ලංකාවේ කොරෝනා එන්නත හදන කම්හල පල්ලෙකැළේට


(අජන්ත කුමාර අගලකඩ)   

ශ්‍රී ලංකාවේ කොරෝනා එන්නත නිෂ්පාදනය කිරීම සඳහා එකඟ වූ සිනොවැක් එන්නත් කර්මාන්තශාලාව මහනුවර පල්ලෙකැළේ ප්‍රදේශයේ ආරම්භ කිරීමට යෝජනා වී ඇත.   


කොවිඩ් මර්දන ‘‘සිනොවැක් එන්නත’’ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීමට සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින්, පසුගිය දා ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයට අනුමැතිය ලැබුණු අතර චීනයේ සිනොවැක් බයෝටෙක් සමාගම, කෙලු‍න්ලයිෆ් සයන්සස් සමාගම සහ රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සමාගම එක්ව එම එන්නත් නිෂ්පාදනය කිරීමට තීරණය වී ඇත.   

එන්නත් ලබා ගැනීමට ලොව පුරා දැඩි තරඟයක් ඇති වී තිබෙන බැවින් ඊට පිළියමක් ලෙස මෙම එන්නත් ලංකාවේ නිෂ්පාදනය කිරීමට රජය අපේක්ෂා කරයි.