මෙම මස ග්‍රහ ගමන පරිදි ඔබ උපන් ලග්නයට අදාළව ඔබේ අධ්‍යාපන - ආර්ථික රැකියා හා ව්‍යාපාරයන්හි තත්ත්වය
මේෂ ලග්නය
හොඳින් සිතා වැඩ කරන්න
මේෂ ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන මෙම මස මුල් සති දෙක තුළ බලයෙන් යුක්ත බැවින් මුල් සති දෙක ඔබගේ දිවියේ යහපතට කටයුතු පිළියෙල වෙයි. බොහෝ තැන්වල දී තමන් හට ලැබිය යුතු නියම තැන මෙහිදී ලැබෙනවා ඇත. සිතැඟි පරිදි කාර්යයන් ඉටුකර ගත හැක. හදිසියේ යෙදෙන ගමන් බිමන් හේතුවෙන් මිල මුදල් හෝ කිසියම් ද්‍රව්‍යමය ලාභාදිය හිමිවීමක් පෙන්නුම් කරයි.
කෙසේ හෝ ඔබේ වියදමට අවශ්‍ය මුදල් ලැබේ. වෘත්තීය කටයුතු පිළිබඳ වැඩි දියුණුවක්, උසස්වීමක් පිළිබඳ පෙර නිමිති පහළ වන්නේය. එසේම මෙහි දී කරදර හිංසා පීඩා ආදියෙන් නිදහස ලැබේ. අසනීපයක් වැලඳෙන නමුත් වහා සුව වේ. අනුන්ට යටත් නැතිව තම තනි මතයටම ක්‍රියා කොට ජයග්‍රහණ අත්පත් වේ. ධන ලාභ ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය ද්‍රව්‍ය ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ.
අවසන් සති දෙක සුපුරුදු පරිදි කරගෙන එන කාර්යය කටයුතුවලට යම් යම් අවහිර බාධාවන් මතු වේ. අලාභහානි ඇති වෙන දේත් සිදුවෙයි. ස්ත්‍රීන් සමග ද වාද භේද පැන නගී. ශරීර පීඩා ද ඇති වෙත්. ඥාතීන් හෝ මිත්‍රයින් සමග ආරවුල් මතුවිය හැක. නපුරු ගති ද පහළ වෙත්. ශරීර අසනීපයකට ද ඉඩ තිබේ. යම් යම් අය සමග වාද විවාදවල නොපැටලෙන්න. ඒත් සමගම මෙවැනි කරදර මධ්‍යයේ ම සැපක් ද ලැබේ. බොරු චෝදනාවලට අසුවේ. වැඩකරුවන් සමගද උසස් අය සමගද ආරවුල් ඇති විය හැකි දේත් මතුවන හෙයින් එවැනි අවස්ථා මගහරින්න. රැකියා හා ව්‍යාපාරික කටයුතු ක්‍රමවත්ව පවත්වා ගෙන යාමටත් ගෙදරදොර පවුලේ සහජීවනය රැකගැනීමටත් මෙහිදී ඔබට දැඩි වෙහෙසක් දරන්ට සිදුවේ. යම් යම් පසුබෑම්වලට ලක්වන සති දෙකක් ද බැවින් හොඳින් සිතා බලා දෛනික කාර්යයන්හි නිරත වන්න.
මිථුන ලග්නය
ධන හානි ඇතිවේ
මිථුන ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන ද සුබාසුබ මිශ්‍ර අයුරින් පැවතියත් ඔබට මෙය ශුභඵල වැඩියෙන් ලැබෙන මාසයකි. ඔබට මෙම මස තුළ විදෙස් රැකියාවකට බලපෑ බාධකයක් ද පහව යයි. තම වෙළෙඳ ව්‍යාපාරයන්ට අදාළ අලුත් අදහසක් අනුව කටයුතු කිරීමට හා ඒ වෙනුවෙන් සාර්ථක ක්‍රියා මාර්ගයක් ගැනීමටත් පසුබිම සැකසේ. අධ්‍යාපන කටයුතුවල අනාගත යහපත වෙනුවෙන් වෙනස්කම් කිහිපයක් සිදු කරයි. උනන්දුව යොමුවීම ද වැඩිවේ. ඔබට මෙහිදී ආදර සබඳතා හා විවාහ කටයුත්තක් වෙනුවෙන් ප්‍රයෝජනවත් ගමනකට සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගත වේ. පොදුවේ ඔබට මෙම මස පුරාවට තම සියලුම අධ්‍යාපනික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට හැකිවෙයි. සහය ලැබිය යුත්තන්ගේ සහය ලැබේ. මූල්‍ය හා ද්‍රව්‍යමය ලාභ ද ලැබේ.
