තිතුළු තන්යාං හඳපාන්ගොඩ ශිෂ්‍යාව, මැලේසියාවේ ක්වාලාලාම්පූර්හිදී ජූනි මාසයේ පැවැත්වෙන ‘‘අන්තර්ජාතික කනිෂ්ඨ සංචාරක තානාපති’’ (World Junior Tourism Ambassador) තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ භාග්‍යය හිමිකර ගත්තාය.
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ 8 වසරේ ඉගෙනුම ලබන 13 හැවිරිදි තිතුළු ‘‘ලෝක සංචාරක තානාපති ශ්‍රී ලංකා - 2025’’ තරගාවලියේ ඔටුන්න හිමි කුමරිය ලෙස ද අභිෂේක ලැබුවා ය.
තිතුළු පාසල් කනිෂ්ඨ ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරන අතර, ඇය පාසල් නාට්‍යවල රංගන ශිල්පිනියක ලෙසත්, බාලදක්ෂිකාවක ලෙසත් කටයුතු කරන්නීය. කොළඹ රුසියානු සංස්කෘතික මධ්‍යස්ථානයේ බැලේ නර්තනය ප්‍රගුණ කරන ඇය, පියානෝ වාදනයට දක්ෂතාවක් දක්වන්නීය.
ලෝක කනිෂ්ඨ සංචාරක තානාපති තරගාවලියේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂිකා කන්චි ඒකනායක මහත්මිය
යටතේ තිතුළු මේ දිනවල පුහුණුවීම් කටයුතු සිදුකරනු ලැබේ.
සමන්ත යහම්පත්