අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද?


 

 

 

පොදු තත්ත්වය:-   


අලුත් අවුරුද්ද උදාවන මොහොතට ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම පරිදි ඔබට මෙම අලුත් අවුරුද්ද වැඩි වශයෙන් ශුභඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. අප්‍රේල් මැයි ජුනි, ජූලි, අගෝස්තු මාසවලදී ඔබට තම කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාාන ශක්තිය පහළ වෙයි - මිල මුදල් අතින් අගහිඟ ඇතිවන්නේ නැත. අප්‍රසිද්ධ වශයෙන් නොව ප්‍රසිද්ධ වශයෙන් කටයුතු කර මුදල් උපයා ගැනීමට හැකිවෙයි. ඔබව සමාජයට ප්‍රිය වෙයි. පවුලේ වැඩිමල් සහෝදරාදීන් සමග පෙරට වඩා හොඳින් සම්බන්ධකම් පවත්වා ගනිමින් බලාපොරොත්තු කඩකර නොගෙන තත්ත්වය උසස් කර ගත හැක. 

 
අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:- 

 
මෙම වසරේ ඉහත සඳහන් මාසවල ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීමක් සිදුවෙයි. අලුත් වැඩ කටයුතුවලට හෝ රැකී රක්ෂාවලට බැඳෙන්නට පවා සිදුවන කරුණු ඇති කරයි. වෘත්තීය ජීවිතයෙහි බොහෝ වගකීම් ලැබෙනු ඇත. ආයතන කෙරෙන් හෝ සමාජීය වශයෙන් පාලකයෙකු හෝ නායකයෙකු වීමට ඔබ තුළ සුදුසුකම තිබේ නම් මෙම වසර තුළ එවැනි කාර්යයන් සාර්ථකව ජයගනු ඇත. 

 
මෙම වසරෙහි සෙසු මාසවලදී රාජකාරි ස්ථාන හෝ පදිංචිස්ථානද වෙනස් වේ. නැතහොත් රැකීරක්ෂා කටයුතුවල වෙනසක්වත් දක්නට පුළුවන. එසේම මේවායේ කාර්ය කටයුතු කෙරෙන් බාධක අවහිර අලාභ පාඩු උත්සාහයන්හි අසාර්ථක බව, වැනි අහිතකර බලපෑම් ඇති කිරීමේ පසුබිමක් මතුවන හෙයින් අවබෝධයෙන් ක්‍රියාකරන්න. වගකීමෙන් කටයුතු කරන්න.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට තරමක ගැටලුකාරී වාතාවරණයක් වසර ආරම්භයේ සිටම මෙන් ගොඩනැගෙන අතර තමා ඇසුරු කරන තැනැත්තා හෝ තැනැත්තිය සම්බන්ධව සැක සන්කා මතු වීමෙන් සමගිය සමාදානයටත් අහිතකර දෑ සිදුවේ. ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසු වන්න.   

 

 

 

පොදු තත්ත්වය:-   


වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අලුත් අවුරුද්ද උදාවන මොහොතට පවතින ග්‍රහ යෙදුමේ බලවත් හැසිරීම පරිදි සමස්තයක් වශයෙන් වසර පුරාවටම මෙන් ශුභ ඵල වැඩි වශයෙන් ගෙන දෙන බවක් පෙන්නුම් කරයි. රැකියා ලාභ නව පදවි ගෞරව මුදල් ලාභ ගෘහ ජීවිතයෙහි සතුටු සැප නීරෝග සුවය ලැබෙනු ඇත. සුවපහසු දෑ ලැබීම් රැකියා උසස්වීම් ගරු සැලකිලි අභිවෘද්ධිය හිමිවේ. විවාහයට යහපත් වේ. සිතුම් පැතුම් ඉටුවී මිතුරන් වැඩිහිටියන් හා සොහොයුරන් ආදීන්ගෙන් පවා ලාභ ප්‍රයෝජන සැලසේ. එනමුදු ඔබ කවර කටයුත්තකට හෝ තනිව නොයන්න. සමූහික කටයුතු හිතකර වනු ඇත. අලුත් දැන හැඳුනුම්කම් ඇති වේ. පුළුල් දැක්මක් මතු වේ. එහෙත් ආත්මාර්ථකාමයෙන් බැහැර වන්න. සියලු අතින්ම සරුසාර වේ. දරුවන් හෝ එක් දරුවකු හෝ නිසා කරදර ද දුක් ද හිමි වේ. එයට හේතුව අයිතිවාසිකම් ඉල්ලා සිටීම නිසාය.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් සිදුවෙයි. නැති වූ වස්තුව හෝ නැතිව ගිය රැකීරක්ෂා තනතුරු නැවත ලැබේ. සෑම දෙයින්ම ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. හිතවත් මිත්‍රයන් මිතුරියන් ලැබේ. දේපළ ඉඩකඩම් වලින් ආදායම් ලැබේ. අලුත් තත්ත්වයකට හෝ අලුත් තැනකට පත්වේ. තම බලය වැඩි වේ. සැනසිලිදායක ප්‍රීතිමත් වසරකි.   