පොදුවේ ඔබට මෙම මස තුළ පැහැදිලි ශුභ ඵල රැසක් අත්වනු ඇත. නව රැකියා අපේක්ෂිතයන්ගේ බලාපොරොත්තු සඵල වේ. පසුගිය දිනවල තමා කෙරෙහි පැවැති හිතුවක්කාරී ගතිපැවතුම් කිහිපයක් මගහැරී යයි. පැරණි පෙම් සබඳතාවක් නැවත අලුත්වේ. නිවසේ ප්‍රීති උත්සවයකට කටයුතු සැලසේ. පවුලේ හෝ සමාජීය කටයුතුවලදී තමාට මූලිකත්වයක් හිමිවේ. මූල්‍ය අවශ්‍යතා සපිරෙන මාසයකි. ඒත් සමගම තම රාජකාරි කටයුතු ක්‍රමවත් භාවයකින් යුතුව කරගෙන යාමට හැකියාව ලැබෙනු ඇත. ස්වයං රැකියාවල හා ව්‍යාපාරයන් හි නිරත වන ඔබට මෙම මාසයේ දී වැඩි දියුණුවට කටයුතු පිළියෙල වේ. සෞඛ්‍ය හෝ කලාත්මක ක්‍ෂේත්‍රයේ රැකියා ව්‍යාපාරවල නිරතවන්නන්ගේ හා අපේක්‍ෂා කරන්නන්ගේ අරමුණු සපල වෙයි.
ඒ එසේ නමුදු පහත් අය සමග හෝ යටතේ වැඩ කරන අය සමග ආරවුල් ඇති නොකර ගන්න. පවුලේ අය හා කරන කතා බහ ගනුදෙනු ආදියේදී නොතේරුම්කමින් හෝ අනුවනකමින් වැරදි සිදු කර ගනී. උදාසීන බවට පැමිණේ. ධන හානි වේ.
තුලා ලග්නය
දූරදර්ශීව ක්‍රියා කරන්න
තුලා ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ ගමන මෙම මස තුළ ගමන් කරන ආකාරය සමග සසඳන කල අරමුණු සැලසුම් සාර්ථක කර ගැනීමට වඩාත් කැපවන්න. අවශ්‍ය වේලාවට අවශ්‍ය වැඩය කිරීමට උනන්දු වන්න. නොසොයා නොබලා කටයුතු කරන්න යෑමෙන් පසුතැවීමට ලක්වන දෑ සිදුවෙන හෙයින් වැදගත් තීන්දු තීරණ ගැනීමේ දී වඩාත් සැලකිලිමත් වන්න. විශේෂයෙන් ඔබට නොයෙක් දේ ගැනත් අනුන් ගැනත් සැකයක් පහළවේ. ගෙදරදොර සැප පහසුව මෙන්ම රාජකාරි ස්ථානයෙත් පහසුකම් හා සැලකිලි වැනි දෑ අඩුවෙයි.
පොදුවේ මෙම මස තුළ ඔබ උදාසීන හා අකර්මන්‍ය ස්වභාවයෙන් මිදී පොතපත කටයුතුවල නියුතු වන්න. ගුරු දෙගුරුන්ගේ දෝෂ දර්ශනයට ලක්වන ක්‍රියාවන්හි නිරත නොවී අපේක්‍ෂිත අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උනන්දුවෙන් ක්‍රියා කරන්න.
වියදම් පක්‍ෂය අධික වුවත් හදිසි මිල මුදල් ලාභ හිමිවීමේ බලයක් ද පවතින බැවින් ලොතරැයි වැනි දේ මිලදී ගැනීමත් යෙහෙකි. වියදම් පස සීමා කර ගන්න. උරුම හිමිකම් ප්‍රශ්න වුව මතුවන මාසයකි. ලැබෙන මුදල් නිසි කළමනාකරණයකින් පරිහරණය කරන්න. ඔබට ආත්ම විශ්වාසයෙන් හා කැපවීමෙන් යුතුව ඉපැයීම් කටයුතුවල නිරත වීමෙන් ආදායම් මාර්ගයන් හි වැඩි දියුණුවක් සලසා ගත හැකි වන්නේය. අවශ්‍ය දෙය නොකරමින් අනවශ්‍ය දෙයට සම්බන්ධ වී පසුතැවීමට ලක්වේ. ශරීර සනීපය ගැනත් සිතන්න.
ඔබගේ රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇති කරයි. විශේෂයෙන් තම රැකියා ව්‍යාපාර කටයුතුවලට ද විවිධ බාධාවන් මතුවන නිසා මේවාට අදාළ වැඩ කටයුතු හා සැලසුම් ක්‍රියාත්මක කරන විට දෙවරක් තෙවරක් සිතා කටයුතු කරන්න. රැකියා ස්ථාන මාරුවීම් තනතුරු නිලතල වෙනස් වීම් වැනි දෑ සිදුවේ. ඔබ විවාහ දිවියේ කටයුතු හා ප්‍රේම දිවියේ කටයුතුවල දී වඩාත් ඥානාන්විත වන්න. විවාහ යෝජනා වලට අයත් පොරොන්දු ගිවිසුම්වල ස්ථිර තහවුරු භාවයක් ඇති නොවේ. නුසුදුසු ප්‍රේම සබඳතා හා රහස් සබඳතාවන් ද ගොඩනැඟීම තුළින් විවිධ ප්‍රශ්නයන්ට අපවාද චෝදනාවන්ටත් ලක්වීමේ ප්‍රවණතාවක් ඇති බැවින් දූරදර්ශීව ක්‍රියා කරන්න.
