තුවාලයක කැළැල ඒ අයුරින්ම පිහිටා ඇති බැව් දක්නට ලැබිණි. එම දරුවා ප්‍රකාශ කළේ පෙර භවයේදී අනුරාධපුර ප්‍රදේශයේ ජීවත්ව සිටි බවය. එහිදී බිරිය සිටි බවත් ඇය පාසල් ගුරුවරියක් ලෙස සේවය කළ බවත් ඔහුට මතක තිබිණි.

ට්‍රැක්ටර් අනතුර හෙළි කළ උපන් ලපය
පෙරභවයේදී ට්‍රැක්ටර් රථයක ගැටීම නිසා පාදයකට තුවාල සිදුවූ බව ද ඔහුට මතක තිබිණි. මෙම දරුවා ප්‍රකාශ කළේ ඔහු ජීවත්ව සිටියේ අනුරාධපුරයේ බවය. අනුරාධපුර ප්‍රදේශය පිළිබඳවද ඔහුට ඉතා හොඳ මතකයක් තිබිණි. එම දරුවා ප්‍රකාශ කළ පෙර භව ජීවිත තොරතුරු අනුව පෙර භවයේ බිරිය හමුවීමටද ඔහුට අවස්ථාව ලැබිණි. ඇය දුටු සැනින් අඳුනාගැනීමට ද එදා එම දරුවාට හැකිවිය. කකුලේ පිහිටා තිබූ උපන් ලපය පෙර භවයේ සිදුවූ තුවාලය ලෙස ඔහු පෙන්වා දුන්නේය.
පෙර භවයේ මරණයට හේතුවූ මාරාන්තික තුවාල උපන් ලප ලෙස පිහිටා දරුවන් මෙන්ම පෙර භවයේ ජීවත්ව සිටියදී සිරුරේ තිබූ ලප කැළැල් ඒ අයුරින්ම ලබා උපන් දරුවෝද සිටිති. මහාචාර්ය ස්ටීවන්සන් එංගලන්තයේ දී සිදු කළ පුනර්භව පර්‌යේෂණයකට එවැනි දරුවෙක් ඇතුළත්ව ඇත. මීට වසර ගණනකට උඩදී එංගලන්තයේදී උපත ලද එම දැරියට නම් දී තිබුණේ ජෙනිපර් යනුවෙනි. එකම මවකගේ කුස තුළින් දෙවරක් උපන් දැරියක ලෙස ඇගේ පුනර්භව සාධකය පර්‌යේෂණවලට ඇතුළත්ව තිබේ.
පවුලේ දෙවන දියණිය ලෙස උපත ලැබූ ඇය වයස අවුරුදු තුනේදී අනාවරණය කළේ එම මවගේ දියණියක් ලෙස සිට මියගිය ජැකොලයින් නම් දියණියගේ ජීවිත තොරතුරුය. ජැකොලයින් දැරිය වයස අවුරුදු තුනේදී වැටීමකට ලක්වී ඇගේ නළලට බරපතළ තුවාලයක් සිදුවිය. මැහුම් තුනක් යොදා එම තුවාලයට ප්‍රතිකාර කිරීමෙන් පසු සුවය ලැබීය. එහෙත් එම කැළල නොමැකී පවතියි. එසේ තිබියදී එම දැරිය රිය අනතුරකට ගොදුරුවී මරණයට පත්වූවාය. එය සිදුවූයේ 1957 මැයි 5 වනදා ලන්ඩනයේ මහාමාර්ගයකදීය.
ඇගේ මරණින් පසු 1958 ඔක්තෝබර් 4 වැනිදා එම මවගේ කුසෙන් බිහිවූ දරුවා වූයේ ජෙනිෆර්ය. ඇගේ නළලේ උපතින්ම පැහැදිලි උපන් ලපයක් දක්නට ලැබිණි. එය දුටු සැනින් දෙමාපියන්ට සිහිවූයේ මියගිය දැරියගේ නළලේ තිබූ තුවාල කැළලය. මියගිය දැරියගේ නළලේ තිබූ තුවාල කැළලය. මියගිය දැරියගේ නොමැකී තිබූ කැළලට එය බෙහෙවින් සමාන විය. බහ තෝරන වියට පත්වූ දැරිය පෙර භව ජීවිත තොරතුරු හෙළි කළාය. අනතුරුව ඇගේ පෙරභව භාණ්ඩ සහ ඇය ගිය ගමන් බිමන් පිළිබඳවත් අනතුර පිළිබඳවත් හෙළි කළාය. පෙර භවයේ ජීවත්ව සිටියදී මුහුණේ පිහියා තුවාල කැළල යළි උපත සිදුවීමේදී උපන් ලපයක් ලෙස ලබා ඇති බැව් මෙම පුනර්භව සාධකය මගින් තහවුරු විය. උපන් ලපය පිහිටා තිබූ ස්ථානයට පෙර භවයේදී සිදුවූ අනතුර පිළිබඳව සිදු කළ විමර්ශනය මහාචාර්ය ස්ටීවන්සන් විසින් පර්‌යේෂණ වාර්තාවකට ඇතුළත් කර ඇත්තේ මෙසේය.