තමා තුළ ඉගෙනීමට තිබූ ආශාව අඩුවන අතරම දක්ෂතා පෙන්වූ විෂයන්ට දුර්වලදායි බවක් පෙන්වන හෙයින් ඉගෙනීම් කටයුතු පසුබෑම්වලින් තොරව කරගෙන යන්න. හිතට කරදර ඇති කරයි.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


මෙම වසරේ ජූලි අගෝස්තු මාසවලදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ඇති කරන යම් යම් ප්‍රශ්නකාරී දෑ කෙරේ වඩාත් සැලකිල්ලෙන් විමසිල්ලෙන් පසුවන්න. ආලය පිළිබඳ කටයුතු වෙනස් වී යයි. එසේ නැත්නම් ඒවායෙන් හිතට කරදර ඇති විය හැක.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


මිථුන ලග්නයෙන් උපන් ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ සුබදායි හැසිරීම පරිදි ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබට පැහැදිලි සුබපල රැසක් ගෙනදෙනු ඇත. රැකියාව, ජීවනෝපාය, සමාජ තත්ත්වය මෙම වසර තුළ සාර්ථකත්වයට පත්වේ. කෙසේ නමුත් ඔබ මෙහිදී පරෙස්සමෙන් විමසිල්ලෙන් ගන්නා සැලකිය යුතු උත්සාහ තුළින් සෑහෙන දියුණුවකට පත්විය හැක. ප්‍රධානීන් වෙතින් කරදර හොඳ නම කෙලෙසීම රැකියා දේපළවලට හා දරුවනට විපත් පීඩා ඇතිවිය හැකි බැවින් අනුන් වෙත බලහත්කාරය යොමු කිරීමෙන් අහංකාරයෙන් පිම්බුණු මානයෙන් තොරව සිටින්න. ඒ නිසා නිසොල්මනේ සිතාබලා අනුන් සමග තරහ අමනාප ඇතිකර නොගන්න. කටයුතු කෙරෙහි පිළිගැනුමක් හෝ ඇති පැසසුම් හෝ ලැබිය හැකි වනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා එම කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම් අපේක්ෂා කළ පරිදි කරගෙන යෑමට, පවත්වාගෙන යෑමට පිළිවන්කම ලැබෙන බව කිව හැක. මෙම වසරේ මැයි - ජුනි මාස දෙකත් ජූලි මුල්සති දෙකත් තම අනාගත දියුණුව, අභිවෘද්ධිය වෙනුවෙන් ප්‍රයෝජනවත් වැඩ කටයුතු රාශියක් කරගැනීමට හැකි වන හෙයින් ඉන් නිසි ප්‍රයෝජන ගන්න. ඔබට මෙහිදී ලාභ අපේක්‍ෂාවෙන් කරන ඉපැයීම් හා ගනුදෙනු වලින් වාසි ප්‍රයෝජන අත්පත් වන්නේය. ආදායමෙහි වැඩි දියුණුවක් සැලසෙන අතර අයකර ගැනීමට ඇති මිල මුදල් පවා ලැබෙනු ඇත. විකිණීම්, මිලයට ගැනීම් වලින් ලාභ ප්‍රයෝජන අත්පත් වේ. කෙසේ නමුත් අවිස්වාස අය සමග ගනු දෙනු නොකරන්න.   


ප්‍රේමය සහ විවාහ දිවිය:-   


ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත් නොවුණත් මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයා බලා තීරණ ගන්න. මෙම වසරේ මැයි, ජූලි මාස අතර ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් බලපෑ බාධක ඉවත්ව ගොස් මීට අදාළ බලාපොරොත්තු ඉටුකර ගැනීමට පසුබිම සැකසේ.   

 

 

 

පොදු තත්ත්වය:-   


කටක ලග්නය හිමි ඔබගේ ලග්නනැකැත් අධිපතීන් හා යෝගකාරක ග්‍රහයින් සුබාසුබ මිශ්‍ර බලයෙන් සිටින මොහොතේ උදාා වන අවුරුද්දේ ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු කෙරෙන් සුබදායි ප්‍රතිපලදායි කාර්යයන් රැසක් සිදුවන අතර අවබෝධයෙන් කටයුතු කළහොත් අනාගත අභිවෘද්ධියට හේතුවන ප්‍රයෝජනවත් දෑ රැසක් ද ඉෂ්්‍්‍ඨ සිද්ධ කරගත හැක. සමෘද්ධිය හොඳනම අන්‍යයන්ගේ ගරු සැලකිලි ලැබීම ප්‍රීතිය ගෙදර ජීවිතයෙහි සතුට, වාසනාව, දේපළ වතුපිටි, ආදායම් වැඩිවීම, වන්දනා ගමන් හි නිරතවීම, ආත්මීය දියුණුව ගොඩනැගෙන අතර ඔබ නිරත ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කිරීමටත් ඔබට හොඳ වසරකි. ලිය කියවිලි ආගමික කටයුතු විදේශ සංචාර ආදියෙන් ලාභ ප්‍රයෝජන අත්වේ. නැතහොත් ව්‍යාපාර කොන්ත්‍රාත් වැනි දෙයෙහි වඩාත් නියැලෙනු ඇත. දැහැමි බව ඇති වී සිත පිබිදෙයි.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීමක් සිදුවෙයි. අධ්‍යාපන, ආර්ථික, රැකියා හා ව්‍යාපාරික කටයුතුවල ප්‍රගතියටත් මෙම අවුරුද්දේ ජූලිවලින් පසුකාලය සුබදායි වේ.   


ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන අවුරුද්දක් වේ. විනෝදය, විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දෙයක්ද මෙම වසර තුළ සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂාවන්ද ඉටුවන ලකුණු පහළ වේ. ඊට බල පෑ බාධා පහව යයී. 

 
ප්‍රේමය සහ විවාහ දිවිය:-   


මෙම වසර තුළ තමන් අදහස් කළ අන්දමට සැලසුම් කළ පරිදි ආදර කටයුතු හෝ විවාහ කටයුතු සිදුවීම නිසා සිතේ සහනය, සතුට ගොඩනැගෙයි. අවිවාහක අයට ඇතැම් හිතවතුන් හිතවතියන් මාර්ගයෙන් කිසියම් විවාහ යෝජනාවන්ද ගෙන දේ. ඔබට විරුද්ධ ලිංගිකයන් සමග විවිධ අයුරින් සම්බන්ධ වීමට, එකට කටයුතු කිරීමට අවස්ථාව වැඩි වශයෙන් ලැබෙන බැවින් යුග දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලදී වඩාත් කල්පනාකාරී වන්න.   

 

 

 

 

 

පොදු තත්ත්වය:- 

 
උදාවන්නාවූ නව වසර ඔබට ශුභ ඵල ගෙන දෙන අතර තමන්ගේ පරිපාලන නායකත්වය යටතේ පවතින හැම දෙයකම ප්‍රතිසංස්කරණයක් වැඩි දියුණුවක් ඇතිවෙයි. සමාජ සම්බන්ධකම්, සැලකිය යුතු පිරිස් ඇසුරට අවස්ථාව සැලසේ, විශේෂයෙන් ඔබ මෙම වසර තුළ බොහෝ අයගේ ප්‍රසාදයටත් පත්වන්නේය. බොහෝවිට ඔබට අන්‍යයන්ගේ සම්පත්වලින් ලාභ ප්‍රයෝජන හිමි වේ. හවුල් කටයුතු ව්‍යාපාරාදියට හොඳ අවුරුද්දකි. ජීවිතයෙහි අභිවෘදධියට අදාළ වෙනස්කම් ඇති වේ. අනාගතය හෙළි කෙරෙන සිහින දකිනු ඇත. නුවණැති දැහැමි ගැඹුරු අදහස් ඇති වේ. වන්දනා ගමන්හි යෙදෙයි. ආගමික පොත පත පළකර බෙදාහරිනු ඇත. ගුප්ත ඇදහිලි හා ආගමික විද්‍යා තුළින් ලාභ ප්‍රයෝජන ලබයි. නෑයන්ට උපකාරවත් වෙමින් හොඳ නම දිනා ගනියි. ගුප්ත විද්‍යා හා ආගමික අත්දැකීම් ලැබේ. මෙවැනි සුබපල සමගම මැයි, ජුනි, ජූලි මාසවල දුෂ්කර ගමන් නිසා වෙහෙස කායික හා මානසික කරදර මුදල් පාඩු හා ගමනෙහි අනතුරු පීඩා වැනි දේ වුවත් ඇති කළ හැකි බැවින් අවබෝධයෙන්, අවධානයෙන් කටයුතු කරන්න.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


ඔබගේ අධ්‍යාපන, රැකියා, ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලට, හෙවත් තමාට ලැබෙන හිමිවෙන ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට සම්බන්ධ කාර්යය කටයුතුවලට අදාළ අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් මෙම වසරේ අගෝස්තු වලින් පසු සිදුවෙයි. අධ්‍යාපනයන ලැබීමට හෝ ලැබූ ඉගෙනීම තව පුළුල් කර ගැනීමට හෝ විදේශයන්ට යනු ඇත. මූල්‍ය සම්පතක් කෙසේ හෝ උපයා සපයා ගත හැක. ණය මුදලකින් නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. පොදුවේ ඔබට මෙම වසරේදී ආර්ථික වශයෙන් අගහිඟතා ඇති නොවේ. මෙය ඔබේ රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාර දී කටයුතුවල කාර්යක්‍ෂමතාව සිදුවන වසරකි.   


ප්‍රේමය සහ විවාහදිවිය:- 

 
අප්‍රේල්, මැයි, ජුනි, ජූලි මාසවලදී ඥාතීන්ගේ හා සමීප මිතුරන්ගේ ඉල්ලීම වැඩිවීමෙන් ඒවා සපුරාලීම අසීරුවීම නිසා ඇතැම් සබඳතා කෙළවර විය හැක. යුග දිවිය පවා වෙනස් වී යා හැක. එකට වැඩ කරන අය පවා පෙර මෙන් නොව බොහෝ ප්‍රශ්න මතු කළ හැක. යුග දිවියෙහි අසමගිතා ඇතිවිය හැක.   