මකර ලග්නය
ලාභ ලැබේ
මකර ලග්නය හිමි ඔබට මෙම මාසය සුබදායක වන බැවින් මාසය ආරම්භයේ සිටම මෙන් ඔබට සුභ ඵල අත්කරන බවක් පෙන්නුම් කරයි. රැකියාවේ විශේෂ වෙනස්කම් කිහිපයකටත් හේතු යෙදේ. තනතුරු ලාභ මෙන්ම රැකියා අහිමි වූවන්ටත් විශේෂ සුභ ඵල උදා කරයි. වරින් වර බාධා ගෙන දුන් විවාහයට හෝ ප්‍රේම සබඳතා පිළිබඳ බලාපොරොත්තුවක්ද ඉටු වේ. නිතර හමුවන හිතවතකු ගෙන් වාසි කිහිපයක්ද සැලසේ. නොසිතූ අපේක්ෂා නොකළ යම් යම් ලාභ ප්‍රයෝජනයන් හිමිවන මාසයකි.
ඔබට පසුගිය දිනවල පැවැති බාධා අවහිර මෙම මස තුළ මතු නොවේ. බලාපොරොත්තු වූ අදහස් සියල්ලම ඉෂ්ට වේ. සෑම අතින්ම සඵලදායක කාලයකි. ලාභ ප්‍රයෝජන ලැබෙන මාසයකි. පියා සතු දෙය හිමිවේ. උසස් අයගෙන්, පියාගෙන්, වැඩිහිටියන්ගෙන් ලාභ ප්‍රයෝජන ලැබෙනවා ඇත. උරුම හිමිකම් සහිත දේවලින් ලාභ ලැබේ. රැකී රක්ෂා වලින් දියුණුව ඇතිවේ. මේ අතරම උසස් අය සමග කරන කටයුතුවලදී නොතේරුම් කමින් සහ වැරදී මෙන් සිදුවන අඩුපාඩු නිසා ප්‍රවේසම් වියයුතුයි. දිනපතා කරගෙන ආ කටයුතුවල වෙනස්කම්ද ඇතිවේ. ඒවා සිදුවන්නේ හොඳටය. මූල්‍ය අධ්‍යාපන, රැකියා වැනි අංශ තුළ පැවැති කිසියම් ගැටලුවක් නිරවුල් වන තැනට කටයුතු පිළියෙල වේ.
ගෙදරදොර කටයුතු කෙරෙන් හා රැකියා ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් පැවැති අවිවේකී බව පහව යයි. විශේෂයෙන් ගෘහ කර්මාන්තවල නියුතු වූවනට වාසි සැලසෙන මාසයකි. එමෙන්ම මෙය බලාපොරොත්තු සහගත මාසයකි. මුදල් මය ලාභ ගෘහ හා සමාජ ජීවිතයෙහි ප්‍රීති ප්‍රමෝදය ඇති කරන වාසනාවත් කාලයෙකි. සෞභාග්‍යය සමෘද්ධිය හා සාර්ථකත්වය ඇතිවේ. වාණිජ කටයුතු වෙෙළඳ ව්‍යාපාර හා ආයෝජන තුළින් ලාභ ලැබේ. සිතුම් පැතුම් ඉටුවී උදව් උපකාර ලැබී ළබැඳියන් හා විවාහ ගිවිසුම් ආදියෙන් සතුටු වාසනා ඇති වේ. අපේක්ෂිත අයුරින් වැඩ කටයුතු කර ගැනීමට හැකි වන්නේය.
වෘෂභ ලග්නය
අඹුසැමි ආරවුල්
වෘෂභ ලග්නය හිමි ඔබට මෙය ශුභඵල මෙන්ම අශුභපල මිශ්‍රව ලැබෙන මාසයකි. මුල් සති දෙකේදීම මෙන් අනාගත යහපතට හේතුවෙන පදිංචියේ හෝ ව්‍යාපාරික ස්ථානය හේතු කොට ස්ථාන වෙනසකට තුඩු දෙන දෙයක් සිදු වේ.
කෙසේ වෙතත් පසුගිය මාසයේ ගොඩගැසී තිබූ රාජකාරි වැඩ මෙන්ම වෙනත් දෛනික කාර්ය කටයුතු ටිකින් ටික ලිහිල්වෙයි. යම් යම් කටයුතු කෙරෙන් මනසේ පැවති ආතතිය ද පහව යයි. හදිසි ධන ලාභ නැතහොත් පාරිතෝෂිත දීමනා හිඟ වැටුප් දිරි දීමනා වැනි දෙයක් හෝ ලැබේ. ක්‍රීඩා හා තමාගේ වෙනත් කෞශල්‍යයන් ද මැනවින් සමාජයට පෙන්වීමට අවස්ථාව උදා වේ. විශේෂයෙන් ඔබට යම් යම් පැතිකඩ මගින් යම් යම් වාසිසහගත දේවල් මෙන්ම ලාභ ප්‍රයෝජනයන් ද සැලසෙනු ඇත. උගත්කමට හා හැකියා කුසලතාවන්ට නිසි තැන ලැබෙන මාසයකි.
කෙසේ නමුත් මුල් දින 15න් පසු සිත්තැවුල් ඇති වේ. භාර්යාව හෝ ස්වාමි පුරුෂයා සමග අවුල් මතු වේ. මුදල් අතින් අගහිඟකම් ඇතිවේ. ගමන් අධිකවේ. සෙම් දෝෂ සෑදෙන්නට ද ඉඩ තිබේ. එසේම උදරාබාධ, උණ, අක්මාවේ දෝෂ, අර්ශස් යනාදී ආබාධයක් වුව වැලඳෙන්ට ද හේතුයි. නැතහොත් තම භාර්යාවට හෝ ස්වාමි පුරුෂයාට අසනීපයක් වැලඳෙයි. නිකරුණේ මුදල් නාස්ති වේ. නොතේරුම් කමින් හෝ නොදැනුවත්කම එසේ නැතහොත් තමාගේ රහස් කූඨ ක්‍රියාවලියක් හසුවීමක් මුල්කොට අඹු සැමියන් අතර අවුල් වියවුල් පැන නගී. සතුරන් සමග ප්‍රසිද්ධියේම අවුල් වියවුල් කර ගැනීමට සිදුවේ. නම නරක් වේ. උසස් අය ගෙන් කරදර ඇතිවෙත්. එනිසා එවැනි දේට හේතුවන වැඩ වලින් ඔබ මෙම මස තුළ ඉවත්විය යුතුයි. කිසිම සැප පහසුවක් නැති ගමන් යාමට සිදු වේ. පොදුවේ මෙය අනපේක්‍ෂිත වියදම් ද බහුල වන්නේය. තමා යටතේ සිටින අයගෙන් සතුරුකම් ඇති කරයි. උදාසීන ගති මතු වන සති දෙකක් ද වේ.
කටක ලග්නය
ගනුදෙනු ප්‍රශ්න විසඳේ
කටක ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන ද සුබදායි ලෙස බලයෙන් යුක්තව පවතින බැවින් ඔබට මෙම මාසය වැඩි වැඩියෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. අමතර ආදායම් මාර්ගවලට ඉඩ සැලසේ. පසුගිය දිනවල බාධා ගෙන දුන් කටයුතු කිහිපයක් සාර්ථක කරයි. රැකියාවේ තනතුරු අපේක්ෂාවෙන් සිටින ඔබගේ බලාපොරොත්තු ඉටු කරයි. පැවැති කරදර තරමක් දුරට හෝ පහව ගොස් සිතට සහනය සතුට ගොඩනැගෙන දෑ ඇති කරයි. ඉගෙනීමේ කටයුතු හොඳින් කෙරෙන මාසයකි. අනුන් ගෙන් ප්‍රශංසා, හොඳ නාම ලැබේ. අලංකාර වස්තු ලැබීමෙන් සිත් ප්‍රීතිය උපදවයි. ශරීර සැප පහසුවද ඇතිවේ. විරුද්ධ ලිංගිකයින් සමග ද වාසි සහගත හිතවත් සම්බන්ධකම් පැවැත්වීමට ඉඩ ලැබේ.
සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. ප්‍රීතිමත් වාසනාවන්ත කාලයකි. අලුත් ඥාති මිත්‍රයන් ලැබේ. ධන ලාභ ද ලැබෙනවා ඇත. සතුරන් ගෙන් කරදර ඇති නොවේ. දරු ශිෂ්‍යයන්ගේ දියුණුව ඇති වේ. බලාපොරොත්තු ඉෂ්ට වෙන මාසයකි. සතුරු බලවේග පරාජයට පැමිණේ. වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි, ප්‍රශංසා ලැබේ. ධන ලාභ, රැකියා ලාභ මෙන්ම ව්‍යාපාරවල දියුණුවට ද හේතු යෙදේ. යම් යම් ලාභ ප්‍රයෝජන මෙන්ම සැප පහසුවට අවශ්‍ය දේ හෝ ලැබේ. පොදුවේ මෙම මාසයේ දී ඔබට සංචාරක විනෝද ගමනක් හෝ දුර බැහැර වන්දනා ගමන්හි නිරත වීමටත් අවස්ථාව සැලසේ. යහපත් අරමුණු ඉටු වී යම් යම් ලාභ ප්‍රයෝජන ද ලැබේ. එසේම යහපත් මිත්‍රයන් ද ඇසුරට ලැබෙයි. පැවැති ගනුදෙනු ප්‍රශ්න ද උරුම හිමිකම් ප්‍රශ්න විසඳෙන මාසයක් ද වනු ඇත. මෙය බොහෝ දුරට තම අරමුණු සැලසුම් වල කොටස් කිහිපයක් ඉෂ්ට සිද්ධ වෙන මාසයකි.
සිංහ ලග්නය
සුභඵල ගෙන දේ
සිංහ ලග්නය හිමි ඔබගේ ග්‍රහ ගමන ද සුබදායි ලෙස පවතින බැවින් මෙම මස තුළ ඔබ කරගෙන යන කටයුතු සාර්ථක වෙයි. මුදල් හෝ ද්‍රව්‍යමය ලාභයකට හේතු ඇති කරයි. වෙළෙඳාම් කටයුතුවල මෙන්ම කලාත්මක අංශයේ දේවල්වල නිරත වූවන්ට යහපත්ය. තිබූ ණය ගනු දෙනු වලින් නිදහස් වීමට අවස්ථාවක් උදාවේ. ගතට සිතට සැපත සතුට මැනවින් ලැබෙන මාසයකි.
