“අවුරුදු සමය ගැන කතා කළොත් මගේ කුඩා කාලයේදී අම්මා එක්ක එකතු වෙලා කිරි ඉතිරූ හැටි සහ අනෙකුත් චාරිත්‍ර කළ හැටි මට හොඳට මතකයි. නෑගම් ගිය හැටි, හිස තෙල් ගෑමේ චාරිත්‍රය කළ හැටි මතකයි. ඒ අතරින් මගේ හොඳම මතකය තියෙන්නේ අපේ මුළු පවුලම එකතු වෙලා අවුරුදු සැමරූ හැටියි. මගේ අම්මා තාත්තා නංගි මල්ලි අක්කා ඇතුළු අපි ඔක්කොම අවුරුදු සැමරුවේ ආච්චි සහ සීයලාගේ ගෙදර. ඒක තමයි මට තියෙන සොඳුරුම අවුරුදු මතකය. අද අපි විවාහ වෙලා තැන් තැන්වල ජීවත් වෙන්නේ. ඉතින් එදා ඒ කාලය අපට ආයේ කවදාවත් ලැබෙන එකක් නැහැ. පොඩි කාලයේ අවුරුදු සැමරුව විදිහට තමයි අදත් මම ආස කරන්නේ. අපේ සීයා මියගියාට පස්සේ ඒ එකතු වීම ඈත් වුණා. ආච්චිත් අසනීප තත්ත්වයේ ඉන්නේ. මගේ අප්පච්චි සහ අක්කා ඇතුළු පිරිස අවුරුද්දට මාව බලන්න එනවා. මම අවුරුද්දට තුන් වතාවක් විතර ගමේ ගිහින් එන්න යනවා.
විවාහයෙන් පසු ජීවිතය ගැන කතා කළොත් අපි දෙන්නා එකතු වී පුළුවන් විදිහට අවුරුදු සිරිත් සමරනවා. කෑම මේසය පිළියෙල කරලා ගනුදෙනු කිරීම පවා අපි දෙන්නා කරනවා. ඉතින් පවුලේ දෙදෙනෙක් හිටියත් ඒ චාරිත්‍ර කළ යුතුමයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. නොනගතය වේලාවට අපි අනිවාර්යයෙන්ම පන්සල් යනවා. ගෙදරින් ගිහින් අවුරුදු දහයකට විතර පස්සේ තමයි මම විවාහ වුණේ. ඒ විදිහට ගෙවන ජීවිතයේදී සුළුවෙන් හෝ අවුරුදු සමරන්න ලැබීම මට නම් සතුටක්. පිටරටක සිට අවුරුදු සමරන්න ලැබුණු පළමු අවස්ථාව මේ 2025 වසරයි. සාජා සහ අබුඩාබිවලදී මට ඒ අවස්ථාව ලැබුණා.
රංගන ශිල්පිනියක ලෙස වෙනත් රටකට ගිහින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් එයාලාගේ සතුට විනෝදාස්වාදය වෙනුවෙන් මගේ සහෝදර තවත් කලා ශිල්පින් සමඟ එක්ව අපට මේ විදිහට සමරන්න ලැබීම මා ලැබූ භාග්‍යයක්. මගේ අම්මා තවමත් ඉන්නෙ විදෙස්ගත වෙලා. අම්මා වසර 13ක් විදෙස්ගතව හිටියත් මුලින්ම අපි ඔක්කෝමලා සුබ පතන්නේ ආශීර්වාද කරන්නේ අම්මාට. අම්මා ළඟ නැති වුණත්, අපි ළඟ අම්මා නැති අඩුවවත්, අපි නැති අඩුව අම්මාට දැනෙන්නවත් අපි ඉඩ තියලා නැහැ.
පිටරටක ජීවත් වුණත් අම්මා අවුරුදු චාරිත්‍ර සමරනවා. අප්පච්චිත් එහෙමයි. අපි අප්පච්චිට අලුත් අවුරුද්දට ඇඳුම්, කැවිලි, තෑගි අරන් යනවා. ඒ විතරක් නෙවෙයි, මගේ අක්කාට, බබාලාට තෑගි අරන් යනවා. ඒවා කරන්නේ හරිම සතුටකින්. ඒ වගේ අවස්ථාවක් අවුරුද්දකට එන්නේ එක වතාවයි. ඒක අපි පැහැර හරින්න හොඳ නැහැ.
අවුරුදු කාලයට සහ සහභාගි වූ අවුරුදු උත්සවවලදී මම වැඩිපුරම ඇන්දේ සරම සහ හැට්ටයයි. මගේ යාළුවෙක් ඇඳුම් නිර්මාණය කරනවා. එයා තමයි මට ඒවා නිර්මාණය කරලා දුන්නේ.
දුප්පත් පොහොසත් හැමෝගෙම නිවෙස්වල අයට අවුරුද්ද සතුටින්ම සමරන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැති බැරි කෙනකුට උදව් කරලා ඒ වගේ අය එක්කත් අවුරුද්ද සමරන්න පුළුවන් නම් ඒක අපි කරන යහපත් දෙයක්. ඉතින් එහෙම නම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.”
සඳුන් ගමගේ