 

 

 

 

 

පොදු තත්ත්වය:-   


කන්‍යා ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති බුද හා ලග්න නැකත් අධිපතීන් අප්‍රේල්, මැයි, ජූනි මාසවල තරමක් දුර්වලව හැසිරීම උඩ උදාවන මෙම වසර තුළ ඔබට සිය කාර්යය කටයුතු සිතැඟි පරිදි උද්යෝගිමත්ව කරගෙන යාමට හැකි වන්නේ එම මාස තුන ගතවීමෙන් පසුවය. ඥාාණ ශක්තිය හා ධාරණ ශක්තිය යහපත් අතට හැරේ. උරුම හිමිකම් හා අන්‍යයන්ගේ මුදල් ප්‍රදානයන් ලැබෙනු ඇත. බිරිඳගේ මව් පිය ඥාතීන්ගෙන් ලාභ ප්‍රයෝජන හිමි වේ. කෙසේ වෙතත් ඔබේ ප්‍රිය මනාප අයෙකුගේ මරණය මෙම වසරේදී සිදුවිය හැක.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:   


ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලට, හෙවත් තමාට ලැබෙන හිමිවෙන ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට සම්බන්ධ කාර්යය කටයුතුවලට අදාළ අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් මෙම වසර තුළ සිදුවෙයි. ඔබට ආර්ථික වශයෙන් අඟහිඟතා මෙම වසරේදී ඇති නොවන්නේය. එසේම ආදායම් වැඩිකර ගැනීමටත් ඔබ වෙහෙසී ක්‍රියා කරයි. ස්ථිර ලෙස ආදායම් ලැබෙනසේ කටයුතු පිළියෙල කර ගනී. අනවශ්‍ය වියදම් සීමා වී මූල්‍ය පාලනයක් සිදුවන වසරක්ද වේ.   


පවතින තත්ත්වයට වඩා රැකියාවේ හා ව්‍යාපාරික කටයුතු කෙරෙන් ප්‍රගතියක් සැලසෙන්නේය. මෙම අවුරුද්ද විවාහය, හවුල් කටයුතු සහ කොන්ත්‍රාත් සඳහා ශුභදායක වේ. ජනතාව නිසා ලාභද, අන්‍යොන්‍ය සබඳතා හා උපකාරද හිමි වේ. එහෙත් අනෙක් අයගේ සහාය ඔබට ඇවැසි වේ. එය ඔවුන්ගෙන් ලැබේ. නීතිඥයන්, වෛද්‍යවරුන් හා වෙනත් උපදේශකයන්ගේ සේවා ලබා ගැනීමට යහපත් කාලයකි. සිවිල් නඩු ඔබගේ වාසියට විසඳෙනු ඇත.   


ඒ එසේ නමුත් ඔබට හිමි පමණට වැඩි දෙයක් ලබා ගැනීමට තැත් නොකරන්න. ඔබට ලැබෙන්නට ඇති දෙය ගැන අධි තක්සේරු නොකරන්න. එය ඔබ කරදරයට විපතට හෙළනු ඇත. විදේශිකයෙකු සමග ඇති සමීප සබඳතා හෝ හවුල්කාරකම් නැතහොත් විරුද්ධ ලිංගිකයන් සමග පවත්වන පුළුල් සබඳතා ඔබගේ යහපත සඳහා වනු ඇත.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


ඔබට මෙම වසර තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් අයහපත්ම නොවුණත් 2022 මැයි සිට රාහු - කේතු අසුබව ගමන් කරන නිසා මීට අදාළ කටයුතුවලදී හොඳින් සොයාබලා තීරණ ගන්න. මෙම වසරේ අවසන් මාස 6 තුළ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිත් තැවුල් මතු වන දෑ වුවත් සිදුවේ. එම නිසා යම් යම් අය ඇසුරු කිරීම්වලදී කල්පනාකාරී වන්න.   

 

 

 

 

 

පොදු තත්ත්වය:-   


තූලා ලග්නයෙන් උපන් ඔබගේ යෝගකාරකයින් මෙන්ම ලග්න නැකත් අධිපතීන් සුබාසුබ මිශ්‍රව වසර පුරාවටම ගමන් කිරීම මත ඔබට මෙම උදාවන අලුත් අවුරුද්ද ශුභ ඵල මෙන්ම අශුභ ඵල මිශ්‍රව ගෙනදෙනු ඇත. මෙම වසරේ ජූලි වලින් පසු කාලය තුළ ඔබේ කටයුතු නිසියාකාරව කර ගැනීමේ ඥාාන ශක්තිය පහළ වෙයි- සතුරු කරදර පහව යයි- කාර්ය ශූරත්වය ඔබ වෙත ඇති වන නිසා සාර්ථකත්වයට එම කාලය තුළ පත්වේ.   


ඔබගේ පෞද්ගලික දියුණුවට අදාළ කවර කටයුත්තකට වුවද මෙතැන් සිට යහපත්ය. නිරෝගී සුවය, පුද්ගල දියුණුව, වගකීම් හා සේවය මෙමගින් දැක්වේ. ඉහත අංශයන්හි ප්‍රගතිය ඇති වේ. බලාපොරොත්තු පැතුම් ඉටුවීම රැකියා කටයුතු දියුණුවීම හෝ වඩා හොඳ වැටුප් සහිත නව රැකියා ලැබීම මෙහිදී අත්පත්වේ. ප්‍රධානීන්ගේ සහ යටතෙහි වැඩ කරන අයගේ අනුග්‍රහය නිසා ඔබ යහපත් තත්ත්වයකට පත්වනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


මෙම වසරේ අවසන් මාස හත තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධවීමක් සිදුවෙයි. වැඩ කටයුතු සිද්ධ වේ. නැවතී තිබුණ කටයුතු නැවත පටන් ගැනේ. නොයෙක් කටයුතුවලින් ලාභ ලැබේ. ආදායම් හොඳ වේ. වෙ​ෙළඳ ව්‍යාපාරවලින් ලාභ ලැබේ. දියුණුවට මඟ සැලසේ.   


අප්‍රේල්, මැයි, ජුනි, ජූලි, අගෝස්තු මාසවලදී ගෘහ ජීවිතයෙහි කවර ගැටලුවක් වුවද එය බරපතළ විය හැකි බැවින් ඉවසිලිමත්ව සන්සුන්ව විසඳාගන්න. ගෘහ ජීවිතයෙහි සබඳතා යළි සකසා එකලස් කර ගනිමින් ලොකු අවුල් වළක්වා ගැනීමට එය හේතු වනු ඇත. ආපසු ගෙවීම් අළුත්වැඩියා ආදිය නිසා නිවාසය මහත් කරදරයක් වනු ඇත. කලින් නොවිසඳුණු අතීත සිදුවීම් යළි මතුවී එනු ඇත. කෙසේ වෙතත් මෙය ඒවා විසඳා ගැනීමට විශේෂයෙන් හොඳ කාලයකි.   


ප්‍රේමය සහ විවාහ දිවිය:-   


ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවන හෙයින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඇසුරු කළ විරුද්ධ ලිංගිකයා සමග අවුලක් හෝ ආශ්‍රය කළ හිතවතුන් සමග අමනාප වීමක් මුල්කොට තමාට සිටි තැනින් ඉවත්ව යාමටද සිත් දෙන හෙයින් ආවේග පාලනය කරගැනීම වටී.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


අලුත් අවුරුද්ද උදාවන මොහොතට ඔබගේ ලග්න නැකැත් අධිපතීන්ගේ හා යෝගකාරක ග්‍රහයින්ගේ හැසිරීම බලයෙන් යුක්ත හෙයින් ඔබට මෙම අලුත් අවුරුද්ද වැඩි වශයෙන් ශුභඵලදායි බවක් පෙන්නුම් කරන්නේය. සිතේ සතුටට කටයුතු පිළියෙල වන්නේය. උත්සාහයන් හි ප්‍රතිඵල කෙසේ හෝ ලැබෙන යහපත් වසරක් බවට පත්වේ. මෙය සිතෙහි දිනපතා මුහුණවරද ආසන්න වටපිටාවද යන කරුණු යහපත් වැඩදායක ලෙස යොදා ගැනීමෙන් දෛනික ජීවිතයෙහි ප්‍රයෝජන සඳහා ගත හැක. ඔබට තේරුම් නොවුණද විශාල වෙනස්වීම් පැවැතිය හැක. පවුලේ අය හා සමීප මිතුරන් සමග කරදර ඇති කිරීමෙන් ඔබ දොම්නසට හා අධෛර්යයට පත්විය හැකි වුවත් එහෙත් යහපත් ආශ්‍රය හා ප්‍රයෝජන සඳහා ඒවා පාලනය කර ගන්න. සාර්ථකත්වය ප්‍රසන්න කටයුතු සේවය සැලකිල්ලට ලක්වීම සතුටුදායක සිදුවීම් මෙම අවුරුද්දේ දී ඔබට අත්විඳින්නට ලැබෙනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලට, හෙවත් තමාට ලැබෙන හිමිවෙන ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට සම්බන්ධ කාර්යය කටයුතුවලට අදාළ අපේක්ෂිත අරමුණු සැලසුම්වල කාර්යය සාධනය වන වසරකි. විකිණීම්, මිලයට ගැනීම් ආදියෙන් ලාභ ප්‍රයෝජන සැලසේ. හදිසි ධන ලාභාදිය වුවත් ලැබීමටද ඉඩ ඇත. මෙය ඔබේ රැකීරක්‍ෂා, වෙළෙඳ ව්‍යාපාරා දී කටයුතුවල කාර්යක්‍ෂමතාව සිදුවන වසරක් ද වන අතර ආයතන තුළ ඔබට තනතුරු නිලතල හෝ යම් යම් වරප්‍රසාද හිමි වුවත් ඒවායේදී යම් යම් සතුරු කුමන්ත්‍රණ එල්ලවීමේ ඉඩක්ද ඇත. ස්වයං හා හවුල් ව්‍යාපාරාදී කටයුතුවල දියුණුව ද ඇති වේ.   
සමස්තයක් වශයෙන් ඔබට මෙම අවුරුද්දේ දී දරු ලාභ මුදල් ලාභ සතුට යහපත් අය සමග මිත්‍රතාව රජයෙන් අනුග්‍රහ සතුරු පරාජය දේපළ වැඩිවීම දැනුම වැඩිවීම ප්‍රධානීන්ගෙන් ලාභ ප්‍රයෝජන සාර්ථකත්වය ලබාදෙන අවස්ථාවන්ද උදා කරයි.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


මෙම වසර තුළ ඔබ පහසුවෙන් විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ෂණයට ලක්වේ. එසේම ප්‍රේම සබඳතා හා විවාහ දිවිය කෙරෙන් පැවති ගැටලු නිරාකරණය වනු ඇත. මේවා කෙරෙන් බලපා තිබූ යම් යම් අවුල්සහගත තත්ත්වයන් පහව යයි. සාර්ථක විවාහ තීන්දු තීරණ ගැනීමටත් ඉඩකඩ සැලසේ. කල්ගත වූ විවාහ ගිවිසුම් ස්ථීර තහවුරු වන්නේය.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


ධනු ලග්නය හිමි ඔබගේ ලග්නාධිපති හා ලග්න නැකත් අධිපතීන් පීඩාවකින් තොරව සිටින මොහොතේ උදාවන මෙම අවුරුද්ද වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙල වන්නේය. එසේම මෙය ඔබ කරන කියන කටයුතු සපල වන්නාවූ වසරක්ද වනු ඇත. සාමකාමීව සිටීමට හා ස්ථාවරත්වයට යහපත් වූ වසරකි. නිවෙස, පවුල, පුද්ගල ජීවිතය වාහන මෙම කාලයෙහි වැඩිදියුණු වේ. දේපළ මිලට ගනු ඇත. නිවෙසට අලුත් කොටසක් එකතු කිරීම හෝ තිබෙන කොටසක් වෙනස් කිරීම හෝ ගෙදර වට පිටාව සකස් කිරීම හෝ සිදු කරනු ඇත. දේපළ සඳහා කරන ආයෝජනයෙන් මහත් වාසි අත්වනු ඇත. ගෘහ ජීවිතය යහපත් සතුටු ලැබ දෙනු ඇත. පවුලේ අයගේ කරුණාව හා යහපත් සහයෝගය ලැබේ.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු හා කාර්යයන් හි අපේක්ෂිත අරමුණු සැලසුම්වල උත්සාහයන්හි සාර්ථක බව ඇතිකොට ඊට අදාළ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධවීමක් සිදුවෙයි. මෙම වසර තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදාවේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩ ප්‍රස්ථා සැලසේ. ගත වූ වසරට වඩා මෙම වසර තුළ උනන්දුවෙන් උද්යෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ.

   
ප්‍රේමය සහ විවාහදිවිය:-   


ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තමා ඇසුරු කරන පෙම්වතා, පෙම්වතිය සමග ප්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකි වනු ඇත. ප්‍රයෝජනවත් පෙම් සබඳතා ඇති වේ. විශේෂයෙන් මෙම වසර තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇතිවේ. ඇතැම් දරුවන් ඔස්සේ ප්‍රීතිය ලාභ හා ආදරය මෙම වසර තුළ හිමි වන අතර කුලුඳුල් දරුවා ලැබීම පවා සිදුවනු ඇත. එක් දරුවකු නිසා සිත් තැවුල් ඇතිවිය හැක. ඔහු අයිතිවාසිකම් ඉල්ලා සිටීම නිසාය.   

 

 

 

 

 

පොදු තත්ත්වය:-   


මකර ලග්නයෙන් උපන් ඔබගේ ග්‍රහ බලයද උදාවන නව වසරේදී ශුභාශුභ මිශ්‍ර අයුරින් බලපවත්වන නිසා අනපේක්‍ෂිත හා බලාපොරොත්තු රහිතව යම් යම් ඵල ප්‍රයෝජනයන් සැකසෙන්නේය. එනමුදු ක්‍රියාශූරත්වයෙන් කටයුතූ කළ යුතු වසරකි. හදිසියට කලබලයට තීන්දු තීරණ නොගන්න. වසරේ මුල් මාස හයට වඩා අවසන් මාස හය සැනසිලිදායක බව ඇතිවේ. ඉඩ කඩම් වාහනද මිලට ගැනීමටත් හැකිවෙයි. ඔබගේ ගෘහ ජීවිතයද වාසනාවත් විය හැක. මවගෙන්ද නඩුවලින්ද ලාභ වාසි හිමිවනු ඇත. ඔබ අරඹන පටන්ගන්නා බොහෝ වැඩ කටයුතු රාජකාරීන් හි යහපත සැලසෙනු ඇත.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:   


මෙම වසර තුළ ඔබගේ අධ්‍යාපන රැකියා ව්‍යාපාරාදී කාර්යයන් මෙන්ම ධනෝපායන මාර්ගවලටත්, ලැබෙන හිමිවන ආර්ථික ලාබ ප්‍රයෝජනාදියට අදාළ කාර්යය කටයුතු වලටත් මෙම වසරේ මුල් මාස පහ සුබදායි වේ. තමා නිරත රැකීරක්‍ෂා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවල ඔබට එම කාලය තුළ උනන්දුවෙන් අධිෂ්ඨාන ශීලීව නිරත වීමට වාතාවරණය සැකසේ. ආර්ථික සහන ඔබට හිමිවනු ඇත. එහෙත් ඔබ වසර පුරාවටම ගනු දෙනුවලදී හා මුදල් පරිහරණයේදී කල්පනාකාරී වන්න. ඔබේ රැකීරක්‍ෂා රාජකාරියට පිඩාකාරී තත්ත්වයක් මෙම වසර තුළ ඇති නොවුණත් ආයතනය තුළ අනවශ්‍ය අය සමග කටයුතු නොකිරීමට සැලකිලිමත් වන්න.   
ළඟපාත අසල්වැසි ඇසුර වැඩි කරන්න. ලිපිලේඛන හා අදහස් හුවමාරුවෙන් ලාභ ලැබේ. යහපත් ගමන් ඇති වේ. සොයුරු සොයුරියන් ආදීන් සමග සුහද සබඳතා වැඩිදියුණු වී ඔවුන් ඔස්සේ ලාභ ප්‍රයෝජන අත්වේ.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


ඔබගේ ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ්‍ර බවක් ඇතිවන්නේය. නව වසර තුළ ආදර සබඳතාවකට හෝ විවාහ ගිවිසුමකට පසුබිම සැකසුනත්, බාහිර කරදර බාධාවන් මතුවීමෙන් මෙවැනි දෙයට අදාළ සැලසුම් යෝජනා වෙනස්වීමකට වුව ඉඩ යෙදේ. කෙසේ වෙතත් ප්‍රේම දිවිය සහ විවාහ දිවිය සාමාන්‍ය පරිදි ගතවේ. ගමන් බිමන් විනෝද චාරිකාවක් මගින් හදිසි දැන හැඳිනුම් ඇතිවන වසරකි.   

 

 

 

පොදු තත්ත්වය:-   


සමස්තයක් වශයෙන් බලන කල ඔබගේ ග්‍රහ ගමන බලවත්ව පවතින මොහොතේ උදාවන නව වසර සැලසුම් සාර්ථක කර ගනිමින් ප්‍රයෝජනවත් දෑ ඇරඹීමටත් හැකි වන්නේය. එසේම මෙම වසර තුළ ඔබගේ අත්‍යවශ්‍ය වැඩ කටයුතු කෙරෙන් ද ප්‍රගතියක් ඉදිරියට යෑමක් ද සිදුවෙයි. විශේෂයෙන් පූර්ව සූදානමකින් විමසිලිවන්තව කටයුතු කළහොත් අතපසු වූ වැඩකොටස් රැසක් කර ගැනීමටත් ඔබට මෙහිදී අවස්ථාවක් සැලසේ. සැලසුම් ක්‍රියාත්මක කිරීමෙන් ලාභ ප්‍රයෝජන ලැබෙන වසරකි. බලයද හොඳ නමද හිමි වේ. යහපත් මිතුරු සබඳතා සඳහා යහපත්ය.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:   


ගත වූ වසරට වඩා මෙම වසර තුළ ඉගෙනීම් කටයුතුවල සාර්ථකත්වයක් ගොඩනැගෙයි. දෛනික මූල්‍ය අවශ්‍යතා සපුරා ගත හැක. යම් යම් ආර්ථික ලාභ ලැබෙන්නට තිබූ මාර්ග ක්‍රමයෙන් හෙළිපෙහෙළි වේ. ඔබ මෙම වසරේදී කැපවීමෙන් රැකීරක්‍ෂා ව්‍යාපාරයන් හි නිරත වන අතර, රැකියාවේ තරමක ප්‍රගතියක් ද අත්පත්කර ගැනීමටත් හැකිවේ. උත්සාහය අත් නොහැර ක්‍රියාශීලීභාවයෙන් කටයුතුවල නිරත වුවහොත් නව රැකියා අවස්ථා හා රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුව ද සලසා ගැනීමට පිළිවන. දෙස් විදෙස් රැකියා පොරොන්දු ඉටුවන වසරකි. 

 
මුදල්, ධනය, බඩු භාණ්ඩ හිමිකර ගනිමින් ගෘහ ජීවිතයෙහි සතුටු වාසනා විඳීමට හැකි වනු ඇත. සතුරු පරාජය, පුත්‍ර ලාභ, නව පදවි හා රැකියා ලාභ ඇති වේ. භෞතික අයිතීන් හා සම්පත් සඳහා මෙම වර්ෂය ශුභදායකයි. මුදල් ලාභ ලබාගත හැක.   


ඔබ තම රැකියා ව්‍යාපාරාදිය වෙනුවෙන් බෙහෙවින් උනන්දුවකින් යුතුව කටයුතු කරන වර්ෂයක් වේ. විනෝදය, විවේකය ගැන නොසිතා රැකියාව කෙරේ ක්‍රියාශීලීභාවයෙන් කටයුතු කොට රැකියා ව්‍යාපාරාදියේ වැඩිදියුණුවක්, ස්ථාවරභාවයක් සකසා ගනී. ආයතන ප්‍රධානීන්ගේ පැසසුමට ලක්වන දෙයක්ද මෙම වර්ෂය තුළ සිදුවේ. විදේශ රැකියා අපේක්‍ෂාවන්ද ඉටුවන ලකුණු පහළ වේ. ඊට බල පෑ බාධා පහව යයි.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