ඔබෙන් දුරස්ව සිටි අය නැවතත් ඇසුරට පත්වේ. ලොතරැයි ස්වීප් වැනි දෙයක් මගින් ආර්ථික වාසි බලාපොරොත්තු විය හැකි මාසයක් ද වන නිසා එවැනි දේ මිලදී ගන්න. පැවැති නාස්තිය වළකා ගෙන දියුණුවට මග පාදා ගැනීමටත් හැකි වේ. ඉඩමක් ගෙයක් නැතහොත් වෙනත් අවශ්‍යතාවයක් සඳහා ඔබ යමක් මිලදී ගැනීමට කටයුතු පිළියෙල කරගනී. පසුගිය මාසයේ බලපෑ ගැටලු රැසක් මෙම මස තුළ විසඳේ. සහෝදරයන් ගෙන් සහ අසල්වාසී මිත්‍රයන් ගෙන් උපකාර ද ලැබේ. අවුල් වියවුල් වලින් නිදහස ලැබේ. සිතට ප්‍රීතිය ඇතිවේ. සැනසිලි සහිතව කාලය ගතවේ. ශරීර ව්‍යායාම් වැනි දෙයට යොමුවේ. ශිල්ප කර්මාන්ත හස්ත කර්මාන්තවල යෙදෙන්නන්ට ද යහපත් පසුබිමක් ගොඩනැගේ.
ඔබ ඒ ඒ දිනයන්හි කරන කාර්ය කටයුතු අවහිර බාධා ප්‍රමාද වීමකින් තොරව සාර්ථක වී තම කැපවීමට ද නිසි තැන ලැබෙන ශුභදායී මාසයක් බවට මෙය පත්වන්නේය.
බොහෝ දුරට මෙහි දී සමාජයෙහි පිළිගැනීම ද ප්‍රසාදය ද ඇතිවේ. පවුලේ වාසනාවන්ත කාලයකි. ශරීර සනීපය ද යහපත් වේ. ගෘහ භාණ්ඩ ආදී තමාට අවශ්‍ය දේ සපයා ගැනීමට ලැබෙන නිසා සිත් සතුට ඇතිවේ. ගෙදර දොර පිරිසිදු කර ගැනීමටද ඇඳුම් පැළඳුම් පිරිසිදු කර ගැනීමටද ඉඩ ලැබෙන මාසයකි.
වෘශ්චික ලග්නය
ඉවසීමෙන් ක්‍රියා කරන්න
වෘශ්චික ලග්නය හිමි ඔබට මෙම මාසය සුබාසුබ මිශ්‍රපල උදා කරයි. ඔබගේ දෛනික කාර්යය කටයුතු විවිධ අවහිර බාධා ප්‍රමාදවීම් මධ්‍යයේ කර ගැනීමට සිදුවන බැවින් අවබෝධයෙන් ක්‍රියා කරන්න. නොසොයා නොබලා කටයුතු කරන්නට යෑමෙන් තිබුණු ගෞරව සැලකිලි වුව පිරිහී යෑමට ඉඩ ඇත. සැලසුම් කළ දෙයක් වෙනස්වී යෑමට ද පුළුවන. ඉවසීමෙන් සොයා බලා කටයුතු කළ යුතුය.
දුරදිග බලා නිසි කළමනාකරණයකින් වියදම් කරන්න. නැතහොත් ලැබෙන මුදල් අනවශ්‍ය ලෙස වියදම් වී යයි. අමතර මුදලක් වියදම් වීමටද ඉඩ ඇති මාසයකි. නොසැලකිල්ල හා වගකීම් රහිතව ක්‍රියා කිරීමක් මත තනතුරු නිලතල වරප්‍රසාද වැනි දෑ කප්පාදු වීමකට වුවත් ඉඩ කඩ ඇත. දෙස් විදෙස් රැකියා පොරොන්දුවලට අන්‍යයන්ට මුදල් දීමෙන් වළකින්න.
සුළු සුළු අසනීප ගති ශරීරය තුළ තිබෙන බව දැනෙයි. සිතට කනගාටු ඇතිවන කරුණු සිදුවේ. වැඩිපුර අනුන්ගේ වැඩට උදව් වීමට සිදුවේ. මහ රාත්‍රි නිදි වරාගෙන ප්‍රයෝජනයක් නැති ගමන් යාමටද සිදුවේ. සමහර විට එයින් සුළු විනෝදයක් පමණක් ඇතිවේ. වියදම් වැඩි වශයෙන් ඇති වන්නේ ලෝහ වර්ගවලට හෝ වාහනවලට හෝ ඒවාට අවශ්‍ය දේ මිලදී ගැනීමට හෝ මිස කෑම බීමවලට නොවේ. ඇතැම් විට දුර ගමන්ද කීපයක් යෙදෙයි. මේ ගමන් තනිවම යන ගමන් නොව හිත මිතුරන් හෝ මිතුරියන් හෝ අඹු දරුවන් සමග යන ඒවාය. වෙහෙස ඇති පාගමන්ද සමහරවිට යාමට සිදු වේ.
අවසන් දින 10 සුබදායි බවක් පෙන්නුම් කරයි. සාමාන්‍ය දියුණුව ද නියමයි. සතුරන් ඇතිවී විනාශ වී යත්. අලංකාර ලක්ෂණ භාණ්ඩ හෝ ක්‍රීඩා භාණ්ඩ වැනි දේ ලැබේ. තමාගේ වැඩ කටයුතුවලට හොඳ වැඩ කරුවන් ආධාරකාරයන් ලැබේ. ගෙදර දොර සැප පහසුවද ඇති වන ලෙසට යමක් සිදුවේ. නිතර ප්‍රීතිමත් ගමන් ඇතිවේ. ලියකියවිලි මගින් ප්‍රීතිය ඇතිවේ. අසල්වැසියන් ගෙන් හොඳ හිත ලැබේ.
කුම්භ ලග්නය
බුද්ධිමත්ව ක්‍රියා කරන්න
කූම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම මාසය සුබදායි අයුරින් ගතවේ. පොදුවේ ඔබ ඒ ඒ දිනයන්හි කරන කාර්ය කටයුතු අවහිර බාධා ප්‍රමාද වීමකින් තොරව සාර්ථක වී තම කැපවීමට ද නිසි තැන ලැබේ. එබැවින් ශුභදායී මාසයක් බවට මෙය පත්වන්නේය. මාසය ගත වීමට පෙර රැකියාවේ උසස් වීමක් හෝ අලුත් වෙනසක් නැතහොත් වෙළෙඳ ව්‍යාපාරයන්ට සම්බන්ධ ස්ථාන වෙනසක් ඇතිවන විශේෂ යමක් ද සිදුවේ.
එසේම ඔබගේ අනාගත දියුණුව සඳහා හිතවතෙකු ගෙන් හෝ ඥාතියෙකු ගෙන් විශේෂ උපකාරයක් අතහිත දීමක් ද ලැබෙයි. ඔබේ යහපත හා ප්‍රයෝජන සඳහා නව සබඳතා ගොඩනැගෙයි. පැතුම් ඉටු වෙතත් පමණ ඉක්මවා විශ්වාසය නොතබන්න. අලංකාරයටත් ප්‍රසිද්ධියටත් හේතු වන ද්‍රව්‍ය ලැබෙන කාලයකි. ශරීර සනීපය යහපත් වේ. ඥාති මිත්‍රයන් සමගත් උසස් අය සමගත් ආශ්‍රය ඇති වේ. වැදගත් අයගේ සැලකිලි ලැබීම් විශේෂයි. (රැකී රක්ෂා තනතුරු ආදිය සඳහා කැඳවීම් ලැබෙන මාසයකි) මුදල් ලාභ ද ලැබෙනවා ඇත. ප්‍රසිද්ධ වීමට කරුණු යෙදෙයි.
ප්‍රසිද්ධ තැන්වලට යාමට ඉඩ ලැබේ. සමාජයෙහි උසස් තැනක් ලැබේ. නම්බුව කීර්තිය ලැබෙනවා ඇත. උසස් අය පවා තමා සොයා ගෙන එනවා ඇත. නැතහොත් තමන් ගෙන් වැඩක් කරවා ගැනීමට පුළුවන. මෙම සුබපල වැඩි වශයෙන් ලැබෙන්නේ මාසේ අවසන් දින 15 තුළ පොදුවේ ඔබගේ ආර්ථික, රැකියා, ව්‍යාපාර හෝ ජීවනෝපාය මාර්ග සම්බන්ධ සිතට සතුට උපදවන යමක් ද සිදුවන්නේය.
භූගත සම්පත් සොයන්නන්ට මෙය ශුභ මාසයකි. ඉතා සතුටුදායක පරිසරයක කටයුතු කිරීමට ඉඩ ලැබෙන මාසයකි. සැලසුම් කළ පරිදි දෛනික කාර්යය කටයුතු ක්‍රමවත්ව කරගෙන යාමටත් කූම්භ ලග්නයෙන් උපන් අයට අවස්ථාව සැලසෙනු ඇත. පොදුවේ තමාට රහස් විරුද්ධකාරයන් ඇතිවන මාසයක් නිසා ඒ කෙරේ අවධානයෙන් පසුවන්න. මුල් දින 10 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභදායී වෙනස්කම් ඇති කළත් ඔබගේ හැසිරීම් රටාව අවංක නොවීමෙන් ප්‍රේම දිවියේත් යුග දිවියේත් අනවශ්‍ය ප්‍රශ්නයක් ද මතුවීමේ ඉඩක් පවතින නිසා ඉවසීමෙන් බුද්ධිමත්ව සිතා මීට අදාළ කටයුතු ක්‍රියවන්හි නිරත වන්න.
මීන ලග්නය
සතුරු කරදර
මීණ ලග්නයෙන් උපන් ඔබ මෙම මාසයේ දී සතුරු කරදර හා හදිසි පීඩා අනතුරු ආබාධවලින් මිදී කටයුතු කරන්න. ගෘහ ජීවිතයේ කටයුතු මෙන්ම තම රැකියා ව්‍යාපාරික කටයුතු හා අධ්‍යාපන, ඉපැයීම්වලට අදාළ කාර්යයන් සැලසුම් කළ පරිදි කරගෙන යාම අසීරුවේ. දුරදිග නොබලා ගන්නා තීන්දු තීරණවලින් වැළකිය යුතුයි. ඔබට මේ මස පුරාම මෙන් නිෂ්ප්‍රයෝජන හා වෙහෙසකර නිශ්ප්‍රයෝජන ගමන් බිමන් යෙදේ. සේවා ස්ථානයේ මෙන්ම ගනුදෙනුකරුවන් සමගත් අවුල් ඇති නොකර ගන්න.
විශේෂයෙන් ඔබ කරන කියන දේ මෙන්ම සැලසුම් කරන දේවල් ද වෙනස්වී යෑමටත් ඉඩ තිබෙන නිසා සිතට ආ පරිදි වැඩ කටයුතුවල නිරත නොවන්න. දුක් කනගාටු හිරිහැර ඇතිකළ හැකියි. ලේ දෝෂ, අධික රුධිර ධාවනය, ලේ උෂ්ණවීම්, උණ ආදී ආබාධ සහ අර්ශස් ආබාධ පැන නගින්නට පුළුවන. වංචාවලට අසුවිය හැකියි. සොර භයද ඇතිවේ. වෙහෙස ඇති දුර ගමන්ද යෙදෙත්. නීති විරෝධී වැඩ කිරීමටද සිදුවේ. නැතහොත් එවැනි වැඩ කරන අය හා මැදිහත්වන්නට සිදුවේ. හදිසි අනතුරුවලට ඉඩ තිබේ. වරින් වර අසතුටුදායක ආරංචි ලැබෙන මාසයකි. උත්සාහයේ තරමට ප්‍රතිඵල අත් නොවන මාසයක් බැවින් මුදල් ආයෝජනවලටත් එතරම් උචිත නොවේ.
මුල් සති දෙක තරමක් ශුභඵල සහිතයි. නොසිතන නොපතන පැත්තකින් යහපත් දෙයක් වුව සිදුවෙයි. ඔබට එහිදී අපේක්‍ෂිත මිල මුදල් ලාභ ලැබුණත් වියදම් ද ඒ අයුරින්ම ගෙනදේ. ගමන් බිමන්වලට අමතර මුදල් වැයවේ. කල්පනාවෙන් සැලසුම්සහගතව ඉපැයීම් මාර්ගවල නිරත වන්න. ආදායම් හොඳින් ලැබේ. කරගෙන එන කටයුතුවලින් මෙන්ම අනපේක්ෂිත ක්‍රමයකින් හෝ අනුන්ගෙන් ලාභ ලැබේ. එබැවින් ලාභ බලාගෙන කරන කටයුතුවලට එම සති දෙක යහපත් කාලයකි. ආදායම් වැඩිකර ගත හැකි මාර්ග ගැන කල්පනා වෙයි.
ඒත් සමගම අවසන් සති දෙක සමහර විට සුදුසු වයස නම් විවාහවීම, මංගල යෝජනා ඇතිවීම, අලංකාර වස්තු ලැබීම, උසස් අයගෙන්ද වැඩිහිටියන්ගෙන්ද ගරු සැලකිලි ලැබීම, ප්‍රසිද්ධවීම, දියුණුවට කටයුතු යෙදීම, දැනීම වැඩිවීම යහපත් මිත්‍රයන් ලැබීම, වැනි දේ සිදුවෙයි.
කන්‍යා ලග්නය
මිශ්‍ර ඵල ලැබේ
කන්‍යා ලග්නය හිමි ඔබට මෙම මාසය සුබාසුබ මිශ්‍රපල උදා කරයි. අවසන් දින 15 තුළ ඔබ ආරම්භ කරන කටයුතු වලින් ලාභ හා දියුණුව ඇතිවේ. ආගමික කටයුතු මෙන්ම පවුලේ යහපත වෙනුවෙන් ද යම් යම් පරිත්‍යාග හා ධනය ශ්‍රමය වැය කරයි. උනන්දුවෙන් රැකියා මෙන්ම අධ්‍යාපන ආදී කාර්යයන්හි නිරත වේ. දින ගණනක් තිස්සේ සැලසුම් කළ වැඩ කොටසක් ක්‍රියාත්මක කිරීමට අවස්ථාව සැලසේ.
ලොතරැයි වාසනා හදිසි මුදල් ලාභ වැනි දෙයක් ලැබේ. සිතට මෙන්ම කයට ද සැපවත් වේ. ශරීර සැපයට අවශ්‍ය දේ පහසුවෙන් ලැබේ. සිත් ප්‍රීතියෙන් කාලය ගත වේ. විනෝදදායක කාලයකි. මොන යම් ක්‍රමයකින් හෝ මහත් සතුටක් ඇති වීමට කරුණක් යෙදෙයි. එය ලාභයක් ලැබීම නිසා හෝ හිතවත් ඥාති මිත්‍ර සංගමයක් නිසා හෝ පස්කම් සැප ලැබීමක් නිසා හෝ විය හැකි සතුටකි. ලෙඩකින් පීඩා විඳිමින් සිටි කෙනෙක් නම් මේ දිනවල දී නිරෝගී වේ. ඔබ විවාහකයෙක් නම් මේ කාලයේ දී දෙදෙනා අතර හිතවත්කම් ළැදිකම් ආදර සම්බන්ධය වැඩි වේ.
මෙම මස මුල් දින 15 තුළ දී පසුගිය දිනවල නොතේරුම් කමින් හෝ නොසොයා නොබලා කළ වැඩ කටයුතු වලින් හා ගනුදෙනු ආදියෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පාඩු කරදර ඇති විය හැක. ඥානාන්විතව ක්‍රියා කරන්න. පොත පතට සිත යෙදුණත් අධ්‍යාපන කටයුතු මග හැරී යන්නේය. හුදෙක් යහළු යෙහෙළියන්ගේ වැඩ නිසාද මෙවැනි තත්ත්වයන් මතු වේ. යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවල දී අර්බුධ කාරී තත්ත්වයන් හට ගනී. අවස්ථාවාදීන්ගේ හා ප්‍රයෝගකාරීන්ගේ කූට උපක්‍රමවලට හසුවීමෙන් වැරදි ක්‍රියාවන්ට ද පෙලඹේ.
උසස්වීම් සඳහාත් මුදල් වියදම් කිරීම සඳහාත් ගන්නා උත්සාහයන් සහ කරන වැඩ රාජකාරිත් නිෂ්ඵලව යන්ට පුළුවන් නිසා එවැනි දේ මගහැර අවබෝධයෙන් කටයුතු කරන්න. වෛරස් උණ ආබාධයකට හෝ පිත් කෝප රෝගයකටද ඉඩ තිබේ. නැතහොත් ඇසක ආබාධයක් හෝ දත්වල දෝෂයක් දැනෙයි. තමාගේ තිබුණ හොඳ නාමය නැති වී යයි. මේ කෙරේ ඥානාන්විත වන්න. ඊට නතු නොවන්න. කෙසේ නමුත් මෙය ඔබට සුබපල වැඩි මාසයකි.
ධනු ලග්නය
වගකීමෙන් ක්‍රියා කරන්න
ඔබගේ ලග්නාධිපති ගුරු හා යෝගකාරක මෙම මස මුල්සති දෙක තුළ බලයෙන් යුක්තව හැසිරෙන බැවින් පොදුවේ මෙම මස මුල්සති දෙක තුළ පැවැති අසනීප තත්ත්වයකින් සුවය ලැබේ. දුර දිග බලා කටයුතු කරන නිසා වාසි කිහිපයක් සැලසේ. පවුලේ කෙනෙකු පිළිබඳ සතුටුදායක පුවතක් අසන්නට ලැබේ. හදිසියේම යොදාගත් කටයුතු කිහිපයකම සාර්ථක නිමාවක් දැකිය හැක. විදෙස් ගත ඥාතියකු ගේ පැමිණීමක් සිදුවේ. කලකින් නොදුටු හිතවතකු හදිසියේ මෙන් මෙහි දී හමුවේ.
පසුගිය දිනවල ගතට සිතට බලපෑ වෙහෙසකාරී ගති මෙහිදී පහව යයි. එසේම ගෙදර දොර සැප පහසුව වාසනාව ඇති වේ. හොඳ ආහාර පාන වර්ග ද ඇඳුම් පැලඳුම් ද ධාන්‍ය වර්ගද වැඩි උත්සාහයක් නැතිවම සපයා ගැනීමට ඉඩ ලැබේ. හිතවතුන් හිතවතියන් සමග විනෝද සවාරි යාමටද ඉඩ ලැබේ. අලංකාරයට ප්‍රසිද්ධියට කටයුතු කරන්න ඉඩ ලැබේ. මුදල් අතින් යහපත් වේ. පියාටද උසස් අයටද අයත් වස්තුව ලැබේ. එබැවින් ඒ ගැන උත්සාහ කළ යුතු කාලයයි. නොයෙක් දේ ලැබෙන්නට පුළුවන. උසස් අය ගෙන් සැලකිලි ද උපකාර ද ලැබෙනවා ඇත. හිත මිත්‍රයන් ගෙන් විශේෂ ආධාර ලැබෙන අතර අළුත් උසස් මිත්‍රයන් ද ආශ්‍රයට ලැබේ.
අවසන් සති දෙක අන්‍යයන්ගේ සිත් නොබිඳෙන ලෙසට කටයුතු කරන්න. හිතේ තිබෙන අදහස් මිතුරු මිතුරියන් සමග හෙළි කරයි. ඒ කෙරේ සමහර විට කේලාම් කියන්නෙකු මෙන් අන්‍යයන්ගේ දෝෂ දර්ශනයට වුව ලක් වේ. ශුභ ඵල හීන සති දෙකකි. වියදමට සරිලන ලෙසට මිල මුදල් නොලැබේ. මුදල් වියදම් නොකොට පැහැර හැරිය නොහැකි වැඩ ඔබ වෙත පැවරෙනු ඇත. රාජකාරියට අදාළ නොවන අවදානම් වැඩවල යෙදී කිසියම් අපහසුතාවකට පත් වන අවස්ථාද ඇති වේ. එනිසා ඔබ මෙහිදී කරන කියන අතගසන සම්බන්ධ වන සියලු වැඩ සැලකිල්ලෙන් සොයාබලා වගකීමෙන්ම කරන්න.
බෙන්තොට - හේමන්ත වීරසිංහ