අමිතාගේ කකුලේ උපන් ලපය
At the age of about three jacqueline fell in to a bucket and releived a wound on the forehead above her right eye near the root of her nose this required three sitches and a scar still remained at the time of her death යනුවෙනි.
සර්පයන් දෂ්ටකර මරණය සිදුවූ බැව් හෙළි කළ දරුවන් කීප දෙනෙකුගේද පෙර භවයේ දළ පහර වැදුන ස්ථානයේ උපන් ලප පිහිටා තිබු බැව්ද දක්නට ඇත. එම උපන් ලප පෙන්වා එම ස්ථානයට සර්පයා දෂ්ට කළ බැව් දරුවන් කීප දෙනෙක්ම ප්‍රකාශ කළහ. එවැනි එක් දැරියක උපත ලැබුවේ 1970 වසරේදීය. අමිතා නම් ඇය ප්‍රකාශ කළේ නිවස අසල කෙසෙල් පඳුරක් යටදී නාගයෙකු දෂ්ට කළ බවකි. දළ පහර වැදුණු ස්ථානය ලෙස කකුලේ විලුඹ අසල ඇති උපන් ලපයක්ද ඇය විසින් පෙන්වා දෙනු ලැබුවාය. එම ස්ථානය පරීක්ෂා කිරීමේදී දළ පහර වැදුණු අයුරු එම ලප මගින් දර්ශනය වීය.
අනතුරුව ඇය පෙර භවය ගැන තොරතුරු හෙළි කරමින් පදිංචිව සිටි නිවස පිළිබඳවත් පෙරවෙයේ සොයුරු සොයුරියන් ගැනත් දෙමාපියන් පිළිබඳවත් නිවැරදිව හෙළි කළාය. ඇය විසින් හෙළි කරනු ලැබුවේ මුතුමැණිකා නම් තරුණියකගේ ජීවිත තොරතුරුය. ඇගේ මරණ පරීක්ෂණ වාර්තා නිරීක්ෂණය කිරීමටද අපට අවස්ථාව ලැබිණි. මුතු මැණිකා ඒ වනවිට 17 වන වියේ පසුවූ බවත් මරණය සිදුවූයේ 1968 මැයි 6 වැනිදා බවත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් විය.
මරණයට හේතුව ලෙස “Dead after a coma dies to a poison by a cobra bite” යනුවෙන් එහි සඳහන් විය. මෙම දැරිය පිළිබඳවද මහාචාර්ය ස්වීඩන්සන් විසින් පූර්ණ පර්‌යේෂණයක් පැවැත්වීමෙන් අනතුරුව ඔහුගේ පර්‌යේෂණ වාර්තාවකට Discrepancies between birth marks and evidence of wounds යනුවෙන් ඇතුළත් කර තිබේ.
පෙර භවයේ අනතුරු නිසා ආබාධිතව උපන් දරුවෝ ලබන සතියේ
තිස්ස ජයවර්ධන

උපන් ලපයක් පෙන්වන දරුවෙක්