ප්‍රේම සබඳතා, විරුද්ධ ලිංගික ඇසුර මැනවින් ගොඩනැගෙන වසරක් වුවත්, ඔබ නොසොයා නොබලා හදිසි තීන්දු තීරණ ගෙන ක්‍රියා කරන්නට යෑමෙන් අනවශ්‍ය මෙන්ම අනපේක්‍ෂිත ප්‍රශ්නයන්ට ලක්වීමට ඉඩ ඇත. අවිවාහකයනට යෝජනාවක් හෝ හදිසි හමුවීමක් හේතුකොට ගෙන විවාහ ගිවිසුමකට වුවත් සම්බන්ධවීමේ ඉඩ ප්‍රස්ථාව සැලසෙයි. ගත වූ වසරට සාපේක්‍ෂව ප්‍රේම දිවිය හා යුග දිවිය සාමාන්‍ය මට්ටමෙන් තෘප්තිමත් භාවයට පත්වේ.   

 

 

 

 

පොදු තත්ත්වය:-   


විශේෂයෙන් මීන ලග්නයෙන් උපන් ඔබට 2022 වසරේ ජූලි තෙක් විවිධ අවහිර බාධා ප්‍රශ්නකාරී ගති මධ්‍යයේ සිය කටයුතු කරගෙන යාමට සිදුවන බැවින් උපේක්‍ෂාවෙන් සිතා කටයුතු කරන්න. එතැන් සිට තම වැඩවලට අන්‍යයන්ගෙන් අපේක්‍ෂා කරන සහයෝගය නිසි පරිදි ලැබෙනු ඇත. අලුත් අත්දැකීම් ලැබිය හැකි බැවින් ඉගෙන ගැනීම සඳහා යහපත් කාලයකි. බොළඳ හෝ අගතිගාමී හෝ නොවන්න. එසේ වුවහොත් අවාසිසහගත අවස්ථා ඇති වේ. අනුන්ගෙන් උපකාර ලැබෙනු ඇත. ඔබේ සිත්ගත් හෝ ඔබ සමග කටයුතු කරන අය හෝ අන්‍යෝන්‍ය සහයෝගයෙන් ඔබට හිතකර ලෙස වැඩ කරයි.   


අධ්‍යාපනය - ආර්ථික හා රැකියාවේ තත්ත්වය:-   


සහජ දක්‍ෂතා දියුණුකර ගැනීමටත්, වෘත්තීය පාඨමාලාවන්ගෙන් හැකියා කුසලතාවයන් පෙන්වීමටත් ඉඩකඩ ලැබේ. අධ්‍යාපනය බාධාවකින් තොරව කෙරෙනු ඇත. ආර්ථිකමය ලාභ ප්‍රයෝජන සැලසේ. ණය ගනුදෙනු බලාපොරොත්තු සාර්ථකවීම ද සිදුවේ. ඔබට මෙම වසරේ ජූලි මාසය පසුවීමත් සමග මූල්‍ය සැලසුම් හා අපේක්‍ෂිත ආර්ථික ඉලක්ක සපුරා ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එසේම ඉපැයීම් මාර්ග ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාව සැලසේ. රැකියා ව්‍යාපාරික කටයුතු හොඳින් කෙරෙන වසරකි. නව රැකියා අවස්ථාවකටත් පසුබිම සැකසේ. විදෙස් රැකියා අපේක්‍ෂා ඉටුකර ගත හැකි වේ.   


පුද්ගල හිමිකම් පිළිබඳ අදහස් ඉටු වේ. මුදල් තත්ත්වය දියුණු වී ප්‍රසිද්ධිය ලැබෙනු ඇත. ක්‍රියාශීලීත්වය ඇතිවී උනන්දුව හා දැඩි උත්සාහය දක්වනු ඇත. බලවත් අය සමග ඇති සබඳතා වැඩිදියුණු වන අතර ඒ තුළින් ප්‍රයෝජන හිමි වේ.   


ප්‍රේමය සහ විවාහදිවිය:-   


ආදර සබඳතාවන්ට හා විවාහ යෝජනාදියට ශුභදායී වාතාවරණයක් ගොඩනැගුණත්, තමා ඇසුරු කරන තැනැත්තාට හෝ තැනැත්තියට සම්බන්ධව සැක සංකා මතු වීමෙන් සමගිය සමාදානයට අහිතකර දෑ සිදුවේ. එනමුදු අවිවාහක ඔබට විවාහ යෝජනා ගෙන එනු ලැබේ. ඔබගේ විවාහ දිවියේ හා ප්‍රේම දිවියේ කටයුතුවලට බලපාන රහස් කුමන්ත්‍රණ කෙරේ අවධානයෙන් පසුවන්න. විවාහ දිවියේ හා ප්‍රේම දිවයේ කටයුතු කෙරෙන් යහපත් වාතාවරණයක් ගොඩනැගෙන්නේ 2022 ජුනි මාසයේ සිටයි.   

 

 

ජ්‍යෝතිෂවේදී   
බෙන්තොට - හේමන්ත   
www.hirumadal.lk අපගේ වෙබ් පිටුවට පිවිසීමෙන් මෙවැනි ජ්‍යෝතිෂ ලිපි මෙන්ම සුබනැකැත් ආදී ඔබට වටිනා දෙවල් රැසක් ලබාගත හැක